Showing posts with label Kik Media. Show all posts

රමණි බර්තොලමියුස්ගේ මරණයට කමල් අද්දරආරච්චි සැකකරුවෙකු වූ හැටි


පරණ කුණුකන්දල් ගොඩ ගැනීමට යනවා නොව නොදන්නා දෙයක් දැන ගැනීමට පමනි.🙄
1985දී මිස් ශ්රී ලංකා කිරුළ හිමි කරගෙන පසුව ටෙලි නාට්ය වලටද සම්බන්ධවූ 21 හැවිරිදි සුරූපි නිළි රමණි බර්තොලමියුස් හදිසියේ මරණයට පත්වූයේ 1987දීය.
එක්තරා රාත්රියක ඇයගේ නවාතැනට පැමිණි ඇයගේ පෙම්වතා බව කියූ ප්රකට නළු කමල් අද්දරආරච්චි ඈ සමග බහින්බස්වීමක් ඇති කරගත් බවත් පසුව කමල් කෝපයෙන් වාහනය එළවාගෙන එතැනින් පිටව යන්න හදද්දී එය වළක්වන්නට රමණී කමල්ගේ වාහනයට පැන්න බවත් වාර්තා වුණා. හිසේ ඇතිවූ තුවාලවලින් පසු ඇය දිනකට පසුව රෝහලේදී මරණයට පත්වුණා.
මෙම මරණය සිදුවූ ආකාරය ගැන විවිධ මත ඒ කාලයේ පැතිරුණා. කමල්ගේ වාහනයට නැගීමට තැත් කිරීමේදී ඔහු ඇයව තල්ලු කර දැමූ බව සමහරු කී අතර කමල්ගේ වාහනයට නැගීමෙන් අනතුරුව බහින්බස් වීමක් නිසා ඇය රථයෙන් පැන ඇති බවත් සමහරු කිව්වා. කලහකාරී ස්වරූපය නිසා ඔහු ආපසු යෑමට සැරසීමේදී ඇය රථයේ එල්ලීමෙන් මෙම අනතුර සිදුවූ බව වැඩිදෙනෙකු විශ්වාස කළ අදහසයි.
“මම වැඩ වගයකට ගිහින් රමණිව බලන්න එයාගේ ගෙදරට ආවා. මම එන්න හුගක් රෑ වුණා. ඒ ගැන රමණිට කේන්ති ගිහින් හිටියේ. ඒ පාර මම මගේ වාහනය හරවාගෙන ආපහු එන්න හදද්දී රමණි වාහනේ එල්ලිලා ඉන්න ඇති. එක පාරටම වැටෙන සද්දයක් ඇහිලා මම වාහනය නවත්තලා ගිහින් බලද්දී රමණි බිම වැටිලා හිටියා” කමල් මේ ගැන කියා සිටි අදහසයි.
ගම්පහ ප්රදේශයේ පදිංචිව සිටි රමණි බර්තොලමියුස් ටෙලිනාට්ය වැඩ සඳහා පහසු බැවින් කොළඹ රාජගිරිය ප්රදේශයේ කුලියට ගත් ඇනෙක්සියක තනිවම පදිංචිවී සිටියා. ඒ වන විට 21 හැවිරිදි වියේ පසු වූ රමණි 1985 වසරේදී ලක් රූ රැජින ලෙස කිරුළු පැළඳි පසුව ලෝක රූ රැජින තරගයටද ලංකාව නියෝජනය කළා රුවැත්තියයි.


