Showing posts with label Kik Art. Show all posts

සුෂාන්ත් සිං රාජ්පුත්: බොලිවුඩ් නළුවාගේ මරණය නිසා මානසික සෞඛ්‍යය ගැන අලුත් කතාබහක් .



සුෂාන්ත් සිං රාජ්පුත්: බොලිවුඩ් නළුවාගේ මරණය නිසා මානසික සෞඛ්යය ගැන අලුත් කතාබහක් ...
ජනප්රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමග මානසික සෞඛ්යය සම්බන්ධයෙන් යළිත් වරක් සංවාදයක් මතුවෙමින් තිබේ.
34 හැවිරිදි සුෂාන්ත් මුම්බායිහි ඔහුගේ නිවසේදී මරණයට පත්ව සිටියදී ඉරිදා (ජූනි 14) සොයා ගැනුණු අතර එය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය සැක කරයි.
මෙම ප්රවෘත්තිය සැලවීමත් සමග සිනමා රසිකයින් සහ බොලිවුඩ් නළු නිළියන් සංවේගය පළ කළ අතර, එම අදහස් මානසික සෞඛ්යය සහ විෂාදය පිළිබඳ සාකච්ඡාවලට පරිවර්තනය වන්නට විය.
තමන් විෂාදයෙන් පීඩා විඳි බව ප්රසිද්ධියේ හෙළි කළ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පැවසුවේ, මානසික සෞඛ්යය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවය.
"කතා කරන්න. සන්නිවේදනය කරන්න. ඔබේ හැඟීම් කියන්න. උදව් ලබා ගන්න," ඇය සිය ඉන්ස්ටග්රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබිණි. "මතක තබා ගන්න, ඔබ තනිවෙලා නැහැ. අපිත් ඔබ සමග ඉන්නවා. වැදගත්ම දේ අපට බලාපොරොත්තුවක් තියෙනවා."
PK හින්දි සිනමා පටයේ සුෂාන්ත් සිං සමග රඟ පෑ අනුෂ්කා ෂර්මා සටහන් කර තිබුණේ, "ඔබ මුහුණ දුන් කිසි ම කරදරයකදී උපකාර කිරීමට නොහැකි වූ පරිසරයක ජීවත් වීම පිළිබදව ඉතා ම කනගාටුවට පත් වන," බවය.
මානසික සෞඛ්යය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීම සහ ඒ සම්බන්ධයෙන් පවතින බාධා හේතුවෙන්, ඉන්දියාව තුළ මානසික සෞඛ්යය පිළිබඳව කතා කිරීම කෙතරම් දුෂ්කර ද යන්න සම්බන්ධයෙන් තවත් විශාල පිරිසක් අදහස් පළ කර තිබිණ.
"ඉන්දියාව තුළ මානසික සෞඛ්යය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තියෙන්නේ, ගොඩක් දුරින්. සුෂාන්ත්ගේ මරණය ගැන වැළපෙන බොහෝ දෙනෙකු, සාමාන්ය පුද්ගලයෙකු එසේ කළ විට හාස්යයට ලක් කිරීම හෝ ඕපාදූප කීම සිදු කරනවා," The Indian Express පුවත්පතේ සංස්කාරකවරයෙකු වන රාහුල් සබර්වාල් ට්විටර් ඔස්සේ සටහන් කර තිබිණි.
තවත් සමාජ මාධ්ය භාවිත කරන්නෙකු වන නොරීන් වෝසර් පැවසුවේ, "සීමා ඉවත දමා මානසික සෞඛ්යය සම්බන්ධයෙන් මීට වඩා ප්රමුඛත්වයක් ලබා දිය යුතු" බවය. "ඔබ විෂාදයෙන් පෙලෙනව නම් ඔයා ම ඒකෙන් මිදෙන්න - කියන මානසිකත්වයෙන් මිදිය යුතුයි," යනුවෙන් ද ඇය පැවසීය.
ඉන්දියාවේ මානසික සෞඛ්ය නීති සහ ප්රතිපත්ති මධ්යස්ථානයේ අධ්යක්ෂ වෛද්ය සෞමිත්ර පතාරේ බීබීසී පුවත් සේවයට පැවසුවේ, විෂාදය සහ සිය දිවි නසා ගැනීම් පිළිබඳව සංවාදයක් ඇති කිරීම වැදගත් වන බවය.
"එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සිදුවන සිය දිවි නසා ගැනීම්වලින් 80%කට බලපාල තියෙන්නේ විෂාදය බව පර්යේෂණ දත්තවලින් අනාවරණය වෙලා තියෙනවා. ඒත් ඉන්දියාව වගේ රටවල සිය දිවි නසා ගැනීම්වලට බලපාන වෙනත් හේතු රැසක් තියෙන්න පුළුවන්," ඔහු පැවසීය.
ඉන්දියාව තුළ ද සිය දිවි හානි කර ගැනීමට බලපාන කරුණු එකිනෙකට වෙනස් විය හැකි බව ද ඔහු සදහන් කළේය.
"උදාහරණයක් විදිහට තරුණියන්ගේ මරණයන්ට වැඩියෙන් ම බලපාන සාධකය සිය දිවි නසා ගැනීම්. මේ සඳහා බලපාන ප්රධාන කාරණය ගෘහස්ත ප්රචණ්ඩත්වය. අවුරුදු 18ට වඩා අඩු අයට බලපාන්නේ විභාග පීඩනය. ඒ වගේ ම ඉන්දියාවේ ග්රාමීය ප්රදේශවල ගොවියන්ට බලපාල තියෙන්නේ ආර්ථික දුෂ්කරතා," ඔහු පැවසීය.
ඉන්දියාවේ ජනප්රිය සිනමා සහ රූපවාහිනී රංගන ශිල්පියෙකු වූ සුෂාන්ත් වැඩි ම ජනප්රියත්වයට පත් වූයේ, MS Dhoni: The Untold Story චිත්රපටයේ ප්රවීණ ක්රිකට් ක්රීඩක මහේන්ද්ර සිං දෝනිගේ චරිතයට පණ පෙවීම හේතුවෙනි.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (ජුනි 15) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබිණි.

