Showing posts with label Kik Life. Show all posts

ශ්‍රී ලාංකිකයන්ට වීසා නැතුව යන්න පුළුවන් රටවල් 15

  1. බහමාස්

සෞම්‍ය කාලගුණයක් හැමවිටම පාහේ දරන බහාමාස් දිවයින අපේ ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ සංචාරකයන්ගේ ශීත සෘතුව ගෙවෙන තෝතැන්නක්. සිත්ගන්නාසුළු නොගැඹුරු මුහුදු තීරය, ජල ක්‍රීඩා, ලුකැයන් ජාතික වනෝද්‍යානය සහ දේශීය නිර්මාණයන්ගෙන් පිරුණු වෙළඳපොළක් ඇති බහාමාස් සමූහාණ්ඩුව අපි වගේම අතීතයේ බිත්‍රාන්‍ය පාලනයට යටත්ව තිබූ රටක්. මෙහි අපිට මාස තුනක් ම හිතුමතේ සංචාරය කරන්න පුළුවන්.

2. බාබඩෝස්

බාබඩෝස් කැරිබියන් මුහුදේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇත. එය බටහිර ඉන්දියානු මහාද්වීපික දූපත් වන අතර බටහිර අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇත. 1942 ස්පාඤ්ඤය සතු වුවත් හා පසුව පෘතුගාලයෙත්, බාබඩෝස්, එක්සත් රාජධානියේත් පාලනයට නතුවු වාස භූමියක් සේ ශතවර්ෂ 03ක් පැවතුණි. වර්තමානයේ 2 වැනි එළිසබෙත් රැජින රට පාලනය කරයි.මෙහි අපිට මාස 6ක් ම හිතුමතේ සංචාරය කරන්න පුළුවන්

3. බොලිවියාව

බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍ය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. එයට මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලයටද, දකුණින් පැරගුවේ රාජ්‍යයට හා ආජන්ටිනාවටද, බටහිරින් චිලි හා පේරුරාජ්‍යයටද වේ. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍ය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. එය ඇමෙරිකන් කොලොම්බියානුව තුළ වු විශාලතම ජනපදයයි.මෙහි මාස 3ක් නැවති සිටිමට හැකි විසා නොමැතිව.

4. ඉක්වදෝරය

නිල වශයෙන් රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් යනුවෙන් හැඳින්වෙන ජනරජය. දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි.මෙහි මාස 3ක් නැවති සිටිමට හැකි විසා නොමැතිව.ඔයා ඉක්වදෝරයට සංචාරය කලා කියන්නේ හරියටම පෘථිවියේ සමකය මැදට සංචාරය කලා කියලයි. GPS දත්ත වලට අනුව හරියටම සමකයට හසු වෙන ස්තානය සටහන් කරපු පුවරුවකුත් මෙහි දකින්නට ලැබෙනවා. ඇමසන් වනාන්තරයට සංචාරය කරන්න පුලුවන් ඇමරිකාවේ තියෙන මිලෙන් අඩුම ස්තානය තමයි ඉක්වදෝරය. ඒ වගෙම ඔයා ඉක්වදෝරයට සංචාරය කරනවා නම් ගිණි කදු තරණය, කැනියම් සංචාරය, පැරශුට් පැදීම, දිය ඇලි හා උණුදිය උල්පත් වගේ අපූරු අත්දැකීම් රැසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

5. ඉන්දුනීසියාව

ඉන්දුනීසියා ජනරජය ලෙසද හැඳින්වෙන ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ.වෙනස් භෂාවන් කතා කරන ජනවර්ගයන් සිය ගණනක් මේ රටේ වාසය කරනවා. විදෙස් සංචාරකයන් අතර ඉන්දුනීසියාව ජනප්‍රිය වෙලා තියෙන්නේ එහි තියෙන මනස්කාන්ත මුහුදු වෙරළවල්, ගිණිකදු, කොමඩෝරගන් සත්වයන්, අලි, ඔරන් ඔටන් සහ කොටියන් නිසයි. ඒ වගෙම ඉන්දුනීසියාවේ අගනගරය වන ජකර්තා පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා දූපත තුලයි. ඉන්දුනීසියාව කියන්නේ ශ්‍රිලාංකිකයන් වන අපිට අඩු මුදලකින් සංචාරය කරන්න පුලුවන් රටක්.මාසයක් විසා නොමැතිව සංචාරය කල  හැක

6. උගන්ඩාව


උගන්ඩා ජනරජය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සතර දෙසින්ම භූමියෙන් වටවූ රාජ්‍යකි. මෙහි දේශ සීමාවන් ‍මෙසේ වෙයි.නැගෙනහිරට කෙන්යාව, උතුරට සුඩානය, බටහිරට කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා දකුණට ටැන්සානියාවත්, කෙන්යාවෙන් හා ටැන්සානියාවෙන් ද මායිම් වී පවතින වික්ටෝරියා විලෙන් සෑහෙන කොටසකින්ද 
මෙරටෙහි දකුණු ප්‍රදේශය සමන්විත වෙයි.මාස 3ක් සදහා මෙහි යා හැක

7. ඉරානය

ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. විශ්වාස කරන්න ඉරානයේ විතරක් ලෝක උරුමයන් විදියට නම් කරපු ස්තාන 19ක් තියෙනවා. පෞරානික සේදමාවතේ ඉතාමත් වැදගත් වෙළද මධ්‍යස්තානයක් වන තබ්‍රිස් බසාර් පිහිටලා තියෙන්නෙත් ඉරානය තුලයි. හැබැයි මතක තියා ගන්න සංචාරකයො ගොඩක් දෙනෙක් ඉරානයට යන්නේ විනෝද වෙන අදහසින් නම් නෙමෙයි. ඉරානයේ ඉතිහාසය හා සංස්කෘතිය අත්විදීමට තියෙන ආශාව නිසයි. මේ දේවල් වලට කැමති නම් ඔයාටත් ඉරානයට සංචාරය කරන්න පුලුවන්. ශ්‍රිලාංකිකයන් වන අපිට ඉරානය විසින් මාසයකය free වීසා කාලයක් ලබලා දෙනවා.

8. කෙන්යාව

කෙන්යා ජනරජය නැගෙනහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. ඉන්දියන් සාගරයෙහි සමකය මත පිහිටා ඇති කෙන්යාව, උතුරු දෙසින් ඉතියෝපියාවෙන් ද, ඊසාන දිගින් සෝමාලියාවෙන් ද, දකුණු දෙසින් ටැන්සානියාවෙන් ද, බටහිරින් උගන්ඩාව හා වි‍ක්ටෝරියා විලෙන් ද , වයඹ දිගින් සුඩානයෙන් ද මායිම් ව පවතී.මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

9. ලෙසතෝ

මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

10. මැඩගස්කරය හෙවත් මැඩගස්කර් ජනරජය, අප්‍රිකාවේ ගිනිකොණ වෙරලට ඔබ්බෙහි ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වේ. මැඩගස්කරය නමින් ද හඳුන්වනු ලබන ප්‍රධාන දූපත, ලොව පිහිටි විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නා වූ දූපතක් වන අතර ලෝකයේ ශාක සහ සත්ව විශේෂයන් ගෙන් සියයට 5% ක පමණ ප්‍රමාණයකට නිවහන ද වේ. මින් සියයට 80% ක පමණ ප්‍රතිශතයක් මැඩගස්කරයට පමණක් ආවේනික වෙති.මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

11. ඩොමිනිකාව

වර්ග කි.මි. 754 (වර්ග සැතපුම් 291) සහ උසම ස්ථානය වන්නේ මොර්න් ඩයබ්ලොටිස් වන අතර, එහි උස මිටර් 1447 (අඩි 4747) කි. ඩොමිනිකා පොදු රාජ්‍යයේ ජනගහනය 72,000 වන අතර අගනුවර වනනේ රොසෙයියු ය. ඩොමිනිකාව ‘කැරබියන් සොබාදහමේ දුපත’ යනුවෙන් හැඳින්වීමට හේතුවී ඇත්තේ එහි ඇති විනාශ නොවූ ස්වභාව සම්පත නිසාය.මාස 6ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

12. මාලදිවයින

මාස 1ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

13. මියන්මාරය

ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 676,578 (වර්ග සැතපුම් 261,228)ක් වූ මෙහි වත්මන් අගනගරය වන්නේ නයිපිඩෝ වුවත්, එහි විශාලතම නගරය වන්නේ එහි පැරණි අගනුවර වූ යැන්ගුන් හෙවත් ‍රැන්ගුන් නගරයයි.දින 28ක් සදහා විසා අවශ්‍ය නෑ

14. නේපාලය

මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි.මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

15. සමෝආ

මාස 2ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.


සුෂාන්ත් සිං රාජ්පුත්: බොලිවුඩ් නළුවාගේ මරණය නිසා මානසික සෞඛ්‍යය ගැන අලුත් කතාබහක් .