ජනප්රියවූ භාග්යා නමැති ඒකාංගික ටෙලි නාට්යයෙන් ජනප්රිය වුනු රමනි ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ සැලළිහිණි ගම්මානය සහ යුගාන්තය යන චිත්රපටවලත්, ඉරට හඩන මල් , ටෙලිනාට්ය හා ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ මකරාක්ෂයා වේදිකා නාට්යයේත් රගපෑ ඇය කමල්ගෙ පෙම්වතිය බවට පත්ව මාස ගණනාවකින් පසු මේ අභාග්ය සම්පන්න ඉරණමට මුහුණපෑවා.
හිමකුමාරි ටෙලි නාටයේ කොටස් කිහිපයක රූගත කිරීම් සිදුවෙමින් පවතින කාලයේදී තමා ඇය මේ සිදුවීමට්ස් මුහුණ පාන්නේ. කමල් සමග ප්රධාන චරිතය ඇය නිරූපනය කළ එහි පසුව යශෝධා විමලධර්මයන් යොදාගෙන නිපදවා තිබෙනවා. යශෝධා සහ කමල් පසුව රගපෑ හිමකුමාරි ටෙලිනාට්ය ඔබට මතක ඇති.
වෛද්ය වාර්තාව
1987 ජූනි 29 වැනි දින පාන්දර රමණි බර්තොලමියුස් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන එනු ලැබුවේ කමල්ය.
හිසෙන් ලේ ගලමින් ඒ වන විට ඈ සිහිසුන් තත්ත්වයෙන් පසුවූවා. ඒ මොහොතේම ඇගේ හිස සැත්කමකට භාජනය කිරීමට වෛද්යවරු කටයුතු කළා. රමණිගේ දෙපතුල තෙක් විහිදී තිබුණු දිගු වරලස කපා ඇගේ පෙම්වතාගේ අතට දීමෙන් අනතුරුව ඔහු එය බදාගෙන වැළපෙන්නට වූ බවද වාර්තා වනවා.
ශල්යකර්මයෙන් පසු ඇයව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර කෘත්රිම ශ්වසන යන්ත්ර ආධාරයෙන් ඈ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණා. වෛද්යවරුන්ට ඇගේ ජීවිතය බේරාගැනීමට අමාරු තත්වයක ඇය සිටිය බව සදහන්.
මේ වන විට ඇගේ මොළය මිය ගොස් ඇති බව වෛද්යවරු සහතික කළා. මොළය මියගිය අයකු කෘත්රිම ශ්වසන යන්ත්රයකට සවිකර තිබිමේ ඵලක් නොමැත. මන්ද මොළය මියගිය පසුව කිසිම රෝගියකු ප්රකෘති තත්ත්වයට පත්වන්නේ නොමැති බැවිණි. මේ අනුව රමණි බර්තොලමියුස්ව කෘත්රිම ශ්වසන යන්ත්රයෙන් ගලවා ඉවත් කිරීමට තීරණය වුණා.
ඉන් පසුවයි ජූනි 30 වැනි දින රාත්රී 10.05 ට පමණ රමණි බර්තොලමියුස්ගේ අවසන් සුසුම් පොද වා තලයේ සැගව ගියා.
ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බව ප්රකාශ වුවද ඇත්ත වශයෙන්ම ඇයව මරණයට පත් කළාද, ඇය මියගියාද යනුවෙන් බොහෝදෙනකු තුළ කුකුසක් ඇති වුණා.
රමණි බර්තොලමියුස්ගේ පශ්චාත් මරණ වෛද්ය පරීක්ෂණය කොළඹ වෛද්ය විද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්ය විශේෂඥ පී.යූ. තෙලිසිංහට බාර විය. ඔහුගේ සහය පිණිස කටයුතු කළේ සහකාර අධිකරණ වෛද්ය නිලධාරී ආනන්ද සමරසේකරය.
ඒ වන විට 21 වැනි වියේ පසු වූ රමණි බර්තොලමියුස් අඩි 5, අගල් 8ක උසකින් යුක්ත විය. ඈ සැරසී සිටියේ රාත්රී නිදන ගවුමකිනි. ඇගේ හිස මුඩුකර තිබුණේ හිසෙහි ශල්යකර්මයක් සිදුකර තිබූ නිසාය. සැත්කම් ලක්ෂණ හැර ඇගේ අත් පාවල සීරීම් තුවාල දක්නට ලැබිණි. විශේෂයෙන් දෑතේ වැලමිට ප්රදේශවල තුවාල දැකගත හැකි වුණා. ඇගේ හිසේ තුවාල තිබුණේ හිසේ පැත්තකිනි. එනම් හිසේ පිටුපස තුවාල තිබුණේ නැත. හිසේ තිබූ තුවාලවල තැලීම් සහ අස්ථි භග්න දක්නට ලැබිණි. හිස් කබල