නංගි ක්ෂේත්‍රයට ආපු එක මට පාඩුයි – වත්සලා


ඇය ජනප්රිය රංගන ශිල්පිනියක්‌. ඒ ජනප්රියත්වය පසෙකලා ඇය කාලයක්‌ නැතුව හිටියා. ඒ වෙන හේතුවක්‌ නිසා නෙවෙයි. ඒ උත්තරීතර මවු පදවිය වෙනුවෙන්. ඇය නැවතත් රංගනයේ වැඩ අල්ලලා කියල ආරංචියි. තමන්ගේ පාඩුවෙ වැඩක්‌ කරගෙන ඉන්නවා කියල ඇයම තමයි අපිට කිව්වේ. බලමු ඇය අපිට තව මොනවද කිව්වෙ කියලා. වෙන කවුරුවත් නෙවෙයි. ඇය වත්සලා දියලගොඩ. මේ ඇයගේ කතාව.
වත්සලා සනීපෙන් සතුටින්ද ?
ඔව් සනීපෙන් හොඳින් සතුටෙන් ඉන්නවා.
මොකද කරන්නෙ මේ දවස්‌වල?
මේ දවස්‌වල නම් ටිකක්‌ කාර්ය බහුලයි වැඩත් එක්‌ක. ඉතිං ඒ වැඩත් එක්‌ක තමයි ඉන්නෙ මේ ටිකේ.
මොනවද එච්චර වැඩ ?
ටෙලිනාට්යයක රූපගත කිරීම් අවසන් කළා. තවත් එකක්‌ භාරගත්තෙ නැහැ තවම. ඒ වගේම මගේ පෞද්ගලික වැඩ සහ වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් වගේ වැඩ ගොඩාක්‌ තියෙනවා. ඒ නිසා ටිකක්‌ කාර්යබහුලයි.
වැඩිය පේන්නෙ නැතිවෙන්න හේතුව ?
ඔව් වැඩිය පේන්න හිටියෙ නැතුව මම ලොකු විවේකයක්‌ ගත්තා මගේ දරුවා වෙනුවෙන්. ඒ හින්දා රඟපෑමෙන් මම ඈත්වෙලා හිටියේ. ඒත් දැන් මගේ දරුවා ලොකුයි. දැන් වැඩ කරන්න පුළුවන්. වැඩ පටන් ගත්තෙ ඒ නිසා. බලමු ඉතිං ලබන අවුරුද්දේ ඉඳන් දිගටම බලාගන්න පුළුවන් වෙයි.
නංගි ක්‌ෂේත්රයට ආපු එක වත්සලාට පාඩුයි නේද ?
ඔව් ටිකක්‌ එහෙමයි. අපි දෙන්නම එක වගෙයි. කට හඬත් එහෙමයි. මගේ ජීවිතේ පෞද්ගලික හේතු නිසා එක්‌ එක්‌ අවස්‌ථාවලදී මට කලාවෙන් ඈත්වෙන්න වුණා. ඉතිං එතකොට එයා රඟපාන්න පටන්ගත්තා. කොහොම වුණත් අපි දෙන්නම වැඩකරනවා. මේ වෙනකොටත් අපි දෙන්නම කාර්යබහුලයි.
අක්‌කා නංගි අතරෙ තරගයක්‌ නැද්ද?
අනේ නැහැ. එහෙම කිසිම තරගයක්‌ අපි දෙන්න අතරේ නැහැ. මට වැඩකරන්න පුළුවන් කාලේ මම වැඩකරනවා. නංගිට පුළුවන් කාලෙ නංගි වැඩකරනවා.
රඟපාල පුළුවන්ද දැන් ස්‌ථාවරයක්‌ ගොඩනගාගන්න ?
නැහැ. මම රඟපාලා ජීවත්වෙන්නෙ නැහැ. නමුත් මගේ වටිනාකම මට ලැබෙනවා. මගෙ මහත්තයට තියෙනවා හොඳ රැකියාවක්‌. මම ජීවත්වෙන්නෙ ඔහුගෙන්. රඟපෑවෙ නැහැ කියල මට ඒක දැනෙන එකක්‌ නැතිවෙයි. මේක මම කරන්නෙ මගේ ආත්ම තෘප්තිය සඳහා. මගේ ස්‌ථාවරය මගෙ මහත්තය. නමුත් එහෙම කලාවෙන් ඉන්න කෙනෙක්‌ට නම් අමාරුයි දැන් ස්‌ථාවරයක්‌ ඒ තුළින් ගොඩනගාගන්න.
සැමියාගෙන් ඔබට ලැබෙන දායකත්වය ?
ඔහුගෙන් ලොකු සහයෝගයක්‌ අපට ලැබෙනවා. බබාගෙ වැඩ, ගෙදර වැඩ, කලා කටයුතුවලට ඔහුගෙන් මට ලැබෙන්නේ විශාල සහයෝගයක්‌. ඒ වගේම මහත්තයගේ අම්ම සහ මගේ අම්මා තුන්දෙනාම මට ලොකු ශක්‌තියක්‌ වෙනවා මගේ ළඟ ඉඳගෙන.
ක්‌ෂේත්රය ගැන කලකිරීමක්‌
තියෙනවද හිතේ ?
එහෙම කලකිරීමක්‌ නෑ. අපි හැමදාම කලාවෙ රැඳී ඉන්නෙ නැහැ. අපි ලබාගත් හොඳ රැකගෙන ඉදිරියට යාමයි වැදගත්. නිකං රැල්ලට ගිහිල්ලා විනාශ වෙනවාට වැඩිය පොඩි දෙයක්‌ හරි කරගෙන ඉන්න එක ඉතා වැදගත් දෙයක්‌.
දක්‌ෂතම නිළිය සම්මානය ඒ කියන්නෙ හීනයක්‌ විතරද ?
එහෙම නෑ. ඒ සම්මානෙ බලාගෙන මම රඟපාලා නැහැ. හොඳ චරිතයක්‌ ලැබුණොත් කරනවා. සම්මානය දෙන්න වටිනවා නම් ඒ දේ ලැබෙයි.
වත්සලා එකම රාමුවකට කොටුවෙලා රඟපානව කියල හිතෙන්නෙ නැද්ද ?
ඔව් ඒක මටත් දැනෙනවා. ඒත් මට ලැබෙන්නේ ඒ වගේ චරිත. මගේ පෙනුමත් ඒකට බලපානවා ඇති. නමුත් ආසාවෙන් ඉන්නවා වෙනස්‌ විදිහේ චරිත කරන්න. ලැබුණොත් අනිවාර්යයෙන් කරනවා.
කොහොමද ප්රේක්‌ෂක ප්රතිචාර ?
ඒ දේ තමයි වටින්නේ රංගන ශිල්පීන් විදියට. එදා වගේම අදත් ඒ ආදරේ ඒ විදියටම මට ජනතාවගෙන් ලැබෙනවා
කාලයක්‌ යද්දි මිනිස්‌සුන්ට වත්සලා අමතක වෙයිද ?
එහෙම වෙන එකක්‌ නැහැ. එහෙම වෙනව නම් මේ වෙනකොට එහෙම වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑ කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා.
වත්සලා කියන්නෙ ආඩම්බර කෙනෙක්‌ද?
ඔව් ටිකක්‌ මම ආඩම්බර කෙනෙක්‌. ඒක හැම කෙනෙක්‌ ළඟම තියෙන දෙයක්‌. මාත් එක්‌ක ඉන්න අය දන්නවා මම කොයි වගේ කෙනෙක්‌ද කියල. නමුත් මම සුහදශීලීයි. ප්රේක්‌ෂකයා තමයි මම කොයි වගේද කියලා දන්නේ.
ප්රේක්‌ෂකයාට මොනවද කියන්න තියෙන්නෙ ?
මේ හිටිය වගේ මාත් එක්‌ක ඉදිරියටත් ඉන්න කියල තමයි කියන්නෙ ඉතිං.