සුෂාන්ත් සිං රාජ්පුත්: බොලිවුඩ් නළුවාගේ මරණය නිසා මානසික සෞඛ්යය ගැන අලුත් කතාබහක් ...
ජනප්රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමග මානසික සෞඛ්යය සම්බන්ධයෙන් යළිත් වරක් සංවාදයක් මතුවෙමින් තිබේ.
34 හැවිරිදි සුෂාන්ත් මුම්බායිහි ඔහුගේ නිවසේදී මරණයට පත්ව සිටියදී ඉරිදා (ජූනි 14) සොයා ගැනුණු අතර එය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය සැක කරයි.
මෙම ප්රවෘත්තිය සැලවීමත් සමග සිනමා රසිකයින් සහ බොලිවුඩ් නළු නිළියන් සංවේගය පළ කළ අතර, එම අදහස් මානසික සෞඛ්යය සහ විෂාදය පිළිබඳ සාකච්ඡාවලට පරිවර්තනය වන්නට විය.
තමන් විෂාදයෙන් පීඩා විඳි බව ප්රසිද්ධියේ හෙළි කළ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පැවසුවේ, මානසික සෞඛ්යය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවය.
"කතා කරන්න. සන්නිවේදනය කරන්න. ඔබේ හැඟීම් කියන්න. උදව් ලබා ගන්න," ඇය සිය ඉන්ස්ටග්රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබිණි. "මතක තබා ගන්න, ඔබ තනිවෙලා නැහැ. අපිත් ඔබ සමග ඉන්නවා. වැදගත්ම දේ අපට බලාපොරොත්තුවක් තියෙනවා."
PK හින්දි සිනමා පටයේ සුෂාන්ත් සිං සමග රඟ පෑ අනුෂ්කා ෂර්මා සටහන් කර තිබුණේ, "ඔබ මුහුණ දුන් කිසි ම කරදරයකදී උපකාර කිරීමට නොහැකි වූ පරිසරයක ජීවත් වීම පිළිබදව ඉතා ම කනගාටුවට පත් වන," බවය.
මානසික සෞඛ්යය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීම සහ ඒ සම්බන්ධයෙන් පවතින බාධා හේතුවෙන්, ඉන්දියාව තුළ මානසික සෞඛ්යය පිළිබඳව කතා කිරීම කෙතරම් දුෂ්කර ද යන්න සම්බන්ධයෙන් තවත් විශාල පිරිසක් අදහස් පළ කර තිබිණ.
"ඉන්දියාව තුළ මානසික සෞඛ්යය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තියෙන්නේ, ගොඩක් දුරින්. සුෂාන්ත්ගේ මරණය ගැන වැළපෙන බොහෝ දෙනෙකු, සාමාන්ය පුද්ගලයෙකු එසේ කළ විට හාස්යයට ලක් කිරීම හෝ ඕපාදූප කීම සිදු කරනවා," The Indian Express පුවත්පතේ සංස්කාරකවරයෙකු වන රාහුල් සබර්වාල් ට්විටර් ඔස්සේ සටහන් කර තිබිණි.
තවත් සමාජ මාධ්ය භාවිත කරන්නෙකු වන නොරීන් වෝසර් පැවසුවේ, "සීමා ඉවත දමා මානසික සෞඛ්යය සම්බන්ධයෙන් මීට වඩා ප්රමුඛත්වයක් ලබා දිය යුතු" බවය. "ඔබ විෂාදයෙන් පෙලෙනව නම් ඔයා ම ඒකෙන් මිදෙන්න - කියන මානසිකත්වයෙන් මිදිය යුතුයි," යනුවෙන් ද ඇය පැවසීය.
ඉන්දියාවේ මානසික සෞඛ්ය නීති සහ ප්රතිපත්ති මධ්යස්ථානයේ අධ්යක්ෂ වෛද්ය සෞමිත්ර පතාරේ බීබීසී පුවත් සේවයට පැවසුවේ, විෂාදය සහ සිය දිවි නසා ගැනීම් පිළිබඳව සංවාදයක් ඇති කිරීම වැදගත් වන බවය.
"එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සිදුවන සිය දිවි නසා ගැනීම්වලින් 80%කට බලපාල තියෙන්නේ විෂාදය බව පර්යේෂණ දත්තවලින් අනාවරණය වෙලා තියෙනවා. ඒත් ඉන්දියාව වගේ රටවල සිය දිවි නසා ගැනීම්වලට බලපාන වෙනත් හේතු රැසක් තියෙන්න පුළුවන්," ඔහු පැවසීය.
ඉන්දියාව තුළ ද සිය දිවි හානි කර ගැනීමට බලපාන කරුණු එකිනෙකට වෙනස් විය හැකි බව ද ඔහු සදහන් කළේය.
"උදාහරණයක් විදිහට තරුණියන්ගේ මරණයන්ට වැඩියෙන් ම බලපාන සාධකය සිය දිවි නසා ගැනීම්. මේ සඳහා බලපාන ප්රධාන කාරණය ගෘහස්ත ප්රචණ්ඩත්වය. අවුරුදු 18ට වඩා අඩු අයට බලපාන්නේ විභාග පීඩනය. ඒ වගේ ම ඉන්දියාවේ ග්රාමීය ප්රදේශවල ගොවියන්ට බලපාල තියෙන්නේ ආර්ථික දුෂ්කරතා," ඔහු පැවසීය.
ඉන්දියාවේ ජනප්රිය සිනමා සහ රූපවාහිනී රංගන ශිල්පියෙකු වූ සුෂාන්ත් වැඩි ම ජනප්රියත්වයට පත් වූයේ, MS Dhoni: The Untold Story චිත්රපටයේ ප්රවීණ ක්රිකට් ක්රීඩක මහේන්ද්ර සිං දෝනිගේ චරිතයට පණ පෙවීම හේතුවෙනි.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (ජුනි 15) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබිණි.

"COVID -19" රෝගී සටහන මාර්තු මස 31


වරහන් තුල දක්වා ඇත්තේ ඊයේ දවස තුල අදාල රටේ වැඩි වූ රෝගීන් ගණන
දැනට ලොවෙන්ම සොයා ගැනෙනු මුළු රෝගීන් 785 777 හා මරණ 37 815 ක් වාර්තා වී ඇත. රෝගීන් 165 607 සුවය ලබා ඇත...එසේම රටවල් 200 හා රාජ්‍යයන් කරා ව්‍යාප්ත වී ඇත

