Showing posts with label Kik World. Show all posts

ශ්‍රී ලාංකිකයන්ට වීසා නැතුව යන්න පුළුවන් රටවල් 15

  1. බහමාස්

සෞම්‍ය කාලගුණයක් හැමවිටම පාහේ දරන බහාමාස් දිවයින අපේ ශ්‍රී ලංකාව මෙන්ම ලොව බොහෝ සංචාරකයන්ගේ ශීත සෘතුව ගෙවෙන තෝතැන්නක්. සිත්ගන්නාසුළු නොගැඹුරු මුහුදු තීරය, ජල ක්‍රීඩා, ලුකැයන් ජාතික වනෝද්‍යානය සහ දේශීය නිර්මාණයන්ගෙන් පිරුණු වෙළඳපොළක් ඇති බහාමාස් සමූහාණ්ඩුව අපි වගේම අතීතයේ බිත්‍රාන්‍ය පාලනයට යටත්ව තිබූ රටක්. මෙහි අපිට මාස තුනක් ම හිතුමතේ සංචාරය කරන්න පුළුවන්.

2. බාබඩෝස්

බාබඩෝස් කැරිබියන් මුහුදේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇත. එය බටහිර ඉන්දියානු මහාද්වීපික දූපත් වන අතර බටහිර අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇත. 1942 ස්පාඤ්ඤය සතු වුවත් හා පසුව පෘතුගාලයෙත්, බාබඩෝස්, එක්සත් රාජධානියේත් පාලනයට නතුවු වාස භූමියක් සේ ශතවර්ෂ 03ක් පැවතුණි. වර්තමානයේ 2 වැනි එළිසබෙත් රැජින රට පාලනය කරයි.මෙහි අපිට මාස 6ක් ම හිතුමතේ සංචාරය කරන්න පුළුවන්

3. බොලිවියාව

බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍ය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. එයට මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලයටද, දකුණින් පැරගුවේ රාජ්‍යයට හා ආජන්ටිනාවටද, බටහිරින් චිලි හා පේරුරාජ්‍යයටද වේ. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍ය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. එය ඇමෙරිකන් කොලොම්බියානුව තුළ වු විශාලතම ජනපදයයි.මෙහි මාස 3ක් නැවති සිටිමට හැකි විසා නොමැතිව.

4. ඉක්වදෝරය

නිල වශයෙන් රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් යනුවෙන් හැඳින්වෙන ජනරජය. දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි.මෙහි මාස 3ක් නැවති සිටිමට හැකි විසා නොමැතිව.ඔයා ඉක්වදෝරයට සංචාරය කලා කියන්නේ හරියටම පෘථිවියේ සමකය මැදට සංචාරය කලා කියලයි. GPS දත්ත වලට අනුව හරියටම සමකයට හසු වෙන ස්තානය සටහන් කරපු පුවරුවකුත් මෙහි දකින්නට ලැබෙනවා. ඇමසන් වනාන්තරයට සංචාරය කරන්න පුලුවන් ඇමරිකාවේ තියෙන මිලෙන් අඩුම ස්තානය තමයි ඉක්වදෝරය. ඒ වගෙම ඔයා ඉක්වදෝරයට සංචාරය කරනවා නම් ගිණි කදු තරණය, කැනියම් සංචාරය, පැරශුට් පැදීම, දිය ඇලි හා උණුදිය උල්පත් වගේ අපූරු අත්දැකීම් රැසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

5. ඉන්දුනීසියාව

ඉන්දුනීසියා ජනරජය ලෙසද හැඳින්වෙන ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ.වෙනස් භෂාවන් කතා කරන ජනවර්ගයන් සිය ගණනක් මේ රටේ වාසය කරනවා. විදෙස් සංචාරකයන් අතර ඉන්දුනීසියාව ජනප්‍රිය වෙලා තියෙන්නේ එහි තියෙන මනස්කාන්ත මුහුදු වෙරළවල්, ගිණිකදු, කොමඩෝරගන් සත්වයන්, අලි, ඔරන් ඔටන් සහ කොටියන් නිසයි. ඒ වගෙම ඉන්දුනීසියාවේ අගනගරය වන ජකර්තා පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා දූපත තුලයි. ඉන්දුනීසියාව කියන්නේ ශ්‍රිලාංකිකයන් වන අපිට අඩු මුදලකින් සංචාරය කරන්න පුලුවන් රටක්.මාසයක් විසා නොමැතිව සංචාරය කල  හැක

