රටවල් රැසකට තවත් දරුණු සයිබර් ප්‍රහාරයක්
දරුණු සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇති බවට ලොව පුරා ආයතන ගණනාවක් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ මෙය පසුගිය මාසයේ දී එල්ල වූ රැන්සම්වෙයා හෙවත් කප්පම් සයිබර් ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් විය හැකි බවයි.
මේ වනවිට ලැබී ඇති වාර්තා අනුව අදාල සයිබර් ප්‍රහාරය මගින් ද කප්පම් ඉල්ලා සිටින පරිගණක මෘදුකාංගයක් මගින් ලොව පුරා දහස් ගණනක් පරිගණක පද්ධති අක්‍රීය වී ඇති බව සඳහන්.
මෙම සයිබර් ප්‍රහාරයට ලක් වූ බවට මුලින්ම නිවේදනය කළ ආයතන අතර බ්‍රිතාන්‍යයේ සමාගම් කිහිපයක් ද වනවා.
බ්‍රිතාන්‍යයේ ප්‍රචාරක ආයතනයක් වන ඩබ්ලිව්. පී. පී. ආයතනයේ තොරතුරු තාක්ෂණ පද්ධතිය සම්පූර්ණයෙන් ම බිඳවැටී තිබෙනවා.
යුක්‍රේනයේ චර්නොබිල් රාජ්‍ය බලශක්ති ආයතනය, කිව් ගුවන් තොටුපල ඇතුළු එරට ආයතන ගණනාවක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බවට නිවේදනය කර තිබෙනවා.
යුක්‍රේනයේ මහ බැංකුව ද ඊට ගොදුරු වී තිබීම විශේෂත්වයක්.
ඊට ගොදුරු වූ අනෙකුත් ආයතන අතර ‘ඇන්ටනොව්‘ ගුවන්යානා නිෂ්පාදන සමාගම සහ තැපැල් සමාගම් දෙකක් ද වන බව සඳහන්.
රුසියාවේ තෙල් සමාගමක් සහ ඩෙන්මාර්කයේ නාවික සමාගමක් ද නවතම සයිබර් ප්‍රහාරයට ගොදුරුවී ඇති බව එම සමාගම් විසින් නිවේදනය කර තිබෙනවා.
රුසියාවේ ආයතන දෙදහසකට පමණ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවට සැක කෙරෙන බවයි කැස්පස් කී විශ්ලේෂයකයින් සඳහන් කරන්නේ.
මෙම ප්‍රහාරයට ගොදුරු වූ අනෙකුත් රටවල් අතරට ස්පාඤ්ඤය, පෝලන්තය,නෙදර්ලන්තය, ප්‍රංශය ආදී රටවල් රැසක් පවතින බව සඳහන්.

0 comments