රෝගීන්ට 1 000 වැඩි රටවල් 41 කි ..එම රටවල් පහත දැක්වේ
1) ඇමරිකාව 163 479 ( 19 988 ) මරණ 3 148
2) ඉතාලිය 101 739 ( 4 050 ) මුළු මරණ 11 591
3 )ස්පාඤ්ඤය 87 959 ( 7 846 ) මරණ 7 716
3) චීනය මුළු රෝගීන් 81 518 ( 79 ) මුළු මරණ 3 305
5) ජර්මනිය 66 885 ( 4 450 ) මරණ 645
6) ප්‍රංශය 44 560 ( 4 376 ) මරණ 3 024
7) ඉරානය 41 495 ( 3 186 ) මුළු මරණ 2 757
8)බ්‍රිතාන්‍ය 22 141 ( 2 619 ) මරණ 1 408
9 ස්විට්සාර්ලන්තය 15 922 ( 1 093 ) මරණ 359
10)බෙල්ජියම 11 899 ( 1 063 ) මරණ 513
11) නෙදර්ලන්තය 11 750 ( 884 ) මරණ 864
12)තුර්කිය 10 827 ( 1 610 ) මරණ 168
13) දකුණු කොරියාව 9 661 ( 78 ) මුළු මරණ 158
14)ඔස්ට්‍රියාව 9 618 ( 830 ) මරණ 108
15)කැනඩාව 7 448 ( 1 128 ) මරණ 89
16)පෘතුගාලය 6 408 ( 446 ) මරණ 140
17)ඊශ්‍රයාලය 4 695 ( 448 ) මරණ 16
18)බ්‍රසීලය 4 630 ( 374 ) මරණ 163
19)ඔස්ට්‍රේලියව 4 460 ( 297 ) මරණ 19
20) නොර්වේ 4 445 ( 161 )මරණ 32
21) ස්වීඩනය 4 028 ( 328 ) මරණ 146
22)චෙකියා 3 001 ( 184 ) මරණ 23
23) අයර්ලන්තය 2 910 ( 295 ) මරණ 54
24) මැලේසියාව 2 626 ( 156 ) මරණ 37
25) ඩෙන්මාර්කය 2 577 ( 182 ) මරණ 77
26)චිලි 2 449 ( 310 ) මරණ 8
27 ) රුමේනියාව 2 109 ( 294 ) මරණ 65
28) පෝලන්තය 2 055 ( 193 ) මරණ 31
29) ලක්සම්බර්ග් 1 988 ( 38 ) මරණ 22
30)ඉක්වදෝරය 1 966 ( 42 ) මරණ 62
31)ජපානය 1 953 ( 87 ) මරණ 56
32)රුසියාව 1 836 ( 302 ) මරණ 9
33) පකිස්තානය 1 717 ( 120 ) මරණ 21
34)පිලිපීනය 1 546 ( 128 ) මරණ 78
35 )තායිලන්තය 1 524 ( 136 ) මරණ 9
36)සවුදි අරාබිය 1 453 ( 154 ) මරණ 8
37)ඉන්දුනීසියාව 1 414 ( 129) මරණ 122
38) ෆින්ලන්තය 1 352 ( 112 ) මරණ 13
39)දකුණු අප්‍රිකාව 1 326 ( 46 ) මරණ 3
40)ඉන්දියාව 1 251 ( 227 ) මරණ 32
41)ග්‍රීසිය 1 212 ( 56 ) මරණ 46
42)අයිස්ලන්තය 1 086 ( 66 ) මරණ 2
43) පැනමා 1 075 ( 86 ) මරණ 27
රෝගීන් 1000 ට අඩු 100 වැඩි රටවල් පහත දැක්වේ
44) මෙක්සිකෝ 993 ( 145 ) මරණ 20
45)පේරු 950 ( 98 ) මරණ 24
46)ඩොමිනික් රිපබ්ලික් 901 ( 42 ) මරණ 42
47)සිංගප්පුරුව 879 ( 35 ) මරණ 3
48)ආර්ජන්ටිනාව 820 ( ) මරණ 23
49 )කොලොම්බියා 798 ( 96 ) මරණ 14
50)ක්‍රොෂිය 790 ( 77 ) මරණ 6
51)සර්බියා 785 ( 44 ) මරණ 16
52)ස්ලෝවේනියා 756 ( 26 ) මරණ 11
53)එස්ටෝනියාව 715 ( 36 ) මරණ 3
ඩයමන්ඩ් ප්‍රින්සස් නැව 712 මරණ 10
54)කටාරය 693 ( 51 ) මරණ 1
55)හොං කොං 683( 41 ) මරණ 4
56)ඊජිත්තුව 656 (47 ) මරණ 41
57)ඉරාකය 630 ( 83 ) මරණ 46
58)එක්සත් අරාබි එමීර් 611 ( 411 ) මරණ 5
59)නවසිලන්තය 589 ( 75 ) මරණ 1
60)ඇල්ජිරියාව 584 ( 73 ) මරණ 35
61)මොරොක්කෝ 556 ( 77 ) මරණ 33
62)යුක්රේනය 548 ( 73 ) මරණ 13
63)බහරේන් 515 ( 16 ) මරණ 4
64)ලිතුවේනියා 491 ( 31 ) මරණ 7
65)ආර්මේනියාව 482( 58 ) මරණ 3
66)හංගේරියා 447 ( 39 ) මරණ 15
67)ලෙබෙනනය 446 ( 8 ) මරණ 11
68)ලැටිවියා 376 ( 29 )
69)ඇන්ඩෝරා 370 ( 36 ) මරණ 8
70)බොස්නියා 368 ( 45 ) මරණ 10
71)ටියුනීසියා 362 ( 50 ) මරණ 10
72) බල්ගේරියාව 359 ( 13 ) මරණ 8
73)ස්ලෝවැකියා 336 ( 22 )
74)කොස්ටරිකා 336 ( 16 )මරණ 2
75)උරුගුවේ 320 ( 16 ) මරණ 1
76) තායිවානය 306 ( 8 ) මරණ 5
77)කසකස්ථානය 302 ( 18 ) මරණ 1
78)මොල්ඩෝව 298 ( 35 ) මරණ 2
79) උතුරු මැසාඩෝනියා 285 ( 26 ) මරණ 7
80)අසර්බයිජානය 273 ( 64 ) මරණ 4
81)ජෝර්දානය 268 ( 9 ) මරණ 5
82))කුවේට් 266 ( 11 )
83)බුර්කිනා ෆසෝ 246 ( 24 ) මරණ 12
84)සැන් මැරිනෝ 230 ( 6 ) මරණ 25
85)සයිප්‍රස් 230 ( 16 ) මරණ 7
86)රි යුනියන් දුපත් 224 ( 41 )
87)ඇල්බේනියාව 223 ( 11 ) මරණ 11
88)වියට්නාමය 204 ( 10 )
89)ඕම්නය 179 ( 12 )
90)ඇෆ්ගනිස්ථානය 170 ( 50 ) මරණ 4
91)කියුබාව 170 ( 31 ) මරණ 4
92)අයිවරි කෝස්ට් 168 (3 ) මරණ 1
93)ෆයිරෝ දුපත් 168 ( 9 )
94)සෙනගල් 162 ( 20 )
95)මෝල්ටා 156 ( 5 )
96)ඝානාව 152 ( ) මරණ 5
97)බෙලරුස් 152 ( 58 )
98)උස්බෙකිස්ථානය 149 ( 5 ) මරණ 2
99))චැනල් දුපත් 141 ( 33 ) මරණ 2
100)හොන්ඩුරාස් 139 ( 29 ) මරණ 7
101) කැමරුන් 139 ( ) මරණ 6
102)වෙනිසුවෙලා 135 ( 16 ) මරණ 3
103) නයිජීරියාව 131 ( 20 ) මරණ 2
104) මුරුසිය 128 ( 21 ) මරණ 3
105)බෘනයි 127 ( 1 ) මරණ 1
106)ශ්‍රීලංකාව 122 ( 5) මරණ 2
107)පලස්තීනය 117 ( 8 ) මරණ 1
108)කම්බෝජය, 107 ( 4 )
109)guadeloupe 106( ) මරණ 4
110)ජෝර්ජියා 103 ( 12 )
පහත රටවල් රෝගීන් 100 ට අඩු 10 ට වැඩි රටවල් වල්
111)බොලිවියා 97 ( 16 ) බොලිවියා 4
112)කිරිගිස්තානය 94 ( 10 )
113)මැර්ටින්ක් 93( ) මරණ 1
114)මොන්ටිනීග්‍රෝ 91 ( 6 ) මරණ 1
115)ට්‍රීනිටඩ් ඇන්ඩ් ටෝබෙගෝ 83 ( 5 ) මරණ 3
116)MAYOOTE 82 ( 19 )
117) DRC 81 ( ) මරණ 8
118)රුවන්ඩා 70 ( )
119)ජිබ්රෝල්ටර් 69 ( 4 )
120)පැරගුවේ 64( 5 ) මරණ 3
121)liechtenstein 62 (6)
122)කෙන්යා 50 ( 8 ) මරණ 1
123)අරුබා 50( )
124) බංගලිදේශය 49 ( 1 ) මරණ 5
125)මොනාකෝ 49 ( 3 ) මරණ 1
126)isle of man 49 ( 7)
127)ප්‍රංශ ගිනිය 43 ( )
128)මැඩගස්කර් 43 (4 )
129)මැකාවු 38 ( 1 )
130)ග්වාතමාලාව 36 ( 2 ) මරණ 1
131)ජැමෙයිකාව 36 ( 4 ) මරණ 1
132)ප්‍රංශ පොලිනීසියා 36 ( 6 )
133) සැම්බියා 35 ( 6 )
134) බාබඩෝස් 33 ( )
135)උගන්ඩාව 33 ( )
136) ටෝගෝ 30 ( 5 ) මරණ 1
137) එල් සැල්වදෝර් 30 ( 6 )
138)නයිජර් 27 ( 9 )මරණ 3
139)බර්මියුඩා 27 ( 5 )
140)මාලි 25 ( 7 ) මරණ 2
141) ඉතියෝපියව 23 ( 2 )
142)ගිනියා 22 ( 6 )
143)කොංගෝව 19 ( )
144) ටැන්සානියා 19 ( 5 )
145) ජිබුටි 18 ( )
146)) මාලදිවයින 17 ( )
147)සෙන්ට් මාටින් 15 ( 4) මරණ 1
148) එරිට්‍රියා 15 ( 3 )
149) හයිටි 15
150) නිව් කැලිඩෝනිය 15 ( )
151)බහාමස් 14 ( )
152)මියන්මාර් 14 ( 4)
153)කේමන් දුපත් 12 ( ) මරණ 1
154)ඩොමිනිකා 12 ( 1)
155)EQ ගිනීයා 12
156)මොන්ගෝලියාව 12 ( )
157)curacao 11 (3) මරණ 1
158))නැමීබියා 11 ( )
159),සිරියාව 10 ( 1) මරණ 2
160) ග්‍රීන්ලන්තය 10 ( )
පහත රටවල් රෝගීන් 10 අඩුවෙන් වාර්තා වේ
161)eswatini 9 ( )
162)ග්‍රේනේඩ 9 ( )
163) ශාන්ත ලුසියා 9 ( )
164)ගයනාව 8 ( ) මරණ 1
165) ගිනි බිසවු 8 (6 )
166),ලාඕසය 8 ( )
167) ලිබියා 8 ( )
168)මොසැම්බික් 8 ( )
169)සීෂෙල්ස් 8 ( )
170) සුරියානම් 8
171) ගැබොන් 7 මරණ 1
172)ඇන්ගෝලාව 7 ( ) මරණ 2
173) සිම්බාබ්වේ 7 මරණ 1
174)අනිටිගුවා හා බර්බියුඩා 7
175).සෑන්ඩ් කිට්ස් ඇන්ඩ් නෙවිස් 7 (5)
176) සුඩානය 6 ( ) මරණ 2
177))Mauritania 6 ( 1 )
178)cabo verde 6 මරණ 1
179)බෙනින් 6
180)වතිකානුව 6 ( )
181)සැන්ට් මාටින් 6
182)සෙයින්ට් බාර්ත් 6( 1 )
183) නේපාලය 5 ( )
184)ෆිජි 5
185)චැඩ් 5 ( 2)
186))MONSTERRAT 5
187)TURKS AND CAICOS 5 (1)
188)නිකරගුවා 4
189)ගැම්බියා 4 ( 1 )මරණ 1
190)භුතනය 4 ( )
191) CAR 3
192)BELIZE 3 (1)
193)ලයිබීරියා 3
194) සෝමාලියාව3
195) බොට්ස්වානා 3 (3)
පහත රටවල් වල රෝගියෙකු හා දෙදෙනෙකු බැගින් දැනට සොයා ගෙන ඇත ..
. පැපුවා නිව් ගිනියා ,,,තිමෝරය , ,ශාන්ත වින්සන්ට් ඇන්ඩ් ග්‍රෙන්ඩ් , , ,බ්‍රිත්නය වර්ජින් දුපත්