බිඳී තිබිණි. මොළයට දැඩි සේ හානි සිදුවී තිබුණි. එනම් මොළයේ මරණීය තුවාල දක්නට ලැබිණි. ඇගේ තුවාලවල ස්වාභාවය පරීක්ෂා කිරීමේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් සිදුවී තිඛෙන බව පෙනිණි. ඇගේ හිසේ තුවාල අත් පාවල දැකිය හැකිව තිබූ තුවාල තවදුරටත් සියුම්ව විශ්ලේෂණය කිරීමේදී වාහනයක හැපීමෙන් පසුව වැටීමෙන් සිදු වූ තුවාලවලට එය අනුරූප විය. තුවාලවල ස්වභාවය සහ තුවාල පිහිටි ස්ථාන අනුව වාහනයෙන් තල්ලු කිරීමෙන් හෝ පැනීමෙන් සිදු වූ බවක් පෙනෙන්නේ නැත.
මේ අනුව අවසානයේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් හිස තුවාල වී මොළයට මරණය තුවාල සිදුවී රමණි බර්තොලමියුස්ගේ මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්යවරු නිගමනය කළා. අධිකරණ වෛද්ය වාර්තාව මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙය මනුෂ්ය ඝාතනයක් බවට මහේස්ත්රාත්වරයා නිගමනය කළා. ඇගේ පෙම්වතා වූ ජනප්රිය නළු කමල් අද්දරආරච්ච් ඒ අනුව පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු ඇයව රථයෙන් තල්ලු කිරීමක් සිදු නොවූ බව අධිකරණ වෛද්ය වාර්තාවෙන්ද පැහැදිලි කර තිබූ අතර එහි සිදුවූවා යැයි අනුමාන කළ හැකි එකම මතය වන්නේ යම් කලහකාරී සිදුවීමකින් පසුව කමල් ආපසු යෑමට සැරසීමේදී ඇය ධාවනය වූ රථයේ එල්ලීමෙන් බිමට වැටී තුවාල වූ බවය. ඔහු ලබාදී තිබූ කටඋත්තරය වූයේද එයමය. එය අධිකරණ වෛද්ය වාර්තාව සමග සැසඳී තිබුණා. අධිකරණ වෛද්ය වාර්තාවට අනුව රථයේ එල්ලීමේදී බිමට වැටුණා මෙන්ම වාහනයේ හැපීමෙන් බිමට වැටුණා විය හැකි බව ඔප්පු වුණා.
එහෙත් රටපුරා ඒ ගැන කතාවෙද්දී රමණීව කමල් මරා දැමූ බවට විවිධ චෝදනා පැතිරුණා. ඔහු අපරාධකරුවකු ලෙස හංවඩු ගැසුණා. ඒත් පොලිස් අත්අඩංගුවේ සිටි කමල්ට නඩු පැවැරීමට තරම් ප්රමාණවත් කරුණු වාර්තාවලින් ලැබී තිබුණේ නැත.
මේ අනුව රමණි බර්තොලමියුස්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඇගේ පෙම්වතාට නඩු පැවැරීම පිළිබඳව පියවර ගන්නට එවකට නීතිපතිවරයා මැළි වුණා.
ඔහු දැක්වූයේ කමල්ට ඇය මරා දැමීමේ චේතෙනාවක් නොතිබූ බවය. ඇයව මග දමා පළා යා හැකිව තිබුණත් රෝහලට රැගෙන ආවේ ඔහු විසින් වීම එය ඔප්පු කරන බව පැවසුණා. පශ්චාත් මරණ වෛද්ය පරීක්ෂණයේදී තහවුරු කර තිබුනේ් ඇයව වාහනයේ හැපීමෙන් බිමට වැටීමේදී තුවාල සිදුවී ඇති බවකි
මෙම සියලු තොරතුරු මත නීතිපතිවරයා ඇයව මරා දැමීමේ චේතෙනාවක් කමල්ට නොවූනිසා සාපරාධී ක්රියාවකින් සිදුවූ මරණයක් නොවන බවත් ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බවත් නිගමනය කළා.
එබැවින් රමණී බර්තොලමියුස් මරාදැමීමේ සිද්ධියට කමල් අද්දරආරච්චි නිදොස් පුද්ගලයෙක් බවට තීරණය විය. පොලිස් අත්අඩංගුවේ සිටි ඔහු කිසිදු සාක්ශයක් සහ කිසිදු නඩුවකින් තොරව නිදහස් පුද්ගලයකු ලෙස නිදහස ලැබුවා.
මුලු ලංකාවම සනසන්නට සිතා සිටි ඇය ලංකාවම හඩවමින් රමණි බර්තොලමියුස් බොරැල්ල කනත්තේ භූමිදානය කෙරුණා.




