ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇස ලංකාවට – මෛත්‍රී හමුවීමට සුදානම් !
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
අතර විශේෂ සාකච්ඡාවක් ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන බව දිවයින පුවත්පත
වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව කෙරෙහි බලපා ඇති තීරණාත්මක කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී
අවධානය යොමු කරන අතර සාකච්ඡාව මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට
පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාව සම්බන්ධ ජිනීවා යෝජනාව
පිළිබඳව මාර්තු 22 දා මානව හිමිකම් සමුළුවේදී යළි සාකච්ඡාවට ගැනීමට
නියමිතයි.
2015 ඔක්‌තෝබර් 1 දා ජිනීවා මානව හිමිකම් සමුළුව සම්මත කළ ජිනීවා යෝජනාව
අහෝසි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ට්‍රම්ප්ගෙන්
ඉල්ලා තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල්
කීපයක සංචාරය කිරීමට තීරණය කර ඇතැයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකා කැතරිනා
පියර්සන් විසින් ද පසුගිය දා හෙළි කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු
තානාපති කෙයින් හාපර් ද සිය ධුරයෙන් මේ අවන විට ඉල්ලා අස්‌වී තිබෙනවා.









0 comments