"මාස දෙකකින් මගේ සැමියා ගෙදර ආවේ නැහැ"


ජනප්‍රිය චරිතයක් කියන්නේ එක්තරා දුරකට සිරගත කළ ජීවිතයක්ද එහෙමත් නැත්නම් ආශීර්වාද ලත් ජීවිතයක්ද අද කාලේ දකින්න අහන්න ලැබෙන බොහෝ කතාබහ සමග අපිට ආයෙමත් ජනප්‍රියත්වය පිළිබඳ කියවීමකට යන්න සිදුවෙලා. මේ ජනප්‍රිය ජීවිතවල ඇතුලාන්තයන් හෙළිදරව් වීමේ කලබෑගෑනිය අතරෙ අපි ජනප්‍රිය චරිතයකට ඇරියුම් කළා. ජනප්‍රියත්වය නාමයෙන් ස්වකීය ආරදණීන් වෙනුවෙන් කතා කරන්න ඇය ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරි වික්‍රමසිංහ.

මේ දවස්වල කාලය ගෙවෙන්නෙ කොහොමද?

මේ කාලයේ ගොඩක් වෙලාවට ගෙදරමයි ගෙදර වැඩ කටයුතු එක්ක කාර්යබහුලයි.

සන්දර්ශන අඩුවීමට ඔබට බලපාල නැතිද?

ඒක ගොඩක් දැනෙන කාරණයක්. ඒත් ඒක නොදැනුණා වගේ ඉන්නවා. මොකද මේක මුළු ලෝකයටම බලපාපු කාරණයක් නිසා. පහුගිය වසරෙත් අපිට තිබුණ සංදර්ශන සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. මේ අවුරුද්දෙත් එහෙමමයි.

අතහරින්න සිදුවුණ වැඩ අතර පැවති විශේෂ වැඩ මොනවද?

අපි ගොඩක් කාලයක ඉඳලා සැලසුම් කළ විදේශ ප්‍රසංග තුනක් දින නියමයක් නැතිව කල් ගියා. ඒ වගේම අප්‍රේල් මාසයේ තමයි කලාකරුවෙක්ට වැඩිම සන්දර්ශන තියෙන්නෙ. ඒ හැම සන්දර්ශනයක්ම කල්ගියා. පසුගිය වසරෙ කරන්න බැරිවෙලා මේ වසරට යොදාගත්ත ප්‍රසංගත් කල්ගියා මේවා කෙරෙයිද නොකෙරෙයිද කියල දන්නෙ නැහැ.

ඔබගේ සැමියා වෛද්‍යවරයෙක් නිසා කොරෝනාව ඔබගේ පවුලට වෙනස් විදිහට දැනුණ තත්ත්වයක් වුවාද?

එතනදි අපිට ලොකු කැපකිරීමක් කරන්න වුණා මාසයක් දෙකක් යනතුරු මගේ සැමියා ගෙදර ආවෙත් නැහැ. මොකද එයාට එන්න බයයි නිතරම රෝගීන් එකක් ඉන්න කෙනෙක් විදිහට එයාට පරිස්සම් විය යුතුව තිබුණා. ඒ වගේම මේ රෝගය ගැන හා පවතින තත්ත්වය ගැන දැනුවත්වීම් පවා අපිට ඔහු ඇසුරෙන් ලබාගන්න පුළුවන් වුණා.

පවතින ප්‍රසංග නිහැඬියාවට පිළිතුරක් ලෙස තමන්ගේ මෝටර් රථයේ සිටම ප්‍රසංග නැරඹීමේ ප්‍රවණතාවයක් බිහිවෙමින් පවතිනවා මේ ගැන ඔබේ අදහස කුමක්ද?

කලාකරුවන්ටත් ඔවුන්ගේ ආර්ථිකය යම් මටට්මකින් යළි ගොඩනා ගැනීම අවශ්‍යයයි. ඒ සඳහා එක එක විදිහේ උපක්‍රම විවිධ ආයතන සමග එකතුවෙලා යොදාගනිමින් පවතිනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. එවැනි තත්ත්වයකට දායක වෙන්න මමත් හරි කැමතියි. සිද්ධවෙන්න ඕන මේක නවත්තවලම තියන එක නෙවෙයි. විවිධ ක්‍රමවලින් අපිට අපේ රසිකයන් අතරට යන්න උපක්‍රම සොයා ගැනීමයි.