6. උගන්ඩාව


උගන්ඩා ජනරජය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි සතර දෙසින්ම භූමියෙන් වටවූ රාජ්‍යකි. මෙහි දේශ සීමාවන් ‍මෙසේ වෙයි.නැගෙනහිරට කෙන්යාව, උතුරට සුඩානය, බටහිරට කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හා දකුණට ටැන්සානියාවත්, කෙන්යාවෙන් හා ටැන්සානියාවෙන් ද මායිම් වී පවතින වික්ටෝරියා විලෙන් සෑහෙන කොටසකින්ද 
මෙරටෙහි දකුණු ප්‍රදේශය සමන්විත වෙයි.මාස 3ක් සදහා මෙහි යා හැක

7. ඉරානය

ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. විශ්වාස කරන්න ඉරානයේ විතරක් ලෝක උරුමයන් විදියට නම් කරපු ස්තාන 19ක් තියෙනවා. පෞරානික සේදමාවතේ ඉතාමත් වැදගත් වෙළද මධ්‍යස්තානයක් වන තබ්‍රිස් බසාර් පිහිටලා තියෙන්නෙත් ඉරානය තුලයි. හැබැයි මතක තියා ගන්න සංචාරකයො ගොඩක් දෙනෙක් ඉරානයට යන්නේ විනෝද වෙන අදහසින් නම් නෙමෙයි. ඉරානයේ ඉතිහාසය හා සංස්කෘතිය අත්විදීමට තියෙන ආශාව නිසයි. මේ දේවල් වලට කැමති නම් ඔයාටත් ඉරානයට සංචාරය කරන්න පුලුවන්. ශ්‍රිලාංකිකයන් වන අපිට ඉරානය විසින් මාසයකය free වීසා කාලයක් ලබලා දෙනවා.

8. කෙන්යාව

කෙන්යා ජනරජය නැගෙනහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. ඉන්දියන් සාගරයෙහි සමකය මත පිහිටා ඇති කෙන්යාව, උතුරු දෙසින් ඉතියෝපියාවෙන් ද, ඊසාන දිගින් සෝමාලියාවෙන් ද, දකුණු දෙසින් ටැන්සානියාවෙන් ද, බටහිරින් උගන්ඩාව හා වි‍ක්ටෝරියා විලෙන් ද , වයඹ දිගින් සුඩානයෙන් ද මායිම් ව පවතී.මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

9. ලෙසතෝ

මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

10. මැඩගස්කරය හෙවත් මැඩගස්කර් ජනරජය, අප්‍රිකාවේ ගිනිකොණ වෙරලට ඔබ්බෙහි ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දිවයිනක් වේ. මැඩගස්කරය නමින් ද හඳුන්වනු ලබන ප්‍රධාන දූපත, ලොව පිහිටි විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නා වූ දූපතක් වන අතර ලෝකයේ ශාක සහ සත්ව විශේෂයන් ගෙන් සියයට 5% ක පමණ ප්‍රමාණයකට නිවහන ද වේ. මින් සියයට 80% ක පමණ ප්‍රතිශතයක් මැඩගස්කරයට පමණක් ආවේනික වෙති.මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