පසු කතාව..
මේ සිදුවීමෙන් පසුව රමණිගේ පවුලේ සියලු දෙනාම ඕස්ට්රේලියාවේ පදින්චියට ගිය බව සදහන්. ඒ වගේම කමල් අද්දරආරචිචි ඔවුන්ගේ දුක සැප බලමින් පවුලේ කෙනෙකු මෙන් සිටින බවද සදහන් වනවා.රමණිගේ උපන්දිනය දවසට අදටත් කමල් ඇගේ සොහොන වෙත එන බව සදහන් වනවා.
#prashan_malith

මහින්ද ගේ ගුණ වැයූ ගීතයක් ප්‍රචාරය කළාට වැඩ තහනමට ලක්වූ ප්‍රවීණ නිවේදිකා රම්‍යා ශ්‍රියානි යළි ජාතික ගුවන්විදුලියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ වැයෙන ලෙස නිර්මාණය වූ ගීතයක් අත්වැරදීමකින් ප්‍රචාරය කිරීම නිසා වැඩ තහනමකට ලක්ව සිටි ප්‍රවීණ නිවේදිකා රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය යළිත් සේවයේ පිහිටුවා තිබේ.

අැය සේවයේ පිහිටුවන ලෙස පාර්ශව ගණනාවක් ඉල්ලීම් කර තිබුනි.

දශක ගණනාවක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ හා ස්වදේශීය සේවා අසන්නන් අතර අතිශය ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිවේදිකාවක් වන රම්‍යා ශ්‍රියානි පතිරණ මහත්මිය නැවත සේවයේ පිහිටුවීම ගුවන්විදුලියට ආදරය කරන ශ්‍රාවකයන්ට සතුටුදායක පුවතක් වනවා නිසැකය.

අළුත් තැනක අළුත් විදියට ළඟදීම..

අළුත් තැනක
අළුත් විදියට
ළඟදීම..

ලේක් හවුස් සභාපති සංචාරක ප්‍රධානියා වෙයි.


ලේක් හවුස් සභාපති කාවන් රත්නායක මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කර ඇත. 

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඉහළම ආයතනය මෙය වන අතර මේ යටතේ ජාතික සංචාරක සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම රත්නායක මහතාට පැවරෙනු ඇත. 

පෞද්ගලික අංශයේ අති දක්ෂ කළමනාකරුවෙකු ලෙස සැලකෙන රත්නායක මහතා ඉකුත් වසර දෙකක කාලය තුළ ලේක් හවුස් ආයතනයේ විශාල පරිවර්තනයක් ඇති කිරීමට නායකත්වය දුන්නේය. 

ආයතනයේ මූල්‍යමය ස්ථාවරත්වය ශක්තිමත් කළ රත්නායක මහතා ලේක් හවුස් පුවත්පත් වලට සමාජයේ යළි පිළිගැනීමක් ඇති කිරීමට විශාල මෙහෙවරක් ඉටු කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන ඒ මහතා 1998 සිට 2007  දක්වා අයි.බී.එම්. සමාගමේ මෙරට ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.

ඩයලොග් බ්‍රොඩ් බෑන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද, ඩයලොග් ආසියාටා සහ කාර්ගිල්ස් සමාගම් වල ප්‍රධාන සමාගමික නිලධාරියා වශයෙන්ද කටයුතු කර ඇත.

මිනී,කඳුළු මාකට් කරන අපේ රටේ මීඩියා වල අවධානයට.

මාධ්‍ය අමාත්‍යාංශ,තීරක
යන් ඉන්න රටක අදාල ප්‍රතිපත්ති ගැන අවධානය නොයෙදවීමත් සුළුවට තකන්න බෑ..

උපුටනය

මීට කලින් දැකලා නෑ තමයි
Fb පිටුවෙන්..

Dialog නාලීකා අංක 123

Nations Channel
ජූනී 22 සිට

ජයසූරිගේ වීඩියෝව ලීක් කළ තැන මෙන්න - පොලිසියට පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට අදාළ බව පැවසෙන ආන්දෝලනාත්මක වීඩියෝව ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුපවාහිනී නාළිකාවක් බවට පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වනවා.

විදෙස්ගත ලාංකිකයෙකු මෙම පැමිණිල්ල තමන් විසින් කරනු ලැබූ බව සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ
වාසය කරන ඔහු සාක්ෂි සහිතව පැමිණිල්ල සමඟ එම ජවනිකාවල වීඩියෝපට දෙකක් ද පොලිසියට ඉදිරිපත් කර ඇති බවයි ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ.

එම සටහන පහතින් දැක්වෙනවා.
Neth Gossip

Sasara seya....on itn .

Sasara seya....on itn ...at 8pm from today ... for weekdays...
Directed by lakshman pushpakumara...
Imasha Weerathunga






