Showing posts with label Kik Sport. Show all posts

අයි. පී. එල් ත්‍යාග මුදල බාගයකට බසී ?



මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයන් සඳහා ලබාදෙන ත්‍යාග මුදල් පසුගිය වසරට සාපේක්ෂව අඩකින් අඩු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. මේ සඳහා
නව චක්‍රලේඛයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත්තේ තරඟාවලිය සඳහා වන
වියදම් ප්‍රමාණය අඩු කිරීමට (cost cutting) මෙම පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම පියවර ගැනීමට නියමිතව ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව කණ්ඩායම් සඳහා ලැබෙන අනුග්‍රාහක මුදල් ආදිය නොඅඩුව ලැබෙද්දී බව විදෙස් වාර්තා පවසයි. මේ අනුව පසුගිය වර්ෂයේදී ජයග්‍රාහී කණ්ඩායමට ලබා දුන් ඉන්දීය රුපියල් කෝටි 20ක මුදල මේ වසරේදී කෝටි 10 දක්වා අඩු කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.
එමෙන්ම මෙම චක්‍රලේඛයට අනුව අනුශූරයන් සඳහා ලබාදුන් කෝටි 12.5 ක මුදල කෝටි 6.75 කටත්, අවසන් පූර්ව වටයේ පරාජිතයන් සඳහා ලබාදෙන මුදල් කෝටි 4.375 කටත් අඩු වීමට නියමිතය.
කණ්ඩායම් 8ක් තරඟවදින ලොව වඩාත් ජනප්‍රියම පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය වන අයි.පී.එල්. එළඹෙන මාර්තු 29 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.
- ඕෂිත වරකපිටිය -

කොදෙව් විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සන්චිතය නම් කරයි

ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පලමු තරගය මාර්තු 4 දින පල්ලෙකැලේ ක්‍රීඩාන්ගණයේදී පැවැත්වෙන අතර දෙවන තරගයද පල්ලෙකැලේදීම මාර්තු 6 පැවැත්වේ.
මෙම විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සන්චිතය අද නම් කර ඇත. වෙනස්කම් කිහිපයක් සමගින් නම් කල ශ්‍රී ලංකා විස්සයි විස්ස සන්චිතය මෙන්න.

01. ලසිත් මාලින්ග (නායක)

02. අවිශ්ක ප්‍රනාන්දු

03. කුසල් ජනිත් පෙරේරා

04. ශෙහාන් ජයසූරිය

05. නිරෝශන් දික්වැල්ල

06. කුසල් මෙන්ඩිස්

07. ඇන්ජලෝ මැතිව්ස්

08. දනන්ජය ද සිල්වා

09. තිසර පෙරේරා

10. දසුන් ශානක

11. වනිදු හසරන්ග

12. ලක්ශාන් සදකැන්

13. ඉසුරු උදාන

14. නුවන් ප්‍රදීප්

15. ලහිරු කුමාර


හතුරුසිංහ බෑ කියද්දී පුහුණු තනතුර ජෙරම්ට


https://www.gossiplankanews.com/2019/08/hathurusinghe-jerome.html
ශ්‍රී ලංකා පිල හා සංචාරක නවසීලන්ත පිල අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන්
තාවකාලික පුහුණුකරු ලෙස
ක්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත් කර තිබේ.
දැනට කටයුතු කරන  ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සාකච්ඡා මාර්ගයෙන් සේවයෙන් ඉවත් කිරීමට උත්සාහ කළත් ඔහු ඊට අකමැතිවීම නිසා සාකච්ඡා අසාර්ථකවූ බව වාර්තාවේ. හතුරුසිංහ මතගැටුම් ඇති වන ආකාරයේ ප‍්‍රකාශ සිදුකර ඇති බවවාර්තා වන අතර ඔහු ඉවත්කිරීම ගැන පසුව ගත් තීරණය අද (06) නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.ඔහුගේ ගිවිසුමද අහෝසි කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවට එපා වූ තිලාන් නවසීලන්තයට ඕනෑ වෙයි

 
https://www.gossiplankanews.com/2019/07/thilan-with-new-zealnd-team.html
ගෝස්තු මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා නවසිලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසින්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වසර 7කට පමණ පසු ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග සංචාරයක් සඳහා එක්වන නවසීලන්ත පිල ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 15කට ක්‍රීඩා කරමින් ඉන් තරග 6ක් පරාජයට පත්ව තිබීම නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු

පිතිකරණ පුහුණුකරුවා සතු දැනුම මෙම සංචාරයේදි නවසීලන්ත කණ්ඩායමට වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බව එම නිවේදනයේ දක්වා තිබිණි.