ජෝසප් ඩයස් (Joseph Dias )

‘ඩෙල්ෆ්ට්’ දූපතේ නිත්‍ය නිවැ­සියෝ ආග­න්තු­ක­යෝද?

ඩෙල්ෆ්ට්හි කැලෑ අශ්ව­යන් පිළි­බඳ විවිධ මත­වාද...

මේ මිනි­සුන්ගේ එදි­නෙදා කාර්ය­යන් සඳහා උදව් වෙමින් ජීවත්ව සිට ඉනි­ක්බිති වසර දෙසි­ය­ය­කට ආසන්න වු කාල­ය­කදී කැලෑ වැදුණු සත්ව කොට්ඨා­ශ­යක් පිළි­බද වන පුව­තකි. ඒ අතීත කතා­න්ද­රයේ ඇති සැටි සොයා බලන අටි­යෙන් පසු­ගිය දිනෙක අපි යාප­නයේ ජැටි­යෙන් මහ­ස­මු­දුර තර­ණය කළේ මේ සත්ව­යින් රැදි සිටින්නේ දූප­තට යාම­ටය. දෙමළ උරු­වෙන් ඒ දූපත හදු­න්වන්නේ ‘නෙදු­න්තිව්‘ වශ­යෙනි. ශ්‍රී ලංකා මිනි­න­දෝරු දෙපා­ර්ත­මේ­න්ත
ුව විසින් සකස් කර ඇති ශ්‍රී ලංකා සිති­යමේ ඉන්දි­යන් සාග­රය තුළ විසිරි ගිය අපේ රටට අයත් දූපත් අතරේ විශා­ලම දූපත ලෙස නම් කර ඇති ‘ඩෙල්ෆ්ට්‘ දූපත නිවැසි කර ගෙන ජිවත් වන ආසි­යාවේ විශා­ලම කැලෑ අශ්ව ගහ­නය සොයා පසු ගිය දිනෙක අප ගියේ ඩෙල්ෆ්ට් දුප­ත­ටය.

සංඛ්‍යා­ත්ම­කව නම් මේ දූපත තුළ වෙසෙන කැලෑ අශ්ව­යන්ගේ ගණන 1000 කට ආසන්න වෙතැයි අනු­මාන කළ හැකිය. වන­ජිවී දෙපා­ර්ත­මේ­න්තුව 2013 – 2014 අතර සිදු කළ අශ්ව සංග­ණ­න­යට අනුව නම් ඩෙල්ෆ්ට් දූපතේ ජිවත් වන කැලෑ අශ්ව­යින් ගණන වාර්තා වුයේ 455 ක් වශ­යෙනි. ඒ අතරේ වයස අවු­රුදු 01 ට අඩු අශ්ව පැට­වුන් 27 ක්, වයස අවු­රුදු 01 – 02 ත් අතර වයසේ පසු වන අශ්ව පැට­වුන් 48 ක් සහ වැඩි­වි­යට පත් වු අශ්ව­යින් 380 ක් ලෙස වාර්තා විය. පෙර අශ්ව­යින්ගේ සංර­ක්ෂිත භූමි­යක් නොවූ ඩෙල්ෆ්ට් දූපත වර්ත­මා­නයේ ඩෙල්ෆ්ට් ජාතික උද්‍යා­නය ලෙස 2015.06.22 වැනි දින ප්‍රකාශ වීමත් සම­ඟම සංර­ක්ෂණ ක්‍රියා­ව­ළි­යට මෙම සත්ව­යින් බදුන් වීය. වර්ත­මා­නයේ වන­ජිවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් ඩෙල්ෆ්ට් ජාතික උද්‍යා­නයේ පරි­පා­ල­න­මය කට­යුතු සඳහා වන­ජිවී සංර­ක්ෂණ කාර්යා­ල­යක්ද දූපත තුළ ස්ථාපිත කර ඇත.

ඩෙල්ෆ්ට් දූපත දිගින් කිලෝ­මී­ටර් 08 කි. පළල කිලෝ­මී­ටර් 06 කි. මුළු භූමි වප­ස­රිය වර්ග හෙක්ට­යාර් 4700 කි. ඉන් ඩෙල්ෆ්ට් ජාතික උද්‍යා­න­යට අයත් භූමි වප­ස­රිය වන්නේ හෙක්ට­යාර් 1846.28 කි. ජන­ග­හ­ණය පවුල් 1500 කට ආස­න්නය. යුධ­මය වාතා­ව­ර­ණය පැවැති සමය තුළදී සංචා­රක ආක­ර්ෂ­ණ­යෙන් බැහැර අනා­ර­ක්ෂිත දූප­තක් වු මේ බිම වර්ත­මා­නයේ සංචා­රක ආක­ර්ෂ­ණය වැඩි වශ­යෙන් දිනා ගත් සංචා­රක පුර­ව­ර­යක් බවට පත් වී ඇත. දූපතේ එක් කොට­සක් තුළ නිද­හසේ දිවි ගෙවන කැලෑ අශ­ව­යින් දැක බලා ගැනි­මට මෙම දූප­තට පැමි­ණෙන සංචා­ර­ක­යින් වැඩි උන­න්දු­වක් පෙන්වයි.

ඩෙල්ෆ්ට් දූපත පුරාම ඇත්තේ පෘතු­ගිසි සහ ලන්දේසි යුග වලට අයත් යටත් විජිත රාජ්‍යන්හී වග­තුග කියා­පාන නට­බුන්ය. නමුත් ඊටත් එහා යුග­යන් දක්වා දිව යන බොදු නට­බුන්ද මෙම දූපත තුළදී දැක ගත හැකි වේ. විවිධ ප්‍රමා­ණයේ චෛත්‍ය හයක් පිහිටි බවට අදට ඉති­රිව ඇති නට­බුන් සාක්ෂි දරයි. එනම් අනු­රා­ධ­පුර යුගය තුළදී ඩෙල්ෆ්ට් දූප­තද බොදු දර්ශ­න­යෙන් පිරි­පුන් බිමක් වු බවට මේ චෛත්‍ය කර්මා­න්ත­යන්හි නට­බුන් නිහ­ඩ­වම කියා පායි. ශ්‍රී ලංකා­වට අයත් ඩෙල්ෆ් දූපතේ ජිවත් වෙන මිනි­සුන්ගේ ප්‍රධාන ජිව­නෝ­පාය මාර්ගය ධීවර කර්මා­න්තය බවට පත් වි ඇත. මුළු දුප­තම නිර්මා­ණය වී ඇත්තේ ශක්ති­මත් කොරල් ගල් පද්ධ­ති­යක් මුල් කර ගෙනය. එනම් පොළවේ මතු පිට පස් ස්ථරය අඩි දෙකක් තුනක් දුරට කැණිම් සිදු කළ විට මතු වන්නේ අභ්‍ය­න්ත­රයේ පිහිටි කොරල් ගල් ස්ථර­යයි. වැසි ජලය වුවද පොළ­වට උරා ගන්නේ ඉතා­මත් අඩු­වෙනි.