රූපවාහිනී නිවේදිකාව පැහැරගෙන ගොස් නිරුවත් කර ඡායාරූප අරන්

විද්‍යුත් නාලිකාවක රූමත නිවේදිකාවකට හා වැඩසටහන් නිෂ්පාදකවරයකුට ඉකුත් සිකුරාදා (19) රාත්‍රී මහරගම ඇරැව්වල රත්මලදෙනිය ප්‍රදේශයේදී නාඳුනන සිව්දෙනෙකු අවියක් අල්ලකර සුදු පාටට හුරු වෑන් රථයකින් පැහැරගෙන ගොස් නිවේදිකාව නිරුවත් කර ඡායාරූප ගෙන කොට්ටාව මාලපල්ල දුම්රිය ස්ථානය අසල දමාගොස් ඇතැයි මහරගම පොලීසිය පවසනවා.
පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් නිවේදිකාවගේ කරාබු දෙක, කර මාලය, මුදල් පසුම්බිය හා ජංගම දුරකථනයද වැඩසටහන් නිෂ්පාදකවරයා පැළඳ සිටි මාලය මෙන්ම ජංගම දුරකථනය හා මුදල් පසුම්බිය කොල්ලකා ඇති බව පොලීසිය පවසනවා.
එක් රන් මාලයක් වටිනාකම රුපියල් එක් ලක්ෂ පනස් දහසකි.
එම විද්‍යුත් නාලිකාවේ ප්‍රසිද්ධ වැඩසටහනක පෙරහුරුවකට සහබාගි වී වැඩසටහන් නිෂ්පාදකවරයාට අයත් මෝටර් රථයෙන් ඇරැව්වල නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලීසිය පවසනවා.
නිවේදිකාව සමග වැඩසටහන් නිෂ්පාදකවරයා මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී ඇරැව්වල රත්මල්දෙනිය හන්දියට මීටර පන්සියයක් පමණ ආසන්නයේදී සුදු පාටට හුරු වෑන් රථයක් ඔවුන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථයට මග හරස් කර නවතා එයින් බැස ආ පුද්ගලය්න දෙදෙනාගෙන් අයෙකු මෝටර් රථය පදවාගෙන ආ වැඩසටහන් නිෂ්පාදකට ගිනි අවිය එල්ල කර මෝටර් රථයෙන් පිටතට ගනිද්දි අනෙක් පුද්ගලයා නිවේදිකාවද මෝටර රථයෙන් පිටතට ගෙන ඔවුන් පැමිණි වෑන් රථයේ පිටුපස අසුනට දමාගෙන පැහැරගෙන ගොස් ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
වෑන් රථය පැය භාගයක් පැයක් ඇතුළත කාලයක් තුළදී කිසියම් ස්ථානයක නවතා නිවේදිකාව හා වැඩසටහන් නිෂ්පාදකරවාය එයින් බස්සවා කාමරයකට රැගෙන ගොස් වැඩසටහන් නිෂ්පාදක ඉදිරිපිටදී නිවේදිකාව නිරුවත් කර එක් පුද්ගලයකු ජංගම දුරකථනයකින් ඡායාරූප රැසක් ලබාගෙන ඇති බව සිද්ධියට මුහුණ පෑ නිවේදිකාව පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වේ. අනතුරුව ඔවුන් දෙදෙනා නැවතත් වෑන් රථයේ දමාගෙන පැමිණි නාඳුනන පුද්ගලයන් කොට්ටාව මාලපල්ල දුම්රිය ස්ථානය අසල අලුයම දෙකයි තිහට පමණ දමා ගිය බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
වැඩසටහන් නිෂ්පාදකවරයා පදවාගෙන ගිය මෝටර් රථය පිළිබඳව ඊයේ (21) වනතුරු තොරතුරක් නොවූ බව මහරගම පොලීසිය පවසනවා.
සැකකාර පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇරැව්වල රත්මල්දෙනිය අවට හා කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ සීසීටීවි කැමරා පරීක්ෂා කිරීමට නියමිතය.
නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ, සහකාර පොලිස අධිකාරී කරුණාරත්න යන මහත්වරුනගේ අධීක්ෂණය යටතේ මහරගම පොලිස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එස්. මිඩින් මහතා පරීක්ෂණ පවත්වයි.


උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත

සියත සුපර් බ්ලාස්ට් තව සුලු මොහොතකින්

සියත සුපර් බ්ලාස්ට් තව සුලු මොහොතකින් කුරැනැගලදි.


වසරේ විශිෂ්ටතම වාර්තාමය ක්‍රීඩා වැඩසටහන ලෙස ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී "Neth Sportsmen" සම්මානයෙන් පිදුම් ලබයි

2016 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී නෙත් FM වෙත සම්මානයක් හිමිවුනා.ඒ වසරේ විශිෂ්ටතම වාරතාමය ක්‍රීඩා වැඩසටහන වෙනුවෙන්. "නෙත් Sportsmen" වැඩසටහන ඒ අනුව මෙවර සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුනා.

ඊට අදාල සම්මානය " නෙත් sportsmen" වැඩසටහනේ නිෂ්පාදක කසුන් කැළුම් කුමාර මහතා ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් ලබා ගත්තා.


වසරේ කැපී පෙනෙන විද්‍යුත් නිෂ්පාදනය සම්මානය ThePapare.com වෙත

2016 ජනාධිපති ක්‍රීඩා සම්මාන උ⁣ළෙලේ දී වසරේ කැපී පෙනෙන විද්‍යුත් නිෂ්පාදනය සඳහා වන සම්මානය The Papare.com වෙත හිමිවිය.

