විශ්ව විද්‍යාල ආචාර්‍යවරු අවුරුදු කාලා හමාරයි.


විශ්ව විද්‍යාලවල අනධ්‍යන සේවකයින් විසින් සිදුකරමින් පවතින අඛන්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ට 
 සහ එහි සේවකයින්ට  වැටුප් සැකසීමේ කටයුතු අඩාල වීම නිසා සිංහල දමිළ අලුත් අවුරුදු සැමරීමේදී ආචාර්‍ය වරුන්ට බරපතළ ආර්ථික දුෂ්කරතා වලට මුහුණදීමට සිදුවනු ඇතැයි වාර්තා වේ. 


මේ වනවිට විශ්ව විද්‍යාල රැසක අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම කඬා වැටී ඇති අතර මෙම වර්ජනය දිගටම ක්‍රියාත්මක වනු ඇතැයි වාර්තා වේ. 

විශ්වවිද්‍යාල සේවක සංගමයේ  සම සහාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කර සිටියේ තම ඉල්ලීම් වෙනුවෙන් පසුගිය වසරේ එකගවූ දීමනාවන් හා අනෙකුත් ඉල්ලීම්  ක්‍රියාත්මක කරන ලෙසයි.  
 
විෂයභාර අමාත්‍යාංශය හා කොමිෂන් සභාව ලිඛිතව පොරොන්දු වුවත් එම කොන්දේසි වල බොහෝ කරුණු විදිමත්ව විසදීමට අපොහොසත් වී ඇති බවත්  මෙය  නැවතත් වෘත්තීය  සමිතිය අරගලයක් දක්වා තල්ලු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම වෘත්තීය අරගලය ආරම්භ වූ 28 වන දින සිට මේ දක්වා විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව ඊට මැදිහත් නොවූ බවද සඳහන් කළේය.
 
විශ්ව විද්‍යාල පද්ධතිය තවදුරටත් අකර්මන්‍ය නොකොට එම කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ පරිසරය නිර්මාණය කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මුලික වගකීම බවත් අත්සන් කරන ලද එකගතා ලියවිල්ලේ කරුණු ක්‍රියාත්ම කිරීමට කටයුතු කරන ලෙස බල කර සිටින අතර ඒ දක්වා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ  නිරත වන බවද ඔහු සඳහන් කළේය.

0 comments