වස­ර­කට එක් වරක් පම­ණක් වැසි ඇද හැලෙන ඩෙල්ෆ් දූප­තට සිමා වුණු කැලැ අශ්ව­යින් තමන්ගේ පැවැත්ම තහ­වුරු කර ගෙන සිටින්නේ මේ පව­තින පාරි­ස­රික තත්ව­යට අනු­ව­ර්ත­න­යන් දක්ව­මින්ය. එම තත්වය මේ දූපත තුළ යහ­පත් වු කැලෑ අශ්ව ගහ­ණ­යක් පවැ­තී­මට බෙහෙ­වින්ම බලපා ඇත.

සැබැ­වින්ම ඩෙල්ෆ් දූපත තුළ ජිවත් වන්නේ කැලෑ අශ්ව­යි­න්මද? ලොව පුරා ව්‍යාප්තව සිටිනා අශ්ව­යින්ගේ මුලා­ර­ම්භයේ විස්ත­ර­යන් කෙබ­දුද? ඒ පිළි­බ­දව අපේ රට තුළ සිදු කරනු ලබන අධ්‍ය­ය­න­යක් වෙත් නම් ඒ සඳහා සුදු­සුම සජීවි නිද­ර්ශ­ක­යන් සහිත බිම වන්නේ මේ දූප­තයි. ඩෙල්ෆ් අශ්ව පර­පු­රට ඇත්තේ දිගු ඉති­හාස කථා­වකි. එහි ආර­ම්භය හා බැදුණු පුරා­වෘ­ත­යක කියැ­වෙන්නේ තපස්සු - බල්ලුක නම් වෙළෙඳ දෙබෑයෝ මේ දුප­තට පැමිණ අශ්ව­යින් වෙළ­දාමේ නිර­තව ඇති බවකි. එසේම සිංහල රාජ වංශය තුළත් අශ්ව­යින් නමැති පෞරු­ෂය විද­හා­පානා මේ තේජා­න්විත සත්ව­යින් විෂ­යෙ­හිලා හිමිවි ඇත්තේද ප්‍රධාන තැනකි. එම සත්ව­යින් තමන් සතු කර ගෙන තමන්ගේ මහේ­ශා­ක්‍ය­ත්වය විදහා පෑමට හෙළ රජ­ව­රුද උත්සුක වී ඇති බව පුරා­තන වංශ­කතා අනුව සිතිය හැකිය. අශ්ව­යින් සඳහා අලි, ඇත් දළ, මුතු මැණික්, කුළු බඩු ආදි දෑ හුව­මාරු වී ඇත. ඩෙල්ෆ් අශ්ව­යින්ගේ අතී­තය සෙවි­මට නම් අප යටත් විජිත පාලන සම­යට යායු­තුය. ලේඛන ගත සාක්ෂි අනුව පෘතු­ග්‍රීසි පාලන සමය තුළදි ඔවුන්ගේ එදි­නෙදා ගමනා ගමන සුව පහ­සුව සහ සෙසු විවිධ කාර්ය­යන් සදහා අශ්ව­යින් සීමිත සංඛ්‍යා­වක් මේ දූප­තට රැගෙන විත් ඇත. ලන්දේ­සීද අපේ රට පාල­නය කළ සමය තුළ මේ සත්ව­යින් තමන්ගේ ගමනා ගමන පහ­සුව සඳහා යොදා ගෙන ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ ඩෙල්ෆ් ඇසුරේ පව­ත්වා­ගෙන ගිය බ්‍රිතාන්‍ය හමුදා කද­වුරේ 1811 සිට 1819 දක්වා අණ දෙන නිල­ධා­රියා ලෙස සේවය කළ නෝලාන්ට් නම් සුදු බ්‍රිතාන්‍ය ජාති­කයා අශ්ව ලෝලි­යෙකු ලෙස ප්‍රකට වුවෙකි. ඔහු මේ දූපතේ තම ධුර කාලය තුළදී සුර­ත­ල­යට පර්සි­යන් අශ්ව­යින් 02 ක් සහ අරාබි අශ්ව­යෙක් ද ආද­ර­යෙන් ඇති දැඩි කළ බව සද­හන්ය.

දූපතේ තැන තැන විසිරී ගිය නට­බුන් අතරේ අශ්ව ගාලක් පැවැති බවට සිතිය හැකි වර්ත­මා­නයේ ඉති­රිව ඇති මීටර් 100 ක් පමණ දිග ගල් කණු 70 කින් යුක්ත ස්ථානය සුවි­ශේ­ෂිය. මන්ද යත් ඒ සා සුවි­සල් අශ්ව ගාලක් පවත්වා ගෙන යන්නට ඇත්තේ මේ සත්ව­යින් අපේ රටෙන් පිට රැගෙන යාමේ අටි­යෙන් ඩෙල්ෆ් දූපත ඇසුරේ අභි­ජ­නන මධ්‍ය­ස්ථා­න­යක්ද පවත්වා ගෙන ගිය නිසා­වෙන් විය යුතුය යන පූර්ව නිග­ම­න­ය­ටද ඒ අනුව එළැ­ඹිය හැකිය. එනම් තම යටත් විජිත රාජ්‍යන් වෙත ඩෙල්ෆ්ට් වල උපන් අශ්ව­යින් රැගෙන යන්න­ටද ඇත. තමන්ගේ සුව පහ­සුව සහ ආද­යම් මාර්ග­යක් ලෙස පවත්වා ගෙන ආ ඩෙල්ෆ්ට් දූපතේ අශ්ව කොල­ණිය ඔවුන් මේ දූපතේ පාලන කට­යුතු අව­සන් කර පෙරළා දූප­තෙන් පිටත්ව යාමේදි දූපතේ සිටි අශ්ව­යින් ආපසු රැගෙන ගොස් නැත. ගෘහ­ස්ති­ක­ර­ණ­යෙන් ඉනි­ක්බිති කලෑ වැදෙන අශ්ව­යින්ගේ ඉති­හා­සය වසර ගණ­නා­වක් ගෙවි ගොස් ඇතත් අද­ටත් මේ සත්ව­යින් ශුෂ්ක, කටුක වු දූප­තක් තුළ තමන්ගේ පැවැත්ම තහ­වුරු කර ගෙන සිටීම එක් අත­කට විශ්මි­තය.

අශ්ව රැළේ නාය­ක­ත්වය දරන්නේ පරි­ණත පිරිමි සතෙකි. ඔහු වටා ගැහැණු වෙළ­ඹුන් හතර පස් දෙනෙක් රොක් වන්නේ නිරා­යා­ස­යෙනි. මන්ද යත් එවැනි ශක්ති­මත් පිරි­මි­යෙ­කුට ඇති ආක­ර්ෂ­ණය වැඩිය. නමුත් ඔහු කිසි විටෙ­කදි වත් තමන්ට දාව උපන් ගැහැණු පැට­වුන් සමග අභි­ජ­නන කාර්යය සඳහා නොයයි. තමන්ට දාව උපන් පැට­වුන් හදුනා ගත හැකි ඉවක් ඔහු සතුව ඇත. එබැ­වින් පිරිමි පිරිමි අශ්ව­යින් අතරේ ගැටුම් ඇත්තේ සුළු වශ­යෙනි. නමුත් ලස්සන වෙළ­ඹුන්ගේ සිත තමා වෙත ඇද ගැනීමේ අර­මු­ණින් ශක්තිය උරගා බැලිමේ සටන් මේ ඇත්තන් අත­රේද නැත්තේ නොවේ. හේෂා­රා­වය නග­මින් ඇරැ­ඹෙන එවැනි ගැටුම් ඩෙල්ෆ් සතු කර්කශ කටුක බව මැඩ­ලි­මට සමත් බවද සඳ­හන් කළ යුතු­මයි.

වයස අවු­රුදු 25 කට ආසන්න වු ආයු­කා­ල­යක් බුක්ති විදි­මට හිමි මේ සත්ව­යින් අත­රින් පර­මා­යුෂ විදී­මට සැම සාමා­ජි­ක­යෙ­කු­ටම හැකි වන්නේ නැත. එයට ප්‍රධාන ලෙසම බල­පාන්නේ ඩෙල්ෆ් වල­ටම අනන්‍ය වු දේශ­ගු­ණික තත්ව­යයි. යාප­නය දිස්ත්‍රි­ක්කය යනු ශුෂ්ක කලා­ප­යක් බව ප්‍රක­ටය. ඒ කලා­ප­යට අයත් ඩෙල්ෆ් යනු අධි ශුෂ්ක බිමකි. වසරේ එක් වරක් පම­ණක් ක්‍රියා­ත්මක වන වැසි චක්‍රය නිසි පරිදි ක්‍රියා­ත්මක නොවු­ණොත් මේ සත්ව­යින්ට පම­ණක් නොව සමස්ත ඩෙල්ෆ් වාසී­න්ටම සිදු වන්නේ අභාග්‍ය සම්පන්න තත්ව­ය­කට මුහුණ දිම­ටය. මන්ද යත් පරි­හ­ර­ණ­යට ගත හැකි හොද වතුර රැදි උල්ප­තක් ඇත්තේ මුළු දූප­ත­ටම එකක් පමණි. එය දූපත් වාසීන්ට ප්‍රමා­ණ­වත් වන්නේ නැත. එබැ­වින් වැසි ජලය පතිත වන සම­යට ඒ ජල­යෙන් උප­රීම ප්‍රයෝ­ජ­නය ලබා ගැනි­මට දූපත් වාසීහු උත්සාහ දරති.