රයිගම් ⁣ටෙලීස් නිර්දේශිත සම්මාන රාත්‍රිය උත්කර්ෂවත්ව

2016 රයිගම් ⁣ටෙලි සම්මාන උළෙලට අදාලව නිර්දේශිත නාම බාර දීමේ උළෙල ඊයේ රාත්‍රි කොළඹ කින්ස්ග්බරී හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහිදි විවිධ අංශ රැසක් යටතේ මෙවර සම්මාන උළෙල සඳහා නිර්දේශිත ටෙලි නිර්මාණ සහ මාධ්‍ය අංශ සඳහා නිර්දේශිත අය සඳහා අදාල නිර්දේශ බාරදීම සිදුවිය.
 Writed by - Sanjiwa Jayathilaka

අද පුවත්පතට සම්මාන

2016 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී "අද" පුවත්පත ද සම්මානයට පාත්‍ර විය.

ඒ අනුව වසරේ කැපී පෙනෙන මුද්‍රිත ප්‍රකාශනය(සිංහල
) සම්මානය සහ
වසරේ කැපී පෙනෙන පුවත්පත් ක්‍රීඩා පිටුව(සිංහල) දෙවන ස්ථානය
අද පුවත්පතට හිමිවිය.

හොඳම ක්‍රීඩා මාධ්‍යවේදී(සිංහල) බවට පත්වූයේ අද පුවත්පතේ පැතුම් ශ්‍රී විජේරත්න මහතාය.
 සටහන - සංඡිව ඡයතිලක.

ඡෝතිගේ සිංදු අහන්න එක දිගට.

සටහන - සදුන් දනෙත්.

සිරසේ සිරස වෙනස්වෙයි

සිරස FM නව නාලීකා ප්‍රධානී ලෙස ගිහාන් චාමික රොද්‍රිගෝ මහතා පත්කර තිබේ.

මාධ්‍ය ක්ෂේත්‍රයට අදාලව නාලීකා ගණනාවක සේවය කර ඇති ඒ මහතා fm දෙරණ නාලීකාව හා සම්බන්ධව ද කටයුතු කොට ඇත.

පසුව දැන්වීම් ක්ෂේත්‍රයට ඒ මහතා
සම්බන්ධවී තිබේ.

ගිහාන් චාමීක මහතාට පෙර අදාල තනතුරේ වැඩ බැලීමේ නිරත වූයේ රොෂාන් චාමීක මහතාය.

ඒ කිංස්ලි රත්නායක මහතාගෙන් හිස්වු නාලීකා ප්‍රධානී තනතුර සඳහාය.

ගිහාන් චාමික මහතා යටතේ සිරස FM හී නව වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.
Fm &Tv Srilanka

කිංස්ලිගෙන් සිනමා රංගනයන්

මෙරට ප්‍රමුඛ පෙළේ විද්යුත් මාධ්‍ය සන්නිවේදකයකු වන සිරස එෆ්.එම්. හිටපු නාලිකා ප්‍රධානී කිංස්ලි රත්නායක මහතා රංගනයෙන් දායක වූ චිත්‍රපට ද්විත්වයක් ඉතා නුදුරේදිම මෙරට ප්‍රේක්ෂකයන් හමුවේ තිරගත වනු ඇත.
ඉන් පළමුවැන්න වනුයේ ලබන 19 වැනි දා සිට කොළඹ-රීගල් ප්‍රමුඛ CEL මණ්ඩලයේ තිරගත වීමට නියමිත බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ 'නිම්නයක හුදකලාව' (Alone in a Valley) නම් වූ සිනමා නිර්මාණයයි.
අනෙක් සිනමා පටය වනුයේ මේ මස 26 වැනි දින සිට බොරැල්ල-රිට්ස් ප්‍රමුඛ MPI මණ්ඩලයේ තිරගතවීම අරඹනු ලබන තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'නිනෝ ලයිව්' (Nino Live) නම් සිනමා නිර්මාණයකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශ්‍රාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වන ඒ මහතා මීට කලකට ඉහත දී ස්වකීය ගීත රචනා නිර්මාණ ලෙසින් භාතිය/සන්තුෂ් ගැයූ 'ඩෙන්න ඩෙනා නාඩෙන' හා 'මනුසත් කුලේ' වැනි ජනප්‍රිය ගීත ද රචනා කරන ලදී. එතුමන්ගේ රංගන දිවියද සාර්ථකත්වයට පත්වේවා! යැයි අපද ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
සටහන
වසන්ත කේ ප්‍රනාන්දු

රටම ජූනී 01 රසවත් වෙයි

ජූනී 01 වන දින රස පරීක්ෂණය හමාර කොට Sky Media Network නව ගුවන්විදුලිය ඇරඹේ.මෙම නාලීකාවේ නම පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.

දැනට නාලීකාව කොළඹ(99.5 MHz MHz),⁣ගොන්ගල(99
.5 MHz) සහ පිදුරුතලාගල (99.7 MHz) ආවරණය කොට ඇත.

මෙතෙක් ගම්මඩුව,හන්තාන,බදුල්ල ආදී ප්‍රදේශ ආවරණය කොට නැත.

බොහෝ විට අගෝස්තු මාසය වන විට අදාල ආවරණය සම්පූර්ණ කිරීම අරමුණ බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 

වැරදුනු තැන..

ජනයුගයට මොකද උනේ.
අරාට කෙලවුනාද.
රස නීරස නොවෙන්නට නම්.


2017 වසර පටන් ගත්තේම දුර පැනිලි උස පැනිලි හා ඇනගැනිලි සමගිනි. නව මාද්ය ආයතන බිහි වීම,තිබෙන ඒවා අලුත් විම,සමහර ඒවා වැසී යාමද සිදු විය.

අප දැන් මේ වෙනස්කම් ගැන පොඩිඩක් කතා කරමු.

1.ජනයුගය හිතපු තරම් පත්තු උනාද?

නෑ නෑ. ජනයුගය ඇත්ත⁣ටම පත්තු උනේ නෑ. ඒකට හේතුව තමයි ජනයුගය තවත් එක් පත්තරයක් වින⁣ා අලුත් එකක් නොවීම. මව්බිමේ නියමුවන් එක් කරගනිමින් ඇරබූ ජනයුගය ට මව්බිම ඇරබූ සමයේ තිබූ උනුසුම අහලකටවත් යන්නට නොහැකි විය. ජනයුගය වනාහි තවත් එක් මව්බිමක් විනා නව ආකෘතියක් නොවේ.

මෙරට පුවත්පත් වෙලදපල තුල ප්‍රධාන ආකෘතීන් තුනකි. ඒ දිනමින ආකෘතිය,රාවය ආකෘතිය හා මල් පත්තර අාකෘතියයි.
ලංකාදීප මව්බිම ඇතුලු බහුතර පුවත්පත් ප්‍රමානයක් පෙරකී දිනමින ආකෘතිය අනුගමනය කරයි. ජනයුගයද ඒ ආකෘතියේ ප්‍රතිබිම්භයක් විනා නව ආකෘතික ප්‍රවේශයක් නොවේ. ජනයුගය තුලින් පාටකයා දකින්නේ මව්බිම ම මිසක ජනයුගයක් නොවේ.

2.අරා ඇනගත්තාද.

සරලම පිලිතුර යම් තරමකට ඔව්. නමුත් තවම පරක්කු නෑ. අරා පැස්බරා හිරු අතහැර සියතට ගිය බව බුකිය කැලබුවද එය සාමාන්‍ය ජන විඥානය කලබවන්නට අසමත් විය. ඇත්ත දෙන්නා දැන් ඉන්නේ සියතේ නමින් පුලුල් ප්‍රචාරයක් නොවීම ප්‍රධානම ගැටලුවයි. අදටද හිරු එකේ ඉන්නේ බොරු අරා බව නොදන්නා පිරිස් එමටය. අරා පැස්බරා ගිය සැනින් ඔවුන් නැති අඩුව පහුවදා සිටම හිරු නාලිකාව පුරවනු ලැබීය.එක දිනක් හෝ වැඩසටහන නැවතුනේ නැත. අදටත් හිරු ගේ අරා පැස්බරා ස්වාධීන සමීක්ශන වාර්තා අනුව එකට ඉන්නේ එනිසාය. සීනි කොතනද කූබි එතනට නොයා අතරමග හමුවන පැනි මුල් වල රස ට කූබි දැන් මත් වි ඇත. කූබි එනතුරා සීනි මගබලා සිටිනවා වෙනුවට කල යුත්තේ කූබින්ට එන්නට පාර තනා දීමය.

1.රස තවත් සිරසක් නොවන්නට නම්,

මෙරට රේඩියෝ ව තුල ප්‍රධානආකෘති මා හදුනාගත්තා. 1.slbc ආකෘතිය 2.සිරස ආකෘතිය 3.ෂා ආකෘතිය.

අද බහුතර ගුවන්විදුලි නාලිකා ප්‍රමානයක් අනුගමනය කරන්නේ සිරස ආකෘතියයි. රංගිරි ඇතුලු කිහිපයක් slbc ආකෘතියද අතලොස්සක් ෂා ආකෘතියද අනුගමනය කරනවා. ඒ හැර නව ගුවන්විදුලි ආකෘතියක් මෙතෙක් බිහි වී නැත. ඇරබෙන්නට යන "රේඩියෝ රස" ගුවන්විදුලිය මෙහෙයවන්නේ ද සිරසේ හා එම ආකෘතියට හුරු වූ පිරිසකි. මතුපිටින් ෂා හැඩය ගත්තත් සිරස රස ද පරීක්ශන අවධිය තුලද අත්විදිමට ලැබුනි.
රස පරීක්ෂකවරුන්ට කාලය එලබ ඇත්තේ නව ආකෘතික වෙනසකටයි.