11. ඩොමිනිකාව

වර්ග කි.මි. 754 (වර්ග සැතපුම් 291) සහ උසම ස්ථානය වන්නේ මොර්න් ඩයබ්ලොටිස් වන අතර, එහි උස මිටර් 1447 (අඩි 4747) කි. ඩොමිනිකා පොදු රාජ්‍යයේ ජනගහනය 72,000 වන අතර අගනුවර වනනේ රොසෙයියු ය. ඩොමිනිකාව ‘කැරබියන් සොබාදහමේ දුපත’ යනුවෙන් හැඳින්වීමට හේතුවී ඇත්තේ එහි ඇති විනාශ නොවූ ස්වභාව සම්පත නිසාය.මාස 6ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

12. මාලදිවයින

මාස 1ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

13. මියන්මාරය

ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 676,578 (වර්ග සැතපුම් 261,228)ක් වූ මෙහි වත්මන් අගනගරය වන්නේ නයිපිඩෝ වුවත්, එහි විශාලතම නගරය වන්නේ එහි පැරණි අගනුවර වූ යැන්ගුන් හෙවත් ‍රැන්ගුන් නගරයයි.දින 28ක් සදහා විසා අවශ්‍ය නෑ

14. නේපාලය

මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි.මාස 3ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.

15. සමෝආ

මාස 2ක කාලයක් සදහා විසා අවශ්‍ය නෑ.


පකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළද පොල ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක්


පකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළද පොල ගොඩනැගිල්ලට එල්ල වූ ප්රහරයකින් කොටස් වෙළද පොල ගොඩනැගිල්ලට ආරක්ෂාව සැපයු ආරක්ෂක නිලධාරීන් 4 ක් පොලිස් නිලධාරියෙකු ,සහ ආයතනය පැමිණි සාමන්ය පුරවැසියෙකු මරණයට පත් වී ඇත ..එසේම තවත් පොලිස් නිලධාරීන් 3 ද තුවාල ලබා රෝහල් ගත කර ඇත ..
ප්රහාරකයින් කාර් රථයකින් ගොඩනැගිල්ල ට ආයුධ හා අත්බෝම්බ අතැතිව කඩා වදිමින් පලමුව අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර පසුව ස්වයංක්රිය ආයුධ වලින් ගොඩනැගිල්ල අවටට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගෙන ඇති අතර පසුව කොටස් වෙළද පොල ගොඩනැගිල්ලේ සිටි ආරක්ෂක භටයින් හා පොලිස් නිලධාරීන් එල්ල කල ප්රතිප්රහාරයෙන් ප්රහාරකයින් 4 දෙනාම මරණයට පත් වී ඇත ..
ප්රහාරය එල්ල වූ කොටස් වෙළද පොල ගොඩනැගිල්ලට පිහිටා තිබුනේ අධි ආරක්ෂිත කලාපයේය
ජෝසප් ඩයස්

සුෂාන්ත් සිං රාජ්පුත්: බොලිවුඩ් නළුවාගේ මරණය නිසා මානසික සෞඛ්‍යය ගැන අලුත් කතාබහක් .