වන­ජිවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඩෙල්ෆ් දුපත තුළ ජීවත් වන කැලැ අශ්ව­යින් ගැව­සෙන ප්‍රදේ­ශය ආව­ර­ණය වන පරිදි ස්ථාපිත කර ඇති ජාතික උද්‍යා­නය වර්ත­මා­නය වන විටදී කැලෑ අශ්ව­යින්ගේ නිද­හස් හැසි­රීම් රටා­වන් සුර­ක්ෂිත වීමට බෙහෙ­වින්ම බලපා ඇත. වැඩි හිටි අව­දියේ පසු වන අශ්ව­යින් බොහෝ­ම­ය­කගේ ශරි­රයේ ඇත්තේ ඩෙල්ෆ් වාසීන් විසින් අශ්ව­යින් තමන්ගේ විවිද වු කාර්ය­යන් සඳහා යොදා ගැනීමේ අර­මු­ණින් අල්ලා ගෙන හණ ගැසු බවට වන පෙර සල­කු­ණුය. නමුත් ජාතික උද්‍යා­න­යක් වීම හරහා මෙම සත්ව­යින් සංර­ක්ෂණ ක්‍රියා­ව­ළි­යට බදුන් වෙමින් ඇති බවට ජන­තාව තුළම ආක­ල්ප­මය වෙන­සක් සිදු වෙමින් පැවැ­තිම සුබ වාදි තත්ව­යකි.

සඳ­මල් රශ්මී ශ්‍රී බුද්ධික...

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය – 2018 (2019)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය – 2018 (2019)
පොදු සුදුසුකම්
  1. ශ්‍රී ලාංකික පිරිමි පුරවැසියෙකු වීම.
  2. උස අඩි 5යි අඟල් 06ක් තිබීම.
  3. ඇස් පෙනීම – ඇස් කණ්ණාඩි නොමැතිව “ඒ 2” දෘෂ්ඨි ප්‍රමාණයක් තිබිය යුතුය.
  4. පපුව අඟල් 32ක් තිබීම
  5. විශිෂ්ට චරිතයකින් යුක්ත වීම.
  6. ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම
  7. 2019.06.18 වන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 40ට නොවැඩි විය යුතුය.

වැටුප් පරිමාණය – රු.29,5407 x 30027 x 370 41,630
විභාග ගාස්තු
විභාග ගාස්තුව රු. 600/-කි. එම මුදල විභාග කොමසාරිස් ජනරාල්ගේ ආදායම් ශිර්ෂ 20-03-02-13 ට බැරවන සේ දිවයිනේ පිහිටි ඕනෑම තැපැල්, උප තැපැල් කාර්යාලයකට ගෙවා අයදුම්කරුගේ නමින් ලබා ගන්නා ලදු පත අයදුම්පතේ නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය.
අපේක්ෂකයාගේ අනන්‍යතාවය
විභාගයෙදී තම අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා ,
  1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ජාතික හැඳුනුම්පත හෝ
  2. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල වලංගු විදේශ ගමන් බලපත්‍රය
  3. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කල වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.

විභාගය
විභාගය සිංහල, දෙමළ සහ මාධ්‍යයෙන් කොළඹ දී පැවැත්වේ.
පහත සඳහන් විෂයන් 02 ට අදාලව ලිඛිත පරීක්ෂණය පැවැත්වේ.
විෂයය                                                මුළු ලකුණු           සමත්වීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය
  1. බුද්ධි පරීක්ෂණය                               100                                  50
  2. භාෂාව හා රචනය                              100                                  50

සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2019.06.18 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ විභාග කොමසාරිස් ජනරාල්, සංවිධාන හා විදේශ විභාග ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සහ වැඩි විස්තර පහත ගැසට් නිවේදනයේ දැක්වේ.

01

02

03

04

ගොළුබෙල්ලන් විසින් සිදුකරන රූපලාවන්‍ය සත්කාරය

මුහුණේ රූපලාවන්‍යය වැඩි දියුණු කිරීමටත්, සමේ මියගිය සෛල ඉවත්කර එයට පැහැදිලි පෙනුමක් ලබාදීමටත්, සම සිනිඳු කිරීමටත් අවශ්‍ය ස්වභාවික රසායන රාශියක් ගොලුබෙල්ලන්ගෙන් ශ්‍රාවය වන සෙම වැනි ද්‍රාවණය තුළ තිබෙන බැවින් ‍ගොලුබෙල්ලන්ගේ ද්‍රාවණය කෙලින්ම ස්වභාවිකව ලබා දීමට ජපානයේ ටෝකියෝ නගරයේ ප්‍රධාන ගණයේ රූපලාවන්‍ය ආයතනයක් දැන් ඉදිරිපත් වී සිටී.
 ‘සෙල්බ් එස්කාගාව්’ යනුවෙන් හැඳින්වෙන මෙම රූපලාවන්‍ය ප්‍රතිකාර මාලාව අනුව කාන්තාවන්ගේ මුහුණ මත ගොලුබෙල්ලන් කිහිප දෙනෙකු තබා මුලු මුහුණ පුරාම උන්ට බඩගා යාමට සැලැස්වීමෙන් උන්ගෙන් වහනය වන ශ්‍රාවය මුහුණේ හොඳින් ආලේප විමට ඉඩ හරිනු ලැබේ. මෙම නවතම රූපලාවන්‍ය වැඩ සටහනේ ගාස්තුව පැයකට ඇමරිකානු ඩොලර් 240 කි. මෙය රුපියල් 25,000 කටත් වඩා අධික මුදලකි. රූපලාවන්‍ය වැඩ සටහනට සහභාගි වූ එක් කාන්තාවක් පවසා ඇත්තේ එය මදක් ඇලෙන සුළු කිති කැවෙන අත්දැකීමක් වූ බවයි.
මෙම රූපලාවණය සේවාව ඉටු කරන ලබන්නේ ජපානයේ ටෝකියේ නුවර Ciz Medical Group (Ciz) වෛද්‍ය සමූහ ආයතනය මගිනි. ගොලුබෙලි ප්‍රතිකාරය කොතරම් ජනප්‍රිය වී ඇද්ද යත් Ciz ආයතනයෙන් මෙම ප්‍රතිකාරය සඳහා කාල වේලා නියම කර ගැනීමට මාස ගණන් බලා සිටීමට ජපන් ළඳුන්ට සිදුවේ.
ඔබත් වත්තේ සිට අසුලා ගනු ලබන ගොලුබෙල්ලකු අල්ලපු වත්තට උඩින් විසිකර දැමීමට පෙර කල්පනා කර බැලිය යුතු කරුණු රාශියක් දැන් එළඹ තිබේ.

සිනාසිමෙන් ඔබට ලැබෙන වාසි ගැන ඔබ දන්නවාද?

සිනහව යනු ඕනෑම කෙනෙකු ආකර්ෂණය කරතබා ගැනීමට හැකි අපූරු දෙයකි.  කුඩා  දරුවෙකු දිනයකට 300-500 අතර අතර වාරයක් සිනා සේ.නමුත් කාලයක් යන විට අපට  සිනහව අමතක වී යන්නේ වැඩිවිය පැමිණීමත් සමගයි.සිනහව යනු අපගේ ශරීරය සමග බැදී පවතින විශේෂ ක්‍රියාවලියකි.එය අපගේ ජිවිතයට බලාපාන ආකාරය පිළිබද පිලිබිබු වන  ආකාරය පිළිබද පැහැදිලි වන කරුණු කිහිපයක් මෙම ලිපියේ අඩංගු වේ.
01.සිනහව ඔබගේ ආතතිය අඩු කරවයි – ව්රත්මානයේ මිනිසා නිතරම සිටින්නේ ආතතියකිනි.මෙම ආත්තිය් සමනය කිරීමේ හැකියාව සිනහවට ඇත. තත්පර 30ක් හඩනගා සිනා සිමෙන් ඔබගේ දේහයේ අත්ති හෝර්මෝන ශ්‍රාවය වීම අඩු වන අතර එමගින් ඔබගේ ආතතිය දුරු වී සුබවාදී මනසක් හිමි වේ.
02.ඔබගේ කය නිරෝගී කරවයි – ශබ්ද නගා සිනා සිමෙන් ඔබගේ දේහයේ එන්ද්රෝෆින් නම් හෝර්මෝනය ශ්‍රාවය වන අතර
එමගින් ඔබගේ කායික සහ මානසික වේදනා සමනය කරවයි. එමගින් ඔබගේ දේහයේ ඇති  වේදනාවන් සමනය වී කයට සැහැල්ලුවක් දැනේ .
03.සිනහව අපගේ පැවැත්ම සදහා උපකාරී වේ – නිතරම සිනහවන පුද්ගලයන්ට දිර්ගායුෂ හිමි වේ. සිනහව සහ මිනිසාගේ ජිවිත කාලය අතර සෘජු සම්බන්දතාවයක්පවතින බව පර්යේෂකයින් සොයාගෙන ඇත. නිතරම සිනාසෙන  පුද්ගලයනට ජිවිතයේ අසීරු කාල වලදීද ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබේ.
04.සිනහව මගින් පුද්ගලයන් වඩා නිර්මාණශීලි පුද්ගලයන් බවට පත් කරයි – නිතරම සිනහවෙන් කාලය ගත කරන පුද්ගලයන් ගේ ශරීරයේ හිතකර හෝර්මෝන නිතරම  ශ්‍රාවය වේ. මෙම හෝර්මෝන මගින් පුද්ගලයන්ගේ සිතීමේ ශක්තිය සහ නිර්මාණශීලි බව  වර්ධනය කරවයි. එමෙන්ම නිතර සිනා සෙන පුද්ගලයන්ගේ කල්පනා ශක්තියද අන් අයට  වඩා වැඩිවේ.
05.මතකය වර්ධනය කරවයි – සිනහව යනු අපගේ ශරීරයේ සෑම අවයවයකටම බලපෑම් එල්ල කරවන කාරණයකි. නිතර සිනාසෙන පුද්ගලයන්ගේ මනස සුබවාදී හැගීම් වලින් පිරි පවතින නිසා ඔවුන්ට  ඕනෑම දෙයක් පිළිබද මතක තබා ගැනීම ඉතා පහසු වේ.
06.සිනහව මගින් ඕනෑම කෙනෙකුගේ මනස සමාධිගත කරවයි – ශබ්ද නගා සිනාසෙන විට නළලේ ඇති බාහිකය සක්‍රිය වන අතර එමගින් ඔබට ප්‍රශ්න  විසදීමේ හැකියාව සහ සිතීමේ හැකියාව වර්ධනය වේ.එමගින් පුද්ගලයන්ගේ මනසේ  ඇති තියුණු බවඩ් මෙමගින් වර්ධනය වේ.

ඔබට නියැලිය හැකි ස්වයං රැකියා කීහිපයක්.

පේ රටේ රැකියා විරහිත තරුණ තරුණියෝ ගොඩක් ජීවත් වෙනවා. තමන් ඉගෙන ගත්තු දෙයට සරිලන රැකියාවක් ලැබෙනකම් ගෙදරට බරක් වෙන්න සිදුවීම ගැන දුකෙන් ඉන්න අයට පුළුවන් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වගේම ගෙදරක සැමියා වැඩට යනකොට බිරිඳට පුළුවන් ස්වයං රැකියාවක් කරන ගමන් ගෙදර ආර්ථිකයට පුංචි ශක්තියක් වෙන්න.
ටියුෂන් පංති
අද රැකියා විරහිත උපාධිධාරීන් ගොඩාක් ඉන්නවා. ඒ වගේ අයට මේ ස්වයං රැකියාව ගොඩාක් සුදුසුයි. ඒ වගේම ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක්ට ඉංග්‍රීසි පංති පටන් ගන්න පුළුවන් නම් ඒක හොඳ ආදායම් මාර්ගයක් වේවි. ටියුෂන් පංති තමන්ගේ නිවසේදී වගේම සිසුවාගේ නිවසට ගිහින් කරන්නත් පුළුවන්.

ලියුම් කවර නිෂ්පාදනය

මෙම ව්‍යාපාරය අද බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත ස්වයං රැකියාවක්. ඇතැම් ආයතන මඟින් අමුද්‍රව්‍ය නිවසටම සපයා, නිෂ්පාදනය කල ලියුම් කවර නැවත මිලට ගැනීමත් සිදු කරනවා. එම නිසා මෙම ව්‍යාපාරයේ අවදානම අඩුයි. ලියුම් කවර සැදීමේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ මැනිලා කොළ සහ ගම් වර්ග වේ.

මල් වගාව

අපේ රට තුල සිටින මල් වගාකරුවන් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. මල් පිට රටවල් වලට අපනයනය කරන සමාගම් ග්‍රාමීය මල් වගාකරුවන් හරහා මල් මිලදී ගන්නවා. එමෙන්ම උත්සවකාල වලදී, මව්වරුන්ගේ දිනයේදී සහ වැලන්ටයින් දිනයේදී මල් සඳහා ඇති ඉල්ලුම ඉහල නගිනවා. ඒ නිසා මල් සඳහා හොඳ වෙළඳපොලක් තියෙනවා.
උදා : ඕකිඩ් මල් වගාව, ඇන්තුරියම් මල් වගාව, රෝස මල් වගාව, ජර්බරා මල් වගාව
මීට අමතරව විසිතුරු පැල වගාවද ඔබට තෝරා ගත හැක. එහිදී බොන්සායි පැල වගාව ඉහල ස්ථානයක් ගනී.
මල් වගාවේ සහ විසිතුරු පැල වගාවේ ස්වයං රැකියාවක් ලෙස මෙන්ම විනෝදාංශයක් ලෙසද ඔබට නියැලිය හැක.

ආහාර නිෂ්පාදනය

රසවත් ලෙස ආහාර සැකසිය හැකි අයට ආහාර නිෂ්පාදනයේ යෙදිය හැක. පිරිසිඳු සහ රසවත් ආහාර සැපයූවොත් ඔබේ වෙළඳපොළ දියුණු කර ගන්න පුළුවන්.
උදා : යෝගට් නිෂ්පාදනය, පපඩම් නිෂ්පාදනය, ලුණු දෙහි නිෂ්පාදනය, මාළු ඇඹුල්තියල් බෝතල් සැකසීම, අතුරුපස (තල කැරලි, පුහුල් දෝසි) නිෂ්පාදනය

බිම් මල් නිෂ්පාදනය

බිම් මල් නිෂ්පාදනය ඉතා පහසු ස්වයං රැකියාවක් වෙනවා. මෙයට වැඩි ඉඩක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. මේ සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ උපදෙස් වල මිල සාපේක්ෂව ඉතා අඩුයි. මේ වගාව අවුරුද්දේ ඕනෑම වෙලාවක කල හැකියි. බිම් මල් සඳහාත් ඉහල වෙළඳපොලක් තියෙනවා.

කෘෂි භෝග වගාව

කෘෂි භෝග වලට දේශීය හා විදේශීය ඉල්ලුම විශාල වශයෙන් තියෙනවා. නමුත් කෘෂි භෝග වගා කිරීම සඳහා වැඩි ඉඩකඩක් අවශ්‍ය වෙනවා.
උදා : කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, එනසල්, බුලත් සහ පුවක් වගාවන්

කුලී ඇඳුම් මැසීම

ඇඳුම් මැසීමේ හැකියාව ඇති අයෙකුට තාම නිවසේදීම පටන් ගත හැකි කදිම ව්‍යාපාරයක් තමයි කුලී ඇඳුම් මැසීම. මිනිසුන්ගේ කාර්යබහුතාවය වැඩි වීමත් සමඟ තමාගේ ඇඳුම් මසා ගැනීමට කාලයක් නැති වීම නිසා කුලී ඇඳුම් මැසීමේ ව්‍යාපාරයට වැඩි වෙළඳපොළක් තියෙනවා. අද කාලයේ සාරි හැට්ට සඳහා වැඩි ඉල්ලුමක් තියෙනවා. ඇඳුම් වලට අමතරව පාපිසි, පාවහන් මැසීමත් ඔබට කල හැකියි.

අතරමැදියෙකු වීම

මෙය ඉතා පහසු ආදායම් මාර්ගයක්. නමුත් අතරමැදියෙකු වීම සඳහා හැඳුනුම්කම් තිබීම අවශ්‍ය වෙනවා. කුඩා පරිමාණයෙන් නිෂ්පාදන කරන, නමුත් වෙළඳපොළකට නිෂ්පාදන දැමීමේ හැකියාවක් නැති අය ඕනෑ තරම් ඉන්නවා. ඔබට පුළුවන් ඔවුන් සඳහා අතරමැදියෙකු වෙන්න. වෙළඳපොළක් නැති නිෂ්පාදකයාට එය උපකාරයක් වගේම, සාමාන්‍ය ලාභයක් තියාගෙන ඒ භාණ්ඩ වෙළඳපොලට දැමීමෙන් ඔබටත් ආදායමක් ලබා ගන්න පුළුවන්.

ස්වයං රැකියා සඳහා උපදෙස් සහ ආධාර ලබා ගත හැකි ආයතන

  • ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
  • නර්ඩ් ආයතනය
  • මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ රැකියා නිර්මාණ හා ප්‍රවර්ධන ආයතනය
  • ලංකා බැංකුවේ “දිවි මග” ණය යෝජනා ක්‍රමය
  • ප්‍රාථමික කාර්මික අමාත්‍යංශය
  • අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
මේ හැමදේම කරන්න කලින් ඔබ ඒක දෙයක් වටහා ගත යුතුයි. ස්වයං රැකියාවක නිරත වීම ආඩම්භරයට කරුණක් මිස ලජ්ජාවට කරුණක් නෙවෙයි. සමහරු හිතන්නේ තමා විසින් කරන ස්වයං රැකියාවකට වඩා තව කෙනෙකු යටතේ කරන රැකියාවක් උසස් කියලයි. ඔබ රැකියාවක් නොකරන කෙනෙක් නම්, ඒ මානසිකත්වයෙන් මිදිලා තමන්ගේම දෙයක් පටන් ගන්න උත්සාහ කරන්න.

අර්තාපල් ගෙඩියකින් ඔබගේ මුහුණ පැහැපත් කරන මෙන්න මේ ක්‍රමය ගැන ඔබත් දන්නවාද?

දෙහි,දොඩම් සහ ආර්තාපල් වැනි ද්‍රව්‍ය විටමින් C බහුල ආහාර වේ. බොහෝ වෙලාවට හිස කෙස් වලට සහ සමට සිදු කරන සත්කාර සදහා අර්තාපල් භාවිතා කෙරේ. මෙම ස්වභාවික සත්කාරය මගින් ඔබගේ සම පැහැපත් කරවන අතර ඔබගේ සමට විවධ අතුරු ආබාධ ඇති වීමද වලක්වයි. මෙම සත්කාරය සදහා ඔබට අවශ්‍ය වන්නේ,
අර්තාපල් ගෙඩියක්  –  රෝස වතුර  –  දෙහි  –  පැණි.
සාදා ගන්නා ආකාරය.
පළමුව අර්තාපල් ගෙඩියේ පොතු ඉවත් කර එය කුඩා කැබලි වලට කපා ගන්න. බ්ලෙන්ඩරයට දමන්න. එයට රෝස වතුර හැදි දෙකක්ද එකතු කරන්න. ඔබගේ සම තෙල් සහිත සමක් නම් දෙහි ගෙඩි භාගයක යුෂද ඔබගේ සම වියලි නම් දෙහි යුෂ වෙනුවට පැණි ද එකතු කරන්න. ඔබගේ සම සමානය සමක් නම් දෙහි සහ පැණි දෙකම එකතු කරන්න. හොදින් මිශ්‍ර කරගන්න.
මෙම මිශ්‍රණය ඔබගේ මුහුණේ හොදින් ආලේප කරන්න. මිනිත්තු 15ක් තිබෙන්නට හරින්න. සීතල වතුරෙන් සෝදා හරින්න.  වියලෙන්නට හැර මෘදු ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. මෙම ආලේපනය මගින් ඔබගේ සමේ ප්‍රත්යස්තතාවය වර්ධනය වන අතර සමේ ඇති ලප කැළැල් ඉවත් විමද සිදු වේ. සාර්ථක ප්‍රතිපල සදහා සතියට දෙවරක් මෙම සත්කාරය සිදු කරන්න

පළවෙනි ආදරේට වඩා “දෙවෙනි ආදරය හොඳයි”


ඔබ බොහෝ විට අහලා ඇති ඉතා හුරුපුරුදු ප්රකාශයක් “ඔබ දෙවන වරට ආදරය කිරීමට සිදුවූවා නම්, එය සැබවින්ම පළමු වරට ආදරය කළේ නැත”. ඇත්තෙන්ම ඇත්ත වශයෙන්ම, එහෙම නේද? දෙවන වරටත් ආදරයෙන් බැඳීමට බොහෝ දෙනා පෙළඹෙන්නේ, සාමාන්යයෙන් බොහෝ දෙනෙක් පළමු ආදරය නිසා ඉතා හොඳ අත්දැකීම් නොමැති නිසාය. වරක් ඔබ එය සදහට ම පවතිනු ඇත.
ඔබ කවුරුන් හෝ කවුරුන් සමග කවරදාකටත් වඩා ඔබ එම පුද්ගලයාට අනුයුක්ත කර ඇත. දෙවන ආදරය විශේෂ ස්ථානයක් දරයි. එය ඔබව සුව කරන අතර ඔබට වඩාත් හොඳින් දැනෙනවා.ඉතින් ඒක ඇත්තද නැද්ද කියලා ඔයාම තීරණය කරන්න ඕන. අපි බලමු පලවෙනි ආදරේට වඩා දෙවෙනි ආදරේ මේච්චර හිතට දැනෙන්නෙ ඇයි කියලා.
1. හිත් සන්සුන් වෙනවා – පලවෙනි ආදරේට වඩා දෙවෙනි ආදරෙන් ගොඩක් වෙලාවට අපේ හිත් සන්සුන් වෙනවා, එහෙමත් නැති නම් සුවපත් වෙනවා. පරණ දෙවල් අමතක කරන්න හොඳම ක්‍රමයක් නේද නේද අලුතින් දෙයක් පටන් ගන්න එක? එය නැවත නැවතත් ආදරය කිරීමට ඔබට බලකෙරෙනු ඇති. මිනිසුන්ට ආදරය කරන අය කෙරෙහි ඔවුන් සැලකිලිමත් වන අතර, ඔවුන් කෙරෙහි සැලකිලිමත් වන අය කෙරෙහි තව තවත් ආදරය කරයි.
2. ශක්තිය – එය ඔබට ශක්තිය ලබා දෙයි,පලවෙනි ආදරේ බිඳී යාම නිසා ඔබ දුර්වල ශෝකී අයෙකු වූයේ නම් ඉන් මිදී ශක්තිමත්ව අනාගතයට මුහුණ දෙන්න ඔබට ශක්තිය ලැබෙනවා දෙවෙනි ආදරයෙන්.එය බොහෝ විට කොන්දේසි විරහිතයි.
3. එකිනෙකාව හොඳින් තේරුම් ගන්න පුලුවන් – ඔබ ඔබේ පළමු සම්බන්ධතාවයේ හදවතේ ඇති වූ දුක් සහිත අද්දැකීමක්කට මුහුණ දුන් නිසා, දෙවෙනි කෙනාගේ ප්‍රේමයේ තීව්රතාවය ඊටත් වඩා වැඩිය. එ මගින් ආදරය තහවුරු වන අතර ධනාත්මක ආකාරයකින් එකිනෙකා ගැන පිස්සු හැදමට ඉඩ ඇත.
4. ආරක්ශිත බව – දෙවන ආදරය ආරක්ෂිතයි. ඔබ දන්නවා ඔබ මුළා කරවන සුළු දෙයක් පළමු වර සිදු වූ නිසා දෙවන වර එය එසේ නොවන තැනට වග බල ගැනීමට ඔබ උනන්දු වෙනවා. ඔබ ගොඩක් ආරක්ශිතයි කියලා දැනෙනවා.
5. අවබෝධ කර ගැනීම – අත්දැකීම මිනිසා පරිපූර්ණ කරයි .වරදින්නම ඕන කියනවනෙ හරියන්න, ඉතින් ෆස්ට් ලවු එකෙන් වැරදුනු තැන් අවබෝද කරගෙන ජීවිතයේ උපරිම ආදරේ විඳින්න ඔබට පුලුවන්.
6. විශ්වාසය තහවුරු වීම – ඔබේ දෙවන ආදරය වෙනත් තත්ත්වයන් යටතේ ඔබව හැසිරීමට ආකාරය දනී. විශ්වාසය දෙවන ආදරය වඩාත් ශක්තිමත් සහ වඩා හොඳ බවට පත් කරයි.
7. වැඩි කැපවීම ඔබ ඔබේ දෙවන ආදරය සඳහා වැඩි වැඩියෙන් කැපවී සිටින අතර ඔබ ඔවුන් අහිමි වනු ඇති බවට ගැඹුරු භීතියක් ඇත. ඉතින් දෙවන ආදරය හොඳයි.
8. අඩු තර්ක කිරීම් – දැන් ඔබ තර්ක කරන්නේ ඇයි දැයි ඔබ දන්නවා නම්, ඔබ කතා කරන දෙය සහ අනෙක් පුද්ගලයාට රිදවන දේ ඔබ දැන ගනු ඇත.එවිට අනිත් කෙනාගෙ හිත නොරිදවන පරිදි තර්ක කිරීම්, බැන වැදීම ආදිය සිදු වීම අවම වනු ඇති.
ඔයාට කියන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් යටින් Comment කරන්න අමතක කරන්නත් එපා..!
Source : Facebook