තවද කේන් විලියම්සන් සහ රොස් ටේලර් හැරුණු විට මෙම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ තණතීරුවල තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම මෙම පත්කිරීම සඳහා ප්‍රධාන හේතුවක් වූ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. මේ අතර මෙම පත්කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත කරුණු දක්වා ඇති නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසා ඇත්තේ මෙවැන්නකි.

 “මෙම ටෙස්ට් තරගාවලියේදි අපගේ කණ්ඩායමට එක්වන ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරුවකු සහ විශිෂ්ට ගණයේ ටෙස්ට්  පිතිකරුවකු වන තිලාන් සමරවීරගේ ශ්‍රී ලංකා තණතීරු සම්බන්ධයෙන් පවතින මිල කළ නොහැකි දැනුම් සම්භාරය. මෙම තරගාවලියේදී අපට වඩාත් ප්‍රයෝජනවත් වේවි. එමෙන්ම මෑතකදී වැඩ භාරගත් අපගේ පිතිකරණ පුහුණුකරු  පිටර් ෆුල්ටන්ට  මෙම තරගාවලියේදි සමරවීරගෙන් විශාල සහායක් හිමි වන බව අපට දැඩි විශ්වාසයක් තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදිත් අමතර පිතිකරණ පුහුණුකරුවකු සිටීමේ වාසිය අපට ලැබීම නිසා ශ්‍රී ලංකාව  සමඟ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේදිත් එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට අප පියවර ගත්තා." යනුවෙනි.

සිකුරාදා 26 එක්දින පිටියෙන් සමුගන්නා ලසිත් මාලිංග ඕස්ට්‍රෙලියාවේ පදිංචියට



https://www.gossiplankanews.com/2019/07/26-lasith-malinga-final-match.html
බන 26 වනදා සිය එක්දින ක්‍රිකට් ජීවිතයෙන් සමුගන්නා සුපිරි පන්දු යවන්නා ලසිත් මාලිංග සිය පවුල සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සුදානම් බවට ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
ඔහුගේ අවසන් තරගය බවට පත්වනු ඇත්තේ තරග 3 කින් යුතු සංචාරක බංග්ලාදේශ තරගාවලියේ පළමු එක්දින තරගයයි.මාලිංග එංගලන්තයේ ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව
බලා ගොස් තිබුණි.
පසුගිය දිනවල සිය ඕස්ට්‍රෙලියානු නිවහනේ සිට ඉදිරි වැඩ සැලසුම් කරමින් සිටි මාලිංග තේරිම් කමිටු සභාපති අසන්ත ද මැල් හට ඕස්ට්‍රේලියාවේ සිට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ බංග්ලාදේශ තරගවලට සහභාගිවිම සදහා තමන් අද (22)  ශ්‍රි ලංකාවට පැමිණිමට හැකි බවයි.
ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමේන් අනතුරුව ලසිත් මාලිංග එහි පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරිමේ සුදානමක් පවතින බවටද තොරතුරු  ලැබී තිබේ.
තේරීම් කමිටුව විසින් මුළු තරගමාලාවම ක්‍රීඩා කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියද, පළමු තරගය අවසන් වීමෙන් පසුව තමා නතරවන බව මාලිංග දන්වා ඇත.
එක්දින ක්‍රිකට් පිටියේ ඉනිම 219 කදී කඩුලු 335 ක් රැස්කරමින් ශ්‍රී ලංකාවේ තෙවැනි වැඩිම කඩුලු ලාභියා වූ ඔහු තෙවැනියා වන්නේ මුත්තයියා මුරලිදරන් (523) සහ චමින්ද වාස් (399) දෙදෙනාට පමණි.
ටෙස්ට් ක්‍රිකට් පිටියේදී කඩුලු 100 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හත් දෙනාගෙන් එක් අයෙකු වන මාලිංග සිය වෘත්තීය ජීවිතය තුළ දණහිසේ ආබාධ නිසා ටෙස්ට් තරග අතහැර දැමීමට තීරණය කළ අයෙකි.
පාසල් කාලයේ ගාල්ල රත්ගමදී මෘදු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී ඔහුගේ යෞවන වයසේදී හිටපු ශ්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු චම්පක රාමනායක විසින් සොයාගත් මාලිංග ඔහුගේ සාම්ප්‍රදායික නොවන පන්දු යැවීමේ ක්‍රියාවලිය නිසා කැපී පෙනුණි.
ඉන්පසු ඔහු ලෝකයේ වඩාත්ම තාක්‍ෂණිකව නිවැරදි පිතිකරුවන් පවා භීතියට පත් කරන යොර්කර් පන්දු යවන්නෙකු වූ අතරම එය ඔහුගේ වෘත්තියේ ලාංඡනය විය.
ඔහු මේ වසර මුලදී නවසීලන්තයේ පැවති එක්දින තරගාවලියකට නායකත්වය දුන්නේ දිනේෂ් චන්දිමාල් වෙනුවට නායකයා ලෙස පත් වීමක් ලැබීමෙනි නමුත් “අභ්‍යන්තර කැරැල්ල” හේතුවෙන් ලෝක කුසලානය සඳහා ඔහු නායකයා ලෙස නම් කර තිබුනේ නැත.
 මාලිංගගේ ඉවත්වීම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට බලවත් පහරක් වනු ඇත.
කෙසේ වෙතත් මාලිංගගේ ඉවත්වීම ගැන අදහස් දක්වා ඇති තේරීම් ප්‍රධාන අසන්ත ද මෙල්
“මාලිංගගේ විශ්‍රාම යාමෙන් අපට ඊළඟ පරම්පරාවේ වේග පන්දු යවන්නන් සොයා ගැනීමට හා පෝෂණය කිරීමට හොඳ අවස්ථාවක් ලැබෙනු ඇත” යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