උරේෂා ඔබ ඔබේ රසිකයන් ගැන හිතා වැඩ කරන කෙනෙක්ද?

අපිට ආදරය කරන රසිකයන් මත තමයි අපේ පැවැත්ම රඳා පවතින්නෙ. අපි හොඳ නිර්මාණවලින් රසිකයන්ට වින්දනයක් ලබාදුන්නොත් අපි රසිකයන් අතර රැඳෙනවා. ඒ ගැන නිතර නිතර හිතන්න අවශ්‍ය නැහැ. ජනප්‍රියත්වය හා මුදල් පරමාර්ථය පමණක් පෙරදැරිව නිර්මාණ කළොත් රසිකයන් ලැබෙනවා, මුදලුත් ලැබෙනව හැබැයි ඉක්මනින්ම මිනිසුන් අතරින් අපිව මැකිලා යනවා.

රසිකයන්ට කලාකරුවන්ගේ පෞද්ගලික ජීවිත අදාළද නැතිද?

මෙතනදි මාව උදාහරණයකට ගත්තොත් මම කැමති කලා ශිල්පින් ශිල්පිනියන් ඉන්නවා. මම කොහොමද කෙනෙක්ට ආදරය කරන්නෙ. ඊට පස්සෙ ඒ අයගෙ පෞද්ගලික ජීවිතය, ඒ මොන විදිහටද පවුල් ජීවිත ගත කරන්නෙ ඔය වගේ කාරණා එක්ක ඔවුන් කෙරෙහි අප තුළ තියෙන ආදරය අඩු වැඩි වෙනවා.

ඔබ ඔබගේ පෞද්ගලික ජීවිතයේ කාරණා ජනප්‍රියත්වය වෙනුවෙන් යොදාගන්න සූදානම්ද?

ගායිකාවක් නෙවෙයි සාමාන්‍ය ගැහැනියක් විදිහට මම ජීවත්වෙන විදිහක් තියෙනවා. මගේ ජීවිතයේ තියෙනවා යම්කිසි ප්‍රතිපත්ති ටිකක් ඒ ප්‍රතිපත්තිවලට අනුව තමයි මම ජීවත් වෙන්නෙ. මම කවදාවත් ජනප්‍රියත්වය උදෙසා මගේ පෞද්ගලික ජීවිතය පාවිච්චි කරන්නෙ, ඒක උකස් කරන්නෙ නැහැ.

ඔබ ඔබේ ජීවිතයේ කාරණා රසිකයන්ට රහසක්ද?

මට පෞද්ගලික් ජීවිතයක් තියෙනවා. ඒක හැමෝම දැනගන්න ඕන. පෞද්ගලික ජීවිතයක් ඒක රහසිගතව ගෙනයන ජීවිතයක් නෙවෙයි. මම හරිම විවෘත කෙනෙක්. ඒ විවෘත බව ඇතුළෙ ඕන කෙනෙක්ට මාව හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන. අපි යමක් හංගන්න උත්සාහ කළොත් ඒක මිනිස්සු හොයන්න පෙළඹෙනව. කලාකරුවන්ට කවදාවත් රහසෙ කිසිම දෙයක් කරන්න බැහැ.
sharefb

කොරෝනා අස්සේ පැල්පත්වාසීන්ගේ කුසගිනි නිවන රූමත් කෙල්ල


කොරෝනා වසංගතය හේතුවෙන් රැකී රක්ෂා කටයුතු නොමැතිව මූලික අවශ්‍යතා පවා පිරිමසා ගැනීමට නොහැකිව ළතවන පැල්පත්වාසීන් 200කගේ පමණ කුසගිනි නිවීමට ජනප්‍රිය ඉන්දීය නිළි රාකුල් ප්‍රීට් සිං කටයුතු කරමින් සිටී.

සිය මවුපියන් වන කුල්වින්දර් සිං සහ රාජේන්ද්‍රන් සමඟ ඉකුත් අප්‍රේල් මාසයේ සිටම දිනපතා මෙම පැල්පත්වාසීන්ට දිනකට දෙවරක් පිසූ ආහාර පාර්සල් ලබා දීම සිදුකරන බව ඇය පවසයි.

නගරයේ වසා දැමීම් තවදුරටත් ක්‍රියාත්මක වන තාක් මෙම කටයුත්ත ඉටු කරන බවත් ඇය පවසන්නීය. මේ අර්බුදකාරී සමයේ සැවොම තමාට හැකි දේ කළ යුතු බව කියන රාකුල් පවසන්නේ අප නිවෙසට, ආහාර ආදිය ලබාගත හැකි මට්ටමක සිටින බැවින් හදිසි ආපදා තත්ත්වයකදී සමාජය වෙනුවෙන් යමක් කළ යුතු බවයි. ආහාර ලබාගන්නා විට ඔවුන්ගේ මුහුණේ මතුවන සිනහවට එහා දෙයක් මට ලබාගන්න බැහැ. මා ලබා ඇති සියල්ලට කෘතවේදීත්වය දැක්වීමට මෙය ඉතා සුළු පරිශ්‍රමයක් පමණයි රාකුල් තවදුරටත් කියන්නීය.


මචන් චිත්‍රපටය සහ මචන්ලාගේ ව්‍යාජ හෑන්ඩ්බෝල් කණ්ඩායමේ සත්‍ය සිදුවීම 👉රටට අපකීර්තියක් ගෙන දෙමින් ජර්මනිය අතුරුදහන් වූ මචන්ලා 23 දෙනා ගැන

 
◼️වර්ෂය : 2004
◼️ප්රවෘත්ති වාර්තාකරණය: BBC
◼️ප්රවෘත්ති:
ශ්රී ලංකා අත්පන්දු කණ්ඩායම අතුරුදහන් වේ
ශ්රී ලංකා අත්පන්දු කණ්ඩායම ඔවුන් තම අපිරිසිදු රෙදි ජර්මනියට සෝදන්න කියා පලා ගොස් ඇති බවයි.
ජර්මානු බලධාරීන් පවසන්නේ ශ්රී ලංකාවේ සමස්ත ජාතික අත්පන්දු කණ්ඩායම ජර්මනියෙන් අතුරුදහන් වීම ගැන ඔවුන් ව්යාකූල වී ඇති බවයි.

එවකට මේ ප්රවෘත්ති ලංකාවේ පුවත්පත්වල සහ නාලිකාවල යනකන් ලංකාවේ මිනිසුන් ලංකාවට අත්පන්දු කණ්ඩායමක් තිබුනාද කියලාවත් දන්නේ නෑ. මිනිස්සුනම් කමක් නෑ අඩුම පාලකයින්වත් ඒ ගැන දන්නෑ.
මේ මේ ව්යාජ ක්රීඩා කණඩායම ගැන ප්රවෘත්ති සදහා මෙරට මාධ්ය වෙත යම් වාරනයක් ඇති වන්නේ ඒ හෙයින්ය.

සත්ය කතාව...
මේ සිදුවීම සිදුවන්නෙ 2004 වසරේ.ජර්මනියේ හෑන්ඩ්බෝල් සංගමය අන්තර්ජාලයේ දැන්වීමක් දමනවා. රටවල් අතර විවෘත හෑන්ඩ්බෝල් තරගාවලියකට ඒ දකින මෙරට රැකියා විරහිත තරුණයින් කිහිප දෙනෙක් මේ සදහා ඉල්ලුම් කරන්න තීරණය කරණවා.
එහෙම හිතුමතේට ඉල්ලුම කරාට වීසා හම්බවෙන්නැති නිසා ඔවුන් ප්ලෑන් එකක් ගහනවා ඒකට ඒ අනුව ජර්මනියේ හෑන්ඩ්බෝල් සංගමයට ලිපියක් දාන මොවුන්ට . ඒ ප්ලෑන් එක සාර්තක වනවා.
ශ්රී ලංකාවේ හෑන්ඩ් බෝල් කණ්ඩායමකට ක්රීඩා කිරීමට ජර්මනියට ආරාධනය ලැබෙන්නේ ඉන් පසුවයි.
යන්න කිව්වට මොකද ඔවුන් මේ සදහා කිසිදු සුදුසුකමක් සපුරා නැහැ. කොහොම හරි හෑන්ඩ්බෝල් ක්රීඩාව කිසිම දිනෙක සිදු නොකල මේ සෙට් එක දන්න කියන කිහිප දෙනෙක්ගෙන් අහගෙන හෑන්ඩ්බෝල් කණ්ඩායමක් හදනවා.
හෑන්ඩ්බෝල් ක්රීඩාව කිසි දිනෙක දැකලවත් අහලවත් නැති මේ කොල්ලෝ සෙට් එක පුහුනුවීමුත් කළ බව සදහන්
දන්න කියන අයත් එකතු කරගෙන . හොර සහතික හදාගන්න මේ සෙට් එක ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් වත් සූක්ෂම ලෙස රවටා කොහොමන් හරි 23දෙනෙකුගෙන් යුතු හෑන්ඩ්බෝල් ක්රීඩා කණ්ඩායමක් මෙරටින් පිටත් වෙනවා.
රටට කීර්තියක් අත්කර දීමේ අරමුන අහලකින්වත් නොතිබුනු මේ කොල්ලෝ සෙට් එකේ අරමුන වෙන්නේ වෙනත් එකක්.
කෙලියා තාප්පෙට කියලා ජර්මානු ජාතික කණ්ඩායම සමග හෑන්ඩ්බෝල් තරගයකද නිරත වනට නේ ශ්රී ලාංකික ව්යාජ හෑන්ඩ්බෝල් ක්රීඩා කණ්ඩායම ට සිද්ධ වෙනවා.
කිසිදිනෙක මෙවන් අත්දැකීමකට මුහුණ නොදුන් මොවුන් මේ සදහා මුහුණ දෙන්නේ වෙනත් අරමුණකින් උවත්, ජර්මන් රටට මේක ලොකු විහිලුවක් වනවා.
තරගයේ දිනුම පැරදුම ගැන වගක්වත් නැති මේ මචන්ලා සෙට් එක අවසානයේ ඔවුන් තමන්ගේ අරමුණ වෙත යනවා.
ඔවුන් මෙම තරගය අවසන් වූ වහාම අත්භූත ලෙස ජර්මනියෙන් අතුරුදහන් වන අතර එය
ලොව මහත් ආන්දෝළනයකට ලක් වනවා.





ඇදි වත පිටින් මොවුන් අතුරුදහන් වන අතර පසුව ආරංචි වන්නේ මේ අය ප්රංශයට පලා ගොස් එරටින් ඉතාලි ගියා කියලාය. ඔහුන් මේ බව කියා ලිපියල් ලියා තබා තමයි පිටවෙන්නේ.
ජර්මන් රජය ඉතා පහත් ලෙස මෙම ප්රවෘත්ති ප්රචාරය කළ අතර, ලාංකික පිරිස නැවතී සිටි කාමරයේ ඔවුන් දමාගිය රෙදි , සපත්තු, ආදිය පවා ජාත්යන්තර මාධ්ය වෙත මුදා හැරියා.
මේ සිදුවීම නිසා ලංකාවට ලොකු කලුපැල්ලමක් එකතු වූ බව අමුතුවෙන් කියඅන්න ඕන නෑනේ.
මචන් චිත්රපටයට පාදක වෙන්නේ මෙන්න මේ සත්ය කතා පුවතයි .
උබර්තෝ පැසොලීනි කියන ඉතාලි ජාතික අධ්යක්ෂවරයා ප්රසන්න විතානගේ මහතාගේ නිෂ්පාදනයෙන් 2008 දි හදනවා සිංහල චිත්රපටයක්. ඒ චිත්රපටයේ නම වෙන්නේ ශ්රී ලාංකික අපිට වඩාත්ම හුරුපුරුදු සහ සමීප වචනයක් වෙන “මචන්”. යන වචනයයි.
ඒ සමීප බව චිත්රපටයේ නමට විතරක් සීමා වෙන්නෙ නෑ. චිත්රපටයේ කතා වස්තුව ඇතුලෙත් අපිට ලාංකික අපේ ජීවිත වල හුරුපුරුදු දේවල් දැනෙන විදිහට සමීප කරවන්න මචන් චිත්රපටයේ අධ්යක්ෂකවරයා සමත් වෙනවා.
සත්ය කතාවේ යම් යම් කරුණු සිනමාරූපීව වෙනස් උවත් අපේ රටට යම් අපකීර්තියකුත් ගෙන දුන් මේ මචන්ලා සෙට් එක ගැන තරහකට වඩා ඇතිවුණේ හාස්යමය අනුකම්පාවක්. පැසොලීන් මචන් වලට කවපු හාස්යමය රසය සහ ඒකෙ මචන්ලාගෙ ජීවිත ඇතුලට කරපු එබී බැලිල්ල නිසා වෙන්න පුලුවන් මචන් බලලා අපිට ඒ සිදුවීම ගැන සන්තෝසෙකින් හිතන්න අවකාශය ලැබුනෙ.
කරේ වැරදි දේ වුනත් මේ චිත්රපටය හරහා අපිට අපේ අසරණ කම ගැන කියා දුන්නේ ලොකු පාඩමක්.
චිත්රපටය වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් සම්මාන සහ නිර්දේශ ලැබුනාට වඩා බොහෝ අන්තර්ජාතික වශයෙන් ජනප්රිය වූ සිනමාපටයක් වීම ලොකු සතුටක්.
ලාංකික නලුනිලියන් සහ සිංහල භාෂාවෙන් නිපදවූ අන්තර්ජාතිකව බොහෝ ජනප්රිය වූ සිනමාපටයක් වීම ඊටත් වඩා සතුටක්.
රංගනය ගැන කියන්නට අවශ්ම නැත. සුපිරි සෙට් එකක් සිටි බව ඔබට මතක ඇති.
ධර්මප්රිය ඩයස් , මහේන්ද්ර පෙරේරා, ගිහාන් ද චිකේරා, දර්ශන් ධර්මරාජ්, නාමල් ජයසිංහ, සුජීව ප්රියලාල්, රවී කුමාර්, සෞම්ය ලියනාගේ, කුමාර තිරිමාධුර, සරත් කොතලාවල, පුබුදු චතුරංග, දයාදේව එදිරිසිංහ අයිරාංගනී සේරසිංහ,මාලිණී ෆොන්සේකා, හේමසිරි ලියනගේ, චතුරිකා පියරිස්, ජයනී සේනානයක, තිසුරි යුවනිකා, දීපානි සිල්වා, නිනෝ අරලිය, සීතා කුමා ආදී නළු නිළියක් පිරිසක් මෙයට සහභාගී විය ඉතින් සුපිරියක් නොවන්නේ කෙසේද?





====================================
ඔහුන් කළ දේ හරි හෝ වැරදිද කියා මා කියන්න යන්නේ නැත.
සිය පවුලේඅයට හා ආදරණීයන්ට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට ඔහුන් කිසිවෙකුට සිතාගත නොහැකි සැළසුමක් සකස් කර එය සාර්ථක කර ගත් එල කොල්ලෝ සෙට් එකක් කියලා විතරක් කියන්නම්.
👉 ජර්මනිය විසින් අප රටට අපකීර්තියක් වන අන්දමින් රට විහිලුවකට ලක් කරන්න මෙන් මොවුන් විසින් තරග කළ තරගය අන්තර්ජාලයට මුදා හරිනවා. මේ හේතුවෙන් මේ පිරිස ව්යාජ අයුරින් එලෙස සෙල්ලම් කිරීම නිසා අපේ රට ජාත්යාන්තරයේ විහිලුවකට ලක් වෙනවා. එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඔබට බැලිය හැක.
👉 සත්ය සිදුවීමට සම්භන්ද අය තවමත් විදේශ ගතව සහ මෙරට ජීවත් වන අතර, ඒ නිසා නම් ගම් හෙලි නොකරමි. ඔවුන් ඒ වකවානුවේ විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ ඇත.
👉 ලියවී ඇති කරුණු වලට තවත් දෑ එකතු කිරීමට ඇත්නම් එ වටිනා කරුණු අනිත් අයගේ දැන ගැනීම පිණිස එකතු කරන්න.
👉 සියලු ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා වේ.

බොහෝ දෙනාගේ ඉල්ලීම මත ලිපියට අදාල සත්ය ඡායාරූප කිපයක් ඉවත් කළ බව සලකන්න...

#prashan_malith

රමණි බර්තොලමියුස්ගේ මරණයට කමල් අද්දරආරච්චි සැකකරුවෙකු වූ හැටි


පරණ කුණුකන්දල් ගොඩ ගැනීමට යනවා නොව නොදන්නා දෙයක් දැන ගැනීමට පමනි.🙄
1985දී මිස් ශ්රී ලංකා කිරුළ හිමි කරගෙන පසුව ටෙලි නාට්ය වලටද සම්බන්ධවූ 21 හැවිරිදි සුරූපි නිළි රමණි බර්තොලමියුස් හදිසියේ මරණයට පත්වූයේ 1987දීය.
එක්තරා රාත්රියක ඇයගේ නවාතැනට පැමිණි ඇයගේ පෙම්වතා බව කියූ ප්රකට නළු කමල් අද්දරආරච්චි ඈ සමග බහින්බස්වීමක් ඇති කරගත් බවත් පසුව කමල් කෝපයෙන් වාහනය එළවාගෙන එතැනින් පිටව යන්න හදද්දී එය වළක්වන්නට රමණී කමල්ගේ වාහනයට පැන්න බවත් වාර්තා වුණා. හිසේ ඇතිවූ තුවාලවලින් පසු ඇය දිනකට පසුව රෝහලේදී මරණයට පත්වුණා.
මෙම මරණය සිදුවූ ආකාරය ගැන විවිධ මත ඒ කාලයේ පැතිරුණා. කමල්ගේ වාහනයට නැගීමට තැත් කිරීමේදී ඔහු ඇයව තල්ලු කර දැමූ බව සමහරු කී අතර කමල්ගේ වාහනයට නැගීමෙන් අනතුරුව බහින්බස් වීමක් නිසා ඇය රථයෙන් පැන ඇති බවත් සමහරු කිව්වා. කලහකාරී ස්වරූපය නිසා ඔහු ආපසු යෑමට සැරසීමේදී ඇය රථයේ එල්ලීමෙන් මෙම අනතුර සිදුවූ බව වැඩිදෙනෙකු විශ්වාස කළ අදහසයි.
“මම වැඩ වගයකට ගිහින් රමණිව බලන්න එයාගේ ගෙදරට ආවා. මම එන්න හුගක් රෑ වුණා. ඒ ගැන රමණිට කේන්ති ගිහින් හිටියේ. ඒ පාර මම මගේ වාහනය හරවාගෙන ආපහු එන්න හදද්දී රමණි වාහනේ එල්ලිලා ඉන්න ඇති. එක පාරටම වැටෙන සද්දයක් ඇහිලා මම වාහනය නවත්තලා ගිහින් බලද්දී රමණි බිම වැටිලා හිටියා” කමල් මේ ගැන කියා සිටි අදහසයි.
ගම්පහ ප්රදේශයේ පදිංචිව සිටි රමණි බර්තොලමියුස් ටෙලිනාට්ය වැඩ සඳහා පහසු බැවින් කොළඹ රාජගිරිය ප්රදේශයේ කුලියට ගත් ඇනෙක්සියක තනිවම පදිංචිවී සිටියා. ඒ වන විට 21 හැවිරිදි වියේ පසු වූ රමණි 1985 වසරේදී ලක් රූ රැජින ලෙස කිරුළු පැළඳි පසුව ලෝක රූ රැජින තරගයටද ලංකාව නියෝජනය කළා රුවැත්තියයි.