සුෂාන්ත් සිං රාජ්පුත්: බොලිවුඩ් නළුවාගේ මරණය නිසා මානසික සෞඛ්යය ගැන අලුත් කතාබහක් ...
ජනප්රිය බොලිවුඩ් නළුවෙකු වූ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමග මානසික සෞඛ්යය සම්බන්ධයෙන් යළිත් වරක් සංවාදයක් මතුවෙමින් තිබේ.
34 හැවිරිදි සුෂාන්ත් මුම්බායිහි ඔහුගේ නිවසේදී මරණයට පත්ව සිටියදී ඉරිදා (ජූනි 14) සොයා ගැනුණු අතර එය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය සැක කරයි.
මෙම ප්රවෘත්තිය සැලවීමත් සමග සිනමා රසිකයින් සහ බොලිවුඩ් නළු නිළියන් සංවේගය පළ කළ අතර, එම අදහස් මානසික සෞඛ්යය සහ විෂාදය පිළිබඳ සාකච්ඡාවලට පරිවර්තනය වන්නට විය.
තමන් විෂාදයෙන් පීඩා විඳි බව ප්රසිද්ධියේ හෙළි කළ බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් පැවසුවේ, මානසික සෞඛ්යය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවය.
"කතා කරන්න. සන්නිවේදනය කරන්න. ඔබේ හැඟීම් කියන්න. උදව් ලබා ගන්න," ඇය සිය ඉන්ස්ටග්රෑම් ගිණුමෙහි සටහනක් තබා තිබිණි. "මතක තබා ගන්න, ඔබ තනිවෙලා නැහැ. අපිත් ඔබ සමග ඉන්නවා. වැදගත්ම දේ අපට බලාපොරොත්තුවක් තියෙනවා."
PK හින්දි සිනමා පටයේ සුෂාන්ත් සිං සමග රඟ පෑ අනුෂ්කා ෂර්මා සටහන් කර තිබුණේ, "ඔබ මුහුණ දුන් කිසි ම කරදරයකදී උපකාර කිරීමට නොහැකි වූ පරිසරයක ජීවත් වීම පිළිබදව ඉතා ම කනගාටුවට පත් වන," බවය.
මානසික සෞඛ්යය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීම සහ ඒ සම්බන්ධයෙන් පවතින බාධා හේතුවෙන්, ඉන්දියාව තුළ මානසික සෞඛ්යය පිළිබඳව කතා කිරීම කෙතරම් දුෂ්කර ද යන්න සම්බන්ධයෙන් තවත් විශාල පිරිසක් අදහස් පළ කර තිබිණ.
"ඉන්දියාව තුළ මානසික සෞඛ්යය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තියෙන්නේ, ගොඩක් දුරින්. සුෂාන්ත්ගේ මරණය ගැන වැළපෙන බොහෝ දෙනෙකු, සාමාන්ය පුද්ගලයෙකු එසේ කළ විට හාස්යයට ලක් කිරීම හෝ ඕපාදූප කීම සිදු කරනවා," The Indian Express පුවත්පතේ සංස්කාරකවරයෙකු වන රාහුල් සබර්වාල් ට්විටර් ඔස්සේ සටහන් කර තිබිණි.
තවත් සමාජ මාධ්ය භාවිත කරන්නෙකු වන නොරීන් වෝසර් පැවසුවේ, "සීමා ඉවත දමා මානසික සෞඛ්යය සම්බන්ධයෙන් මීට වඩා ප්රමුඛත්වයක් ලබා දිය යුතු" බවය. "ඔබ විෂාදයෙන් පෙලෙනව නම් ඔයා ම ඒකෙන් මිදෙන්න - කියන මානසිකත්වයෙන් මිදිය යුතුයි," යනුවෙන් ද ඇය පැවසීය.
ඉන්දියාවේ මානසික සෞඛ්ය නීති සහ ප්රතිපත්ති මධ්යස්ථානයේ අධ්යක්ෂ වෛද්ය සෞමිත්ර පතාරේ බීබීසී පුවත් සේවයට පැවසුවේ, විෂාදය සහ සිය දිවි නසා ගැනීම් පිළිබඳව සංවාදයක් ඇති කිරීම වැදගත් වන බවය.
"එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සිදුවන සිය දිවි නසා ගැනීම්වලින් 80%කට බලපාල තියෙන්නේ විෂාදය බව පර්යේෂණ දත්තවලින් අනාවරණය වෙලා තියෙනවා. ඒත් ඉන්දියාව වගේ රටවල සිය දිවි නසා ගැනීම්වලට බලපාන වෙනත් හේතු රැසක් තියෙන්න පුළුවන්," ඔහු පැවසීය.
ඉන්දියාව තුළ ද සිය දිවි හානි කර ගැනීමට බලපාන කරුණු එකිනෙකට වෙනස් විය හැකි බව ද ඔහු සදහන් කළේය.
"උදාහරණයක් විදිහට තරුණියන්ගේ මරණයන්ට වැඩියෙන් ම බලපාන සාධකය සිය දිවි නසා ගැනීම්. මේ සඳහා බලපාන ප්රධාන කාරණය ගෘහස්ත ප්රචණ්ඩත්වය. අවුරුදු 18ට වඩා අඩු අයට බලපාන්නේ විභාග පීඩනය. ඒ වගේ ම ඉන්දියාවේ ග්රාමීය ප්රදේශවල ගොවියන්ට බලපාල තියෙන්නේ ආර්ථික දුෂ්කරතා," ඔහු පැවසීය.
ඉන්දියාවේ ජනප්රිය සිනමා සහ රූපවාහිනී රංගන ශිල්පියෙකු වූ සුෂාන්ත් වැඩි ම ජනප්රියත්වයට පත් වූයේ, MS Dhoni: The Untold Story චිත්රපටයේ ප්රවීණ ක්රිකට් ක්රීඩක මහේන්ද්ර සිං දෝනිගේ චරිතයට පණ පෙවීම හේතුවෙනි.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (ජුනි 15) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබිණි.

කොරෝනා අස්සේ පැල්පත්වාසීන්ගේ කුසගිනි නිවන රූමත් කෙල්ල


කොරෝනා වසංගතය හේතුවෙන් රැකී රක්ෂා කටයුතු නොමැතිව මූලික අවශ්‍යතා පවා පිරිමසා ගැනීමට නොහැකිව ළතවන පැල්පත්වාසීන් 200කගේ පමණ කුසගිනි නිවීමට ජනප්‍රිය ඉන්දීය නිළි රාකුල් ප්‍රීට් සිං කටයුතු කරමින් සිටී.

සිය මවුපියන් වන කුල්වින්දර් සිං සහ රාජේන්ද්‍රන් සමඟ ඉකුත් අප්‍රේල් මාසයේ සිටම දිනපතා මෙම පැල්පත්වාසීන්ට දිනකට දෙවරක් පිසූ ආහාර පාර්සල් ලබා දීම සිදුකරන බව ඇය පවසයි.

නගරයේ වසා දැමීම් තවදුරටත් ක්‍රියාත්මක වන තාක් මෙම කටයුත්ත ඉටු කරන බවත් ඇය පවසන්නීය. මේ අර්බුදකාරී සමයේ සැවොම තමාට හැකි දේ කළ යුතු බව කියන රාකුල් පවසන්නේ අප නිවෙසට, ආහාර ආදිය ලබාගත හැකි මට්ටමක සිටින බැවින් හදිසි ආපදා තත්ත්වයකදී සමාජය වෙනුවෙන් යමක් කළ යුතු බවයි. ආහාර ලබාගන්නා විට ඔවුන්ගේ මුහුණේ මතුවන සිනහවට එහා දෙයක් මට ලබාගන්න බැහැ. මා ලබා ඇති සියල්ලට කෘතවේදීත්වය දැක්වීමට මෙය ඉතා සුළු පරිශ්‍රමයක් පමණයි රාකුල් තවදුරටත් කියන්නීය.


තායිලන්තයේ සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වය ජුනි අවසානය දක්වා දීර්ඝ කරයි



කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා පවත්වාගෙන යෑමට තායිලන්ත බලධාරීහු තීරණය කර තිබේ.

දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කරන අතරතුර ආසාදන පාලනය කර තබා ගැනීම සඳහා මෙලෙස හදිසි නීතිය දීර්ඝ කරන බව තායිලන්ත කොවිඩ් - 19 කාර්ය සාධක බලකාය පවසයි.

මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ සාප්පු සංකීර්ණ, වෙළඳසැල් සහ දෙපාර්තමේන්තු නැවත විවෘත වී ඇත.

ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි අවසානය දක්වා දීර්ඝ කර තිබේ.

එසේ වුවද බාර්, රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා සහ ක්‍රීඩා පිටි තවදුරටත් වසා දමා තිබේ.

දැනට වසා දමා ඇති පාසැල් ජූලි මාසයේ විවෘත කිරීමට නියමිතය.

මාසයක් පමණ කාලයක් තිස්සේ තායිලන්නයේ දෛනික ආසාදිතයන් වාර්තා වීම අඩුවෙමින් පැවති අතර පසුගිය පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා වී නොමැත.

තායිලන්තයේ මේ වනවිට තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයින් ගනන 3 037 ක් වන අතර මරණ 56ක් සිදුවී තිබේ.

රෝගීන් 2 910 දෙනකු සුවය ලබා තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

කොරෝනා මව්වරු 100ක් නිරෝගී දරුවන් බිහි කරති



ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලකදී කොරෝනා ආසාදිත මව්වරු 100කට වැඩි පිරිසක් නිරෝගී දරුවන් බිහිකර තිබේ.

මේ අතරින් දරුවන් 03 කු පමණක් පරීක්ෂණවලදී මුලින් ආසාදිතයන් බව පෙන්නුම් කළද පසුව ඔවුන්ද ආසාදිතයන් නොව බව තහවුරු විය.

දරු ප්‍රසූතිය සඳහා මෙම රෝහලට ඇතුළත් වූ ගැබිනි මව්වරු අතරින් දෙදෙනකු රෝහලේදී මිය ගොස් තිබිණි. ඉන් එක් අයකු මියගියේ දරු ප්‍රසූතියට පෙරය.

මෙම දරු උපත්වලින් හරි අඩක් පමණ ස්වාභාවිකව සිදු වූ ඒවාය. ඉතිරිය සිසේරියන් සැත්කම් මගින් සිදු කෙරිණි. දරුවන්ගෙන් 59 දෙනෙක් ගැහැනු දරුවන් වන අතර 56 දෙනෙක් පිරිමි දරුවෝ වෙති.

ආසාදිත මව්වරු අතරින් 22 දෙනකු මෙම රෝහලට ​යොමු කර ඇත්තේ වෙනත් රෝහල් වලිනි. මෙම මව්වරුන්ට වෛරසය ආසාදනය වූයේ නිවසේදීද පිටතදීද නැතිනම් රෝහලේදීද යන්න නිශ්චය කෙරී නැත.

ඔවුන් සඳහා ඇඳන් 40කින් සමන්විත විශේෂිත වාට්ටවුක් රෝහලේ පිහිටුවා තිබේ. වෛද්‍යවරු 65 දෙනකුගෙන් සහ හෙදියන් 25කට ආසන්න කාර්යමණ්ඩලයක සේවය එහිදී සැපයේ.



ධම්මික සෙනෙවිරත්න

ඊශ්‍රායලය.මේ නම ඇහෙද්දිම අපිට මතක් වෙන්නෙ මුලු අරාබිකරයෙම ඉන්න මුස්ලිම් වරුන්ට රිදෙන්න ගහපු පොඩි රටක් ගැන


මේ නම ඇහෙද්දිම අපිට මතක් වෙන්නෙ මුලු අරාබිකරයෙම ඉන්න මුස්ලිම් වරුන්ට රිදෙන්න ගහපු පොඩි රටක් ගැනයි.මං දන්න විදිහට මැද පෙරදිග තියන එකම මුස්ලිම් නොවන රාජ්ය ඊශ්රායලයි.එක පැත්තකින් මධ්යධරණී මුහුදෙනුත්, අනිත් පසින් ඊජිප්තුව, ජෝර්දානය, ලෙබනන් හා සිරියාවෙනුත් වටවුණු රාජ්යයක්.
ආරම්බයෙදි අපෙ පුංචි රටෙන් බාගයක් තරම් වෙන මේ යුදෙවු දේශය බිහිඋනෙ තැනින් තැන සරනාගතයන් වගෙ ඉදපු යුදෙවුවන්ට නිවහනක් විදිහට
යුදෙවුවන්ගෙ ඉතිහාසය දිහා බැලුවොත් මැදපෙරදිග හිටපු සුලු ජාතියක් තමා මොවුන් .
ඊශ්රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය.
අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.
ඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් අවුරුදු 1000 පුරාවට ඒගොල්ලො තමන්ගෙ සස්කෘතිය රැකගෙන ඒ රටවල් වල හිටියා. එහෙම ඉඳලා නැවතත් ඊශ්රායලයට ආවා.හිතල බලන්න.. අවුරුදු 1000 ක්
නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කුඩු කෑලි වලට කැඩුනා.
යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල් වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම වුණා.
මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ දඩයම් බවට පත් වුණේ.
නිතරම මුස්ලිම්වරුන් අතින් ඝාතනය උන ජාතියක් අතිතයෙ.ඒවගේම ලෝක යුද්ද නිසා සමූලඝාතනය උන ජාතියක්.මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්රායලය. ඉතින් 1948 මේ පුංචි රට ප්රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර ආක්රමණය කරනවා.
ඔයවෙද්දි රටෙ වැඩිහරියක් උන්නෙ හිට්ලර්ගෙන් පීඩා විදලා ඊශ්රායලයට පලා ආපු යුදෙවුවො.අඩුම ගානෙ ඔවුන්ට නිසි යුද පුහුනුවක්වත් තිබ්බෙ නැ.
අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්රායලය සති දෙකක් වත් තියේවි කියලා.
ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්රායලය වැසියන්, සියළුම අරාබි හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට.
ඔය විදිහටම ආයෙ අවුරුදු 19කට පස්සෙ මෙ පුංචි රටට තවත් යුද්දයක් එනවා 1967දි .
විශාල අරාබි රටවල් 4ක් එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක් නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන.හැබැයි ඊශ්රායලය උන්ට දවස් 6න් ඇප නැති වෙන්න ගහල දැම්මා.
මේ යුදෙව්වන් තමන්ගෙ රට defend කරල නිකං හිටියෙ නෑ. තමන්ගෙ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටස් අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට
ඔය යුද්දෙ තමා 6 day war නමින් ලෝකෙ ප්රසිද්ධ උනෙ
ආයෙත්
ආයෙත් අවුරුදු 6කට පස්සෙ 1973දි අරාබි රටවල් එකතු වෙලා මෙ පුංචි රටට එරෙහිව යුද ප්රකාශ කරනවා ඒ ඊජිප්තුව හා සිරියාව නායකත්වයෙන්.රාමදාන් යුද්ධය කියලත් මේකට කියනවා
කලින් වගෙ නෙවෙ මෙ යුද්දයට රුසියාවෙන් ආයුද වගෙම දැනුම ලැබුනා අරාබි රටවල් වලට.ඊශ්රායලය යුදෙව්වන් කියන්නෙ සෙල්ලම් නෙවෙයි කියන එකත් ඒගොල්ලන්ට හොඳටම තේරිලයි තිබුණෙ. මේ නිසා මාස ගණනක් තමන්ගෙ සටන හොඳින් සැළසුම් කළා.
කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්රී කාලයෙ දැකිය හැකි Night Visions පවා තිබුණා. ඊශ්රායලය හමුදා සෙබලුන්ට රාත්රි කාලයෙ සතුරා ලඟට එනකං ඉඳලම පහර දෙන්න සිදුවුණා. හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ වුණා.හැබැයි අරාබි රටවල මාස ගණනක සැලසුම් ඊශ්රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට කැඩිලා ගියා.ඊශ්රායල ජෙනරල්ලා මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuver) , පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්රශංසාවට ලක්වුණා.
(Arial Sharon. එදා මෙදා තුර ඊශ්රායලය බිහිවුණ හොඳම military strategists කෙනෙක්). මෙයාගෙ වැඩ මේ යුද්ධය දින්න ලොකු උදව්වක් වුණා. පස්සෙ කාලෙක රටේ නායකය වෙන්නෙත් මෙයාම තමයි )
මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්රායලය නැවතත් ජයග්රාහීව නැඟී හිටියා.
මේ සෑම යුද්ධයකදීම ඊශ්රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා. එක කාලයකදී ඊශ්රායලයේ ගුවන් යානා 25ක් විනාශ වෙද්දි අරාබි යානා 631 ගණනක් සුනු විසුනු කරල තිබුණා.මීට පස්සෙ ආපු පුංචි මුස්ලිම් ප්රහාර වලට, ඊට වඩා 10 ගුණයකින් බිහිසුණූ ප්රති ප්රහාර ඊශ්රායලය හමුදා එල්ල කළා
පලස්තීන ගරිල්ලන් ඊශ්රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා.
හැමෝගෙම විරෝධතා මැද්දෙ ඉරාකයේ සදාම් හුසේන් න්යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා. ඊශ්රායලය ගුවන් හමුදාව මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා ඉතාමත් දුර තිබුණු ඉරකයේ බෑග්ඩෑග් නුවර තිබ්බ Nuclear Reactor එක කුඩු කෑලි වෙන්න ගුවනින් බෝම්බ දාන්න සමත් වුණා.
ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්රායලය ඔත්තු සේවා අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God)
අද ඊශ්රායලයේ සියළුම යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්ය යුධ පුහුණුව ලබනවා. ගෑනු අයත් ඇතුළුව. මේ හැමෝටම ආත්මාරක්ශාවට පාවිච්චි කරන්න, තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා.
වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා
කොටින්ම අද මුළු ඊශ්රායලයම එකම War Machine එකක්.මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි
යුද්දෙන් විතරක් නෙවෙ සෑම පැත්තකින්ම යුදෙවුවෝ ලෝකෙ ඉහලටම ආපු ජාතියක්
*.මුළු ලෝකෙන්ම වැඩිම නොබෙල් තෑගි ප්රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්යාවට අදාල තෑගි. )
*.ලොකෙ
3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා
*.ගිය වසර වන විට ලෝකෙ වැඩිම ආයු අපෙක්ශිත රටවල් අතරින් 14 වෙනියට ආවා..
*.Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්රායල නිශ්පාදනයක් ). ඇඟ ඇතුලෙ පින්තූර ගන්න capsule වගේ නව සොයාගැනීම් එක්ක වෛද්ය විද්යාව ඉහලම තැනකට ආවා.
*.ඒත් කොහොමද ඊශ්රායලය මෙච්චර දෙයක් කලේ ? උත්තරේ හරිම සරලයි. ඊශ්රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය
මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.7%ක් වගෙ. ඒත් නොබෙල් තෑගි වලින් 20% අයිති මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්යාව හා තාක්ෂණයට අදාල ඒවා
ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්
කීර්තිමත් භෞතික විද්යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)
මනෝ වෛද්යවරුන් (සිග්මන් ෆ්රොයිඩ්)
සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)
Facebook නිර්මාතෘ (Mark Elliot Zuckerberg) විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් (Sergey Mikhaylovich Brin) යුදෙව්වෙක් තමයි.
ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ.
පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්යවරයා.
ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)
කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්රමයක් පවා හොයාගත්තා කියනවා.
සෙල්ලන් නැ 😁
ඊශ්රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා.ඒ කියන්නෙ ඊශ්රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශ වුණා
යුධ බලයෙන් කොච්චර පොහොසත් වුණත් ඊශ්රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්රශ්න බේරගත්තා. සාම සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත් ඉඩම් පවා ආපහු ඒ රටවල් වලට බාරදුන්නා.
හැබැයි යුද්ධෙට ආපු හැම රටකටම දුවන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි හිතුනොත් ඒ රටවල් වලින් කොටස් හිටන් අල්ලගත්තා
ඊශ්රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක.හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුනා.
රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්රායලයට ගෙන්න ගත්තා. ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ රටට ගෙන්න ගන්න ඊශ්රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.
අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්රායලය පුරවැසිබාවය දෙනවා.
මේගොල්ලො ලෝකය පුරා ඉන්න යුදෙව්වන්