ලෝක කුසලානය අස්සේ කාගේත් අවධානය දිනාගත් යුවතියන් තිදෙනා මෙන්න

2019 එංගලන්ත-වේල්ස ලෝක කුසලානය දැන් ඇරඹී හමාරය.
තරග උණුසුම, දිනුම - පැරදුම හයේ හතරේ පහරවල් මෙන්ම තිරයෙන් පිටුපස සිදුවන බොහෝ දේ පිළිබඳව ප්‍රේක්ෂක අවධානය යොමුවෙයි.
ඒ අතරින් බොහෝ දෙනාගේ උනන්දුවට පාත්‍ර වී ඇත්තේ රූපවාහිනි තිරයෙන් පන්දුවට පිත්තට පණ දෙන කාන්තා කටහඬ කිහිපය වෙතයි.
එනම් මෙවර ලෝක කුසලාන විස්තර විචාරක මඬුල්ලට එක්වී සිටින කාන්තාවන් තිදෙනා වෙතය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය මාසයේ නම් කළ විස්තර විචාරක මඬුල්ල විසිහතර දෙනකුගෙන් සමන්විතය.
පිටියේදී පන්දුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ප්‍රවීණයන් මෙන්ම හිටපු ක්‍රිකට් නායකයන්ගෙන්ද යුතු වූ මේ විසි හතර දෙනා අතරට කාන්තාවන් තිදෙනකු ද අයත් වීම විශේෂිත කාරණයකි.
මේ අපූරු කාන්තා කටහඬ තුන අයිති වන්නේ හිටපු එංගලන්ත ක්‍රීඩිකා ඊෂා ගුහා, හිටපු ඕස්ට්‍රේලියා ක්‍රීඩිකා මෙලනි ජෝන්ස් හා ප්‍රවීණ එංගලන්ත හා BBC නිවේදිකා ඇලිසන් මිචෙල්ටය.
මොවුන් තිදෙනා මෙසේ එක්වීම විශේෂ වන්නේ එබඳු කාන්තා නියෝජනයක් ලෝක කුසලානයට සමගාමීව සිදුවන පළමු අවස්ථාව මෙය බැවිනි.
රූපවාහිනි නිවේදනය සම්බන්ධව ගත් කල මේ තිදෙනාගෙන් වඩාත් පළපුරුදුකාරිය වන්නේ විවිධ ක්‍රීඩා වෙබ් අඩවි, විස්ඩන් ක්‍රිකට් සඟරාව, ටයිම්ස් හා ද ගාර්ඩියන් වැනි පුවත්පත් සමඟ ලේඛිකාවක ලෙසද කටයුතු කරන ඇලිසන් මිචෙල්ය.
ඇලිසන් මිචෙල් දක්ෂතා දක්වන්නේ ක්‍රිකට් පිටියේ සිදුවන දෑ වචනවලට හරවන්නට පමණක් නොවේ.
ඇය මලල ක්‍රීඩා, ටෙනිස්, ගොල්ෆ්, ජිම්නාස්ටික් ආදී වශයෙන් වූ විවිධ ක්‍රීඩා සජීවීව ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට තම කටහඩින් දායක වන්නීය.
ගුවන් විදුලි නිවේදනයෙන් තම ආගමනය සිදුකළ මිචෙල් කිසි දිනෙක තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබුණු තැනැත්තියක නොවේ.
විවිධ ක්‍රීඩා පිළිබඳ අෑ සතු වූ මේ අපූරු දැනුමත් අවබෝධයත් හේතුවෙන් එකිනෙකට වෙනස් වූ බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් ආවරණය කිරීම සඳහා ඇගේ කටහඬ යොදා ගැනිණ.
විම්බල්ඩන් ටෙනිස් තරගාවලි, 2014 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල, බීජිං ඔලිම්පික් උළෙල, කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය, ICC චැම්පියන්ස් ක්‍රිකට් තරගාවලිය ආදී වශයෙන් ඉන් කිහිපයක් සඳහන් කරන්නට පුළුවන.