ජනප්රියවූ භාග්යා නමැති ඒකාංගික ටෙලි නාට්යයෙන් ජනප්රිය වුනු රමනි ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ සැලළිහිණි ගම්මානය සහ යුගාන්තය යන චිත්රපටවලත්, ඉරට හඩන මල් , ටෙලිනාට්ය හා ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ මකරාක්ෂයා වේදිකා නාට්යයේත් රගපෑ ඇය කමල්ගෙ පෙම්වතිය බවට පත්ව මාස ගණනාවකින් පසු මේ අභාග්ය සම්පන්න ඉරණමට මුහුණපෑවා.
හිමකුමාරි ටෙලි නාටයේ කොටස් කිහිපයක රූගත කිරීම් සිදුවෙමින් පවතින කාලයේදී තමා ඇය මේ සිදුවීමට්ස් මුහුණ පාන්නේ. කමල් සමග ප්රධාන චරිතය ඇය නිරූපනය කළ එහි පසුව යශෝධා විමලධර්මයන් යොදාගෙන නිපදවා තිබෙනවා. යශෝධා සහ කමල් පසුව රගපෑ හිමකුමාරි ටෙලිනාට්ය ඔබට මතක ඇති.
වෛද්ය වාර්තාව
1987 ජූනි 29 වැනි දින පාන්දර රමණි බර්තොලමියුස් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන එනු ලැබුවේ කමල්ය.
හිසෙන් ලේ ගලමින් ඒ වන විට ඈ සිහිසුන් තත්ත්වයෙන් පසුවූවා. ඒ මොහොතේම ඇගේ හිස සැත්කමකට භාජනය කිරීමට වෛද්යවරු කටයුතු කළා. රමණිගේ දෙපතුල තෙක් විහිදී තිබුණු දිගු වරලස කපා ඇගේ පෙම්වතාගේ අතට දීමෙන් අනතුරුව ඔහු එය බදාගෙන වැළපෙන්නට වූ බවද වාර්තා වනවා.
ශල්යකර්මයෙන් පසු ඇයව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර කෘත්රිම ශ්වසන යන්ත්ර ආධාරයෙන් ඈ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණා. වෛද්යවරුන්ට ඇගේ ජීවිතය බේරාගැනීමට අමාරු තත්වයක ඇය සිටිය බව සදහන්.
මේ වන විට ඇගේ මොළය මිය ගොස් ඇති බව වෛද්යවරු සහතික කළා. මොළය මියගිය අයකු කෘත්රිම ශ්වසන යන්ත්රයකට සවිකර තිබිමේ ඵලක් නොමැත. මන්ද මොළය මියගිය පසුව කිසිම රෝගියකු ප්රකෘති තත්ත්වයට පත්වන්නේ නොමැති බැවිණි. මේ අනුව රමණි බර්තොලමියුස්ව කෘත්රිම ශ්වසන යන්ත්රයෙන් ගලවා ඉවත් කිරීමට තීරණය වුණා.
ඉන් පසුවයි ජූනි 30 වැනි දින රාත්රී 10.05 ට පමණ රමණි බර්තොලමියුස්ගේ අවසන් සුසුම් පොද වා තලයේ සැගව ගියා.
ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බව ප්රකාශ වුවද ඇත්ත වශයෙන්ම ඇයව මරණයට පත් කළාද, ඇය මියගියාද යනුවෙන් බොහෝදෙනකු තුළ කුකුසක් ඇති වුණා.
රමණි බර්තොලමියුස්ගේ පශ්චාත් මරණ වෛද්ය පරීක්ෂණය කොළඹ වෛද්ය විද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්ය විශේෂඥ පී.යූ. තෙලිසිංහට බාර විය. ඔහුගේ සහය පිණිස කටයුතු කළේ සහකාර අධිකරණ වෛද්ය නිලධාරී ආනන්ද සමරසේකරය.
ඒ වන විට 21 වැනි වියේ පසු වූ රමණි බර්තොලමියුස් අඩි 5, අගල් 8ක උසකින් යුක්ත විය. ඈ සැරසී සිටියේ රාත්රී නිදන ගවුමකිනි. ඇගේ හිස මුඩුකර තිබුණේ හිසෙහි ශල්යකර්මයක් සිදුකර තිබූ නිසාය. සැත්කම් ලක්ෂණ හැර ඇගේ අත් පාවල සීරීම් තුවාල දක්නට ලැබිණි. විශේෂයෙන් දෑතේ වැලමිට ප්රදේශවල තුවාල දැකගත හැකි වුණා. ඇගේ හිසේ තුවාල තිබුණේ හිසේ පැත්තකිනි. එනම් හිසේ පිටුපස තුවාල තිබුණේ නැත. හිසේ තිබූ තුවාලවල තැලීම් සහ අස්ථි භග්න දක්නට ලැබිණි. හිස් කබල බිඳී තිබිණි. මොළයට දැඩි සේ හානි සිදුවී තිබුණි. එනම් මොළයේ මරණීය තුවාල දක්නට ලැබිණි. ඇගේ තුවාලවල ස්වාභාවය පරීක්ෂා කිරීමේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් සිදුවී තිඛෙන බව පෙනිණි. ඇගේ හිසේ තුවාල අත් පාවල දැකිය හැකිව තිබූ තුවාල තවදුරටත් සියුම්ව විශ්ලේෂණය කිරීමේදී වාහනයක හැපීමෙන් පසුව වැටීමෙන් සිදු වූ තුවාලවලට එය අනුරූප විය. තුවාලවල ස්වභාවය සහ තුවාල පිහිටි ස්ථාන අනුව වාහනයෙන් තල්ලු කිරීමෙන් හෝ පැනීමෙන් සිදු වූ බවක් පෙනෙන්නේ නැත.
මේ අනුව අවසානයේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් හිස තුවාල වී මොළයට මරණය තුවාල සිදුවී රමණි බර්තොලමියුස්ගේ මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්යවරු නිගමනය කළා. අධිකරණ වෛද්ය වාර්තාව මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙය මනුෂ්ය ඝාතනයක් බවට මහේස්ත්රාත්වරයා නිගමනය කළා. ඇගේ පෙම්වතා වූ ජනප්රිය නළු කමල් අද්දරආරච්ච් ඒ අනුව පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු ඇයව රථයෙන් තල්ලු කිරීමක් සිදු නොවූ බව අධිකරණ වෛද්ය වාර්තාවෙන්ද පැහැදිලි කර තිබූ අතර එහි සිදුවූවා යැයි අනුමාන කළ හැකි එකම මතය වන්නේ යම් කලහකාරී සිදුවීමකින් පසුව කමල් ආපසු යෑමට සැරසීමේදී ඇය ධාවනය වූ රථයේ එල්ලීමෙන් බිමට වැටී තුවාල වූ බවය. ඔහු ලබාදී තිබූ කටඋත්තරය වූයේද එයමය. එය අධිකරණ වෛද්ය වාර්තාව සමග සැසඳී තිබුණා. අධිකරණ වෛද්ය වාර්තාවට අනුව රථයේ එල්ලීමේදී බිමට වැටුණා මෙන්ම වාහනයේ හැපීමෙන් බිමට වැටුණා විය හැකි බව ඔප්පු වුණා.
එහෙත් රටපුරා ඒ ගැන කතාවෙද්දී රමණීව කමල් මරා දැමූ බවට විවිධ චෝදනා පැතිරුණා. ඔහු අපරාධකරුවකු ලෙස හංවඩු ගැසුණා. ඒත් පොලිස් අත්අඩංගුවේ සිටි කමල්ට නඩු පැවැරීමට තරම් ප්රමාණවත් කරුණු වාර්තාවලින් ලැබී තිබුණේ නැත.
මේ අනුව රමණි බර්තොලමියුස්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඇගේ පෙම්වතාට නඩු පැවැරීම පිළිබඳව පියවර ගන්නට එවකට නීතිපතිවරයා මැළි වුණා.
ඔහු දැක්වූයේ කමල්ට ඇය මරා දැමීමේ චේතෙනාවක් නොතිබූ බවය. ඇයව මග දමා පළා යා හැකිව තිබුණත් රෝහලට රැගෙන ආවේ ඔහු විසින් වීම එය ඔප්පු කරන බව පැවසුණා. පශ්චාත් මරණ වෛද්ය පරීක්ෂණයේදී තහවුරු කර තිබුනේ් ඇයව වාහනයේ හැපීමෙන් බිමට වැටීමේදී තුවාල සිදුවී ඇති බවකි
මෙම සියලු තොරතුරු මත නීතිපතිවරයා ඇයව මරා දැමීමේ චේතෙනාවක් කමල්ට නොවූනිසා සාපරාධී ක්රියාවකින් සිදුවූ මරණයක් නොවන බවත් ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බවත් නිගමනය කළා.
එබැවින් රමණී බර්තොලමියුස් මරාදැමීමේ සිද්ධියට කමල් අද්දරආරච්චි නිදොස් පුද්ගලයෙක් බවට තීරණය විය. පොලිස් අත්අඩංගුවේ සිටි ඔහු කිසිදු සාක්ශයක් සහ කිසිදු නඩුවකින් තොරව නිදහස් පුද්ගලයකු ලෙස නිදහස ලැබුවා.
මුලු ලංකාවම සනසන්නට සිතා සිටි ඇය ලංකාවම හඩවමින් රමණි බර්තොලමියුස් බොරැල්ල කනත්තේ භූමිදානය කෙරුණා.




පසු කතාව..
මේ සිදුවීමෙන් පසුව රමණිගේ පවුලේ සියලු දෙනාම ඕස්ට්රේලියාවේ පදින්චියට ගිය බව සදහන්. ඒ වගේම කමල් අද්දරආරචිචි ඔවුන්ගේ දුක සැප බලමින් පවුලේ කෙනෙකු මෙන් සිටින බවද සදහන් වනවා.රමණිගේ උපන්දිනය දවසට අදටත් කමල් ඇගේ සොහොන වෙත එන බව සදහන් වනවා.
#prashan_malith