Local - කොටකෙතන කතුන් 7ක් ඝාතනය කළ සැකකරු යළි රක්ෂිතයට

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පසුගිය කාලයේදී ඉතා අබිරහස් අයුරින් ඝාතනයට ලක්වූ කාන්තාවන් අතරින් හත්දෙනකු වරින් වර ඝාතනය කෙළේ යැයි සැකපිට දැනට රක්ෂිත භාරයේ සිටින කොටකෙතන පදිංචිකරුවකු වන ඒ.ජේ. නීල් ලක්ෂ්මන් නැවැත නොවැ. 29 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් ජනිතා රෝෂිණි පෙරේරා මහත්මිය ඊයේ (15) අධිකරණයේදී නියෝග කළාය.

එම ඝාතන හත අතරින් ඝාතන දෙකකට සම්බන්ධ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් දෙදෙනකු වන ඕපාතගේ ධනංජය මධුරංග සහ ඩබ්ලිව්.ඒ. ධනපාල දෙදෙනාද නොවැ. 29 තෙක් රක්ෂිත භාරයට පත්කරන ලෙස නියෝග කළාය.

0 comments