බී.බී.සී. ගුවන් විදුලිය සමඟින් ක්‍රීඩා විස්තර විචාරයට අත්පොත් තැබූ ඇය අද වනවිට චැනල් සෙවන්, චැනල් ෆෝ, ස්කයි ස්පෝට්ස්, ඊ.එස්.පී.එන්., ස්ටාර් ස්පෝර්ට්ස් වැනි විවිධ ආයතන සමඟ කටයුතු කරන්නීය.
දෙවැන්නිය වන්නේ හිටපු එංගලන්ත ක්‍රීඩිකා ඊෂා ගුහාය. ටෙස්ට් තරග අටකදී හා එක්දින තරග 83කදී එංගලන්තය නියෝජනය කළ ඊෂා ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගත්තේ 2012 වසරේදීය. 2009 වසරේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තම රට වෙනුවෙන් දිනා ගන්නට එංගලන්ත පිල සමත් වෙද්දී ඊට දායකත්වය සැපයූ ක්‍රීඩිකාවක් ලෙසද ඇය හඳුනාගන්නට පුළුවන.
එක්දින තරග කඩුලු සියය ඉක්මවා දවාගන්නට සමත්වූ ඊෂා විස්තර විචාර අට්ටාලයට පා තබන්නේ 2012 වසරේදීය. ඒ ITV ක්‍රීඩා විකාශන ජාලයත් සමඟයි.
ඒ වසරේදීම ඇයට තවත් සුවිශේෂී කටයුත්තකට සම්බන්ධ වන්නට ලැබෙන්නේ මේ ITV නාළිකා සමූහය හරහාය. ඒ එම වසරේම ITV 4 නාළිකාව හරහා ඉන්දීය ප්‍රිමියර් ලීගය හා සම්බන්ධ වීමෙනි. ඉන්පසු ඇය තවත් පියවරක් තබමින් 2018 වසරේදී ස්කයි ස්පෝට්ස් සමඟ එක් වූවාය.
ඇගේ කටහඬ ක්‍රිකට් ක්‍රීඩාවට කොපමණ වැදගත් දැයි ඔප්පු කරන්නට මෙන් ඒ වසරේදීම ෆොක්ස් ස්පෝර්ට්ස් ජාලයද ඇය තම විස්තර විචාර කටයුතුවලට එක්කර ගත්තේය.
Ashes Cricket 17 නමැති පරිගණක ක්‍රීඩාව ඔබ උත්සාහ කර ඇත්තේ නම් මේ තුන් දෙනාගෙන් අනෙක් කටහඬ නොදන්නවා විය නොහැකිය.
ඒ ඕස්ට්‍රේලියාවේ මෙලනි ජෝන්ස්ය. 2007 අවුරුද්දේ චැනල් නයින් සමඟ ක්‍රිකට් විස්තර විචාරයට පය තැබූ මෙලනි ජෝන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත්තේ 1997 වසරේදීය.
පිතිකාරිනියක ලෙස දස්කම් පෙන්වූ මෙලනි ජෝන්ස් ඊට වසරකට පසුව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම ද දිනාගන්නට සමත් වූවාය.
ටෙස්ට් ශතකයකටද හිමිකම් කී ජෝන්ස් සරේ ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමද නියෝජනය කළාය.
2015 වර්ෂය ඇගේ ක්‍රිකට් විස්තර විචාර ජීවිතයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ එකක් වූයේය. ඊට හේතුව වූයේ 2015 ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ විස්තර විචාරිකාවක් ලෙස කටයුතු කරන්නට ඇයට අවස්ථාව හිමි වීමයි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම කාන්තා ක්‍රිකට් ඉසව්ව වන කාන්තා බිග් බෑෂ් ලීගය සමඟද ඒ වසරේ එක්වූ ඇයට ඊළඟ තරග වාරයේදී බිග් බෑෂ් පිරිමි තරගාවලියේ විස්තර විචාරක අසුනක් හිමිවිය.
ඕස්ට්‍රේලියානු ස්වදේශිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය වැඩසටහනකටද දායකත්වය සැපයූ ජෝන්ස් සමාජ සේවිකාවක ලෙසද නමක් දිනා සිටින්නීය.

