නතාෂා රට අත් හැර යන්න සුදානම්

නතාෂා පෙරේරා ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑ… හැබැයි අපි අද මේ කියන්න යන එකනම් අලුත්ම ආරංචියක්. නතාෂා රට හැරයන්න සූදානම් වෙනවලු. ඇය සහ ඇගේ සැමියා ප්‍රිහාන් පුවත්පතකට ඒ ගැන මෙහෙම කියලා තිබ්බා.
ඉතින් කොහොමද නතාෂා ?
සාමාන්‍ය විදියට ජීවිතය ගලා ගෙන යනවා
නතාෂා රට හැරයනවා කියලා ආරංචියක් ආවා ?
ඔව් ඒ ආරංචිය ඇත්ත.
කොහෙටද යන්නේ ?
ඕස්ට්‍රේලියාවට.
ස්ථිර පදිංචියටද ?
මම එහේ රැකියාවක් කරන්නයි යන්නේ. එතකොට කොහොමත් එහෙම වෙයි.
එතකොට ඔබේ සැමියා ?
එයත් මාත් එක්කම එනවා. ඒත් එයාගේ බිස්නස් ඔක්කොම ලංකාවේ තියෙන්නේ. එ නිසා එයාට නිතර ලංකාවට එන්න වෙයි.


0 comments