 Writed by - Deshan Dananjaya Dissanayaka

කිසිම දෙයක් ස්ථීර නෑ වෙනසටත් ඒක පොදුයි / වෙනස අවසන් වීම ගැන අසංක සතරසිංහ කතා කරයි

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ වැඩසටහන් අතර අතිශය ජනප්‍රිය වැඩසටහනක් බවට "වෙනස" පත්විය.

ඒ වෙනස වෙනසක් කල නිසාවෙනි.

ප්‍රේක්ෂක ජනාදරයට හා සම්මානයට පත්වූ "වෙනස" අවසන් වැඩසටහන අද දින විකාශය වන බවට වූ facebook සටහනක් අපට හමුවිය.

එකී facebook සටහනේ මෙලෙස සඳහන් විය.

"වෙනස අවසන් වෑඩසටහන අද රාත්‍රී 10.00 ට ... මෙතෙක් කල් අප සමග සිටි " උත්තම රසිකත්වය " ඔබට ස්තුතී.(wenasa team )"

මේ පිළිබඳව සටහනේ අයිතිකරුවා වූ "වෙනස" රසිකත්වයේ ආදරය දිනාගත් ජනප්‍රිය නිවේදක අසංක සතරසිංහ මහතාගෙන් ඒ පිළිබඳව අප විමසීමක් කළෙමු.

✒️මොකද හදිසියේම වෙනස නවතින්නේ?

ඒක ආයතනයේ ඉහළ කළමණාකාරිත්වය ගත්ත තීරණයක්.

✒️ඇත්තටම කවදද වෙනස පටන්ගත්තේ?

2011 දී තමයි මුලින්ම

✒️දැනට වැඩසටහන් කීයක් විතර කලාද?

වැඩසටහන් තුන්සියයකට(300)
වැඩි

✒️කවුද වෙනසට දායක වුණු සන්නිවේදක පිරිස?

දිල්ශාන්,සම්පත් බණ්ඩාර.බාහිර වැඩසටහන් සඳහා නිවේදන දායකත්වය ලබා දුන්නේ අමිල සනත්.

✒️වෙනස සම්මානනීය වැඩසටහනක්.එහෙම නේද?

ඔව්,රයිගම,ස්ලීම් නීල්සන්,සුමති,රූපවාහිනී රාජ්‍ය සම්මාන,සුමති සම්මාන වැඩසටහනේ හොඳම සඟරාමය වැඩසටහන වගේ සම්මාන ගණනාවක් වෙනසට ලැබුණා.

ඇත්තටම වෙනසට මේ රටේ සම්මාන උළෙලකදී ආපහු හිමිකර ගන්න සම්මානයක් නොතිබුණු තරම්.

✒️වෙනසට මෙතෙක් කල් දායක වුණු අය කවුද?

වෙනස නිර්මාතෘ සරත් කුමාර.ඔහුගේ සංකල්පයක් මත තමයි වෙනස නිර්මාණය වෙන්නේ.

⁣ඒ වගේම මෙතෙක් නිෂ්පාදකවරු ගණනාවක් වෙනසට දායක වුණා

රුවන්ක රණතුංග,මංජුල ඇතුගල,තිමිල වීරහැංඩි,අංජන ජයතුංග,රසික වින්දන,චතුරංග ධනසේකර,අමිත වගේම රොෂාන් නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා.

ඒ වගේම තාක්ෂණික නිළධාරීන්.

ආයතනයේ ගේට්ටුවේ ආරක්ෂක නිළධාරින්ගේ පටන් ආයතනයේ අභ්‍යන්තර දක්වාවූ බොහෝ පිරිසක් අපට උදව් කලා.

ඒ වගේම අපිව මෙතෙක් දුර ගෙනාවේ අපේ රසිකයෝ,ප්‍රේක්ෂකයෝ එයාලා තමා අපේ හයිය ශක්තිය උනේ.එයාලව විශේෂයෙන්ම මතක් කරන්න ඕන.

✒️මේ විදියට වෙනස අවසන් වීම ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

මිනිස්සු වෙනස බලන්න එදා වගේම අදත් කැමතියි.

ඒත් මේ ලෝකේ කිසිම දෙයක් ස්ථීර නෑ.

වෙනසටත් ඒක පොදුයි.

ඒත් මේ විදිහට අවසන් කරන්න වීම ගැන තියෙන්නේ විශාල දුකක්.

✒️මොකක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ?

වෙනස් තැනකදී " වෙනස "සමඟ හමුවෙමු ළඟදීම!

✒️ස්තූතිය!

ස්තූතියි Fm TV Sri Lanka!