ඩේව් වට්මෝර් යළිත් එයි

පසුබෑමකට ලක්ව තිබෙන බවට හඳුනාගෙන තිබෙන මෙරට දෙවැනි පෙළ ක්‍රිකට් කණ්ඩායම නගා සිටුවීමේ අරමුණ පෙර දැරිව 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේව් වට්මෝර් මහතාව නැගී එන කණ්ඩායමේ හෝ සංවර්ධන සංචිතයේ පුහුණුකරුවකු ලෙස බඳවා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
මේ සඳහා ඉකුත් සති දෙක තුනක පමණ කාලයේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කීපයක්ම පැවැත්වී තිබෙන අතර අවස්ථා කීපයකදීම වට්මෝර් මහතා ක්‍රිකට් ආයතන පරිශ්‍රයට පැමිණ සාකච්ඡා කීපයක්ම පවත්වා තිබෙන බව කියැවේ.
මේ සම්බන්ධව ක්‍රිකට් ආයතන ප්‍රධානියකුගෙන් කරන ලද විමසීමේදී, “වට්මෝර් වගේ කෙනෙක්ගේ සේවය ලබා ගැනීමට හැකිවුවහොත් ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් හදා ගත හැකි කියන මතයේ හැමෝම හිටියා. අන්න ඒකයි අපි ඔහු සමඟ සාකච්ඡා කිරීමට තීරණය කළේ. කොහොම වුණත් ඒ සඳහා ඔහු ගාව හොඳ සැලැසුම් තියෙනවා. ඒ පිළිබඳව ඔහු කතා කරපු අවස්ථාවේදී අපිට තේරුම් ගියා. බොහෝ විට ගොඩක් වෙලාවට ඔහු ශ්‍රී ලංකා සංවර්ධන සංචිතයේ හෝ නැගී එන කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් වේවි” යැයි පවසා සිටියේය.
1996 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සඳහා තිරස පිටුපස මෙහෙවර කළ පිරිස අතර ඩේව් වට්මෝර් මහතාගේ නම නිරන්තරයෙන්ම කියැවෙයි. වත්මන් ඉන්දීය කණ්ඩායම් නායක විරාත් කෝලි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරද්දී ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන ලද්දේ වට්මෝර් මහතාය. ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයෙන් ඉවත්ව යෑමෙන් පසු ඔහු බංග්ලාදේශය සහ පාකිස්තානය ඇතුළු ජාත්‍යන්තර රටවල් කීපයකම ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය. කෙසේ වෙතත් එම කොන්ත්‍රාත්තු අවසන් වීමෙන් පසු මීට වසර 2 කට පමණ ඉහතදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයකු ලෙසද වට්මෝර් මහතා කටයුතු කළේය.

ගාලු තරගය යන අතරතුර බෝඩ් ප්‍රදර්ශණය තහනම් කෙරේ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (06) සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරගයේදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම වළක්වාලමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා වාරණයක් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එහිදී ගාල්ල පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු ලබා නොදීමට විරෝධය දක්වා පිරිසක් ක්‍රීඩාංගණය තුළ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මේ අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවය කොට දූෂණ අක්‍රමිකතා හේතුවෙන් මාතර කොට්ඨාසයට මාරු කරන දෙදෙනකු මෙම කටයුතු සංවිධානය කරන බවට තොරුතුරු ලැබි ඇති බව එහිදී කරුණු අනාවරණය වී තිබෙනවා.

අලි බලන්න ගිය එංගලන්ත ක්‍රීඩකයෝ අලි අමාරුවක වැටිලා

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දවස් වල ඉන්නේ ලංකාවේ.දෙරට අතර පැවැත්වුණු පළවෙනි එක්දින තරඟය වැස්සට හේදිලා යද්දි දෙවන තරඟය හෙට (13) පැවැත්වෙන් නියමිත වෙලා තිබෙනවා.
කොහොම වුණත් එංගලන්ත ක්‍රීඩකයන්ට  ඊයේ (11) පුංචි විවේකයක් ලැබුණා.ඒ ලැබුණු විවේකයෙන් ලංකාවේ සුන්දරත්වය බලන්න ඔවුන් අමතක කලේ නෑ.ඔවුන් අලින්ව බලන්න මින්නේරි වනෝද්‍යනයට ගියා.ඒ අතරේ ඔවුන් ගිය වාහනය මඩේ එරිලා කරදරේක වැටුණත් ලංකාවේ අයගෙ උදව්වෙන් මඩේ එරුන වාහනේ ගොඩට ගත්තා.
ඒ අතරේ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොනි බෙයාස්ටෝ සිගීරියේ ගියපු ඡායාරූප වගයකුත් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්  කරලා තිබුණා.ලංකාවේ ඉතිහාසය පුදුම දනවන සුළුයි කයිලා තමයි ඔහු කියලා තිබුනේ.

ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට


2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසට දිනේෂ් චන්දිමාල් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එමෙන්ම එළඹෙන එංගලන්ත සංචාරයේ එක්දින සංචිතයෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ඉවත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
මේ  අතර එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ද නම්කර තිබෙනවා.
එහි නායකයා ලෙසට දිනේෂ් චන්දිමාල් නම්කර ඇති අතර දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිලවා සහ දිල්රුවන් පෙරේරා ඇතුලත්.
රංගන හේරත්, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන් සහ නිරෝෂන් දික්වැල්ල ද ටෙස්ට් සංචිතයට ඇතුලත්.
අතිරේක ක්‍රීඩකයන් ලෙසට දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු තිරිමාන්න, කුසල්  ජනිත් පෙරේරා සහ නිශාන් පීරිස් නම්කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය ද නම් කෙරුනා. නායක දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා සහ අකිල ධනංජය එම සංචිතය නියෝජනය කරනවා.
දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග,  අමිල අපොන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ කුසල් ජනිත් පෙරේරා එක්දින සංචිතයේ සෙසු ක්‍රීඩකයන්.
අතිරේක ක්‍රීඩකයන් ලෙසට ශෙහාන් මධුෂංක, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ ජෙෆ්රි වැන්ඩසේ නම්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

චොකලට් කේක් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන වාසි.

චොකලට් කේක් කැබැල්ලක් ආහාරයට ගැනීම බොහෝ වෙලාවට අපට සතුටක් ගෙන දෙන කාරණයකි. නමුත් තමාගේ සෞඛ්‍ය තත්වය නිරෝගිව පවත්වා ගැනීමට කැමති බොහෝ දෙනා චොකලට් කේක් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරයි.නමුත් නවතම අධ්‍යන වලින්
හෙළි වී තිබෙන්නේ චොකලට් කේක් ආහාරයට එකතු කරගනිම වරදක් නොවන බවයි.
නිව්යෝර්ක් හි පවත්වා ඇති මෙම සමීක්ෂණයට පුද්ගලයන් 968ක් සහබාගී වී ඇත. ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 23-98 ත් අතර විය. මෙම අධ්‍යනයෙන් පුද්ගලයන්ගේ විවිධ හැසිරීම් රටා අධ්‍යනය කර ඇති අතර ඒවාට කිසිදු බලපෑමක් එල්ල කර නොමැත.
මෙම අධ්‍යනයෙන් හෙළි වී ඇති පරිදි චොකලට් කේක් අනුභව කිරීමෙන් පුද්ගලයන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වන අතර එමගින් මතකය සහ චින්තන හැකියාවද වර්ධනය වේ. තවත් අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ චොකලට් කේක් කැබැල්ලක් උදෑසන
ආහාරයට එකතු කරගැනීමේන් දවසේ වැඩ ඉටු කිරීම් අසදහා අවශ්‍ය ශක්තිය සැලසෙන බවයි. එමෙන්ම දිනපතා චොකලට් කේක් ආහාරයට ගැනීමෙන් ඔබගේ බර අඩුවීමද සිදු වේ.
ඔබගේ මොලයට අවදිව සිටීම සදහා ශක්තිය අවශ්‍ය වේ. මේ හේතුව නිසා ඔබ උදෑසන කාලය තුල ගන්නා ආහාර ඉක්මනින් ශක්තිය බවට පත් වේ. මේ හේතුව නිදා උදෑසන ආහාරය සදහා චොකලට් කේක් ආහාරයට ගැනීම වඩාත් ප්‍රතිපලදායි වේ.
මෙම අධ්‍යනයෙන් හෙළි වී ඇති පරිදි උදෑසන 9 ට පෙර චොකලට් කේක් ආහාරයට ගැනීම සුදුසු වන වේ. චොකලට් කේක් වල අඩංගු ශාකමය ආහාර සහ එහි අඩංගු වෙනත් සංයෝග අපගේ සෞඛ්‍යට බොහෝ හිතකර වේ. ඉතින් තවදුරටත් චොකලට් කේක් අනුභව කිරීම රසවත් වරදක් නොවේ

බාසිලෝනා කණ්ඩායම භාවිත කරන විශේෂ උපකරණයක් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට..


sl-5
මෙවර නිදහස් කුසලාන තරගාවලියේ සිට ක්‍රීඩකයන්ගේ ශාරීරික මෙවර නිදහස් කුසලාන තරගාවලියේ සිට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්නුම්කරන ‘GPS’ උපරකරණයක් පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා පුහුණුකරු (Fitness trainer) නික් ලී, සඳුදා (මාර්තු 12) කොළඹදී විදේශ මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් භාවිතා කරන මෙම නවතම උපාංගය ගැන මාධ්‍ය දැනුවත් කළේය. මෙමගින් ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයන්ගේ සියලු අංග චලනයන් දත්ත ලෙස එක්කාසු වී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලැබෙන බව ඔහු පැවසුවේය.

“දැන් බංගලාදේශය සමග තරගය ගත්තොත්, දුවපු ප්‍රමාණයේ ඉඳලා සෑහෙන තොරතුරු ගබඩා වෙනවා. ඒවා ක්ෂණිකව අපේ තිරය මත දිස්වෙනවා. එතකොට මට පුහුණුකරු සමග එක්ව ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් සැලසුම් කරන්න පුළුවන්” යනුවෙන් නික් ලී කියා සිටියේය.

“අපි ඒ උපකරණය පැළඳ ගෙන ක්‍රීඩා කරා. ඇත්තටම හොඳ දෙයක්. පන්දු රැකීමේදී තමයි ගොඩක් වැදගත. පන්දුවට පහරදීමේදී සමහර ක්‍රීඩකයන් ඒක පළඳින්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කැමතියි සුපුරුදු විදිහට ක්‍රීඩාකරන්න. මානසික දෙයක් ඒක” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු නව උපකරණය ගැන බීබීසී සිංහල පුවත් සේවය සමග පවසා සිටියහ.

මේ අතර ස්පාඤ්ඤයයේ බාසිලෝනා කණ්ඩායම භාවිතා කරන ක්‍රීඩකයන් කළමනාකරණය කිරීමේ මෘදුකාංගයක්ද ශ්‍රී ලංකාව මිලදී ගෙන ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර කණ්ඩායමක් සතු නවීන තාක්ෂණය ශ්‍රී ලංකා කණ්ඩායමටද දැන් ඇති බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේය.

නිදහස් කුසලාන තරගවලියේ ඉන්දියාව සමග සඳුදා පැවති තරගයෙන් පරාජයට පත්වීමත් සමග තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට බංගලාදේශයට සමග සිකුරාදා (මාර්තු 16) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබේ.

සිංහයන්ගේ ජයත් සමඟ බුකිය කැළඹුණු හැටි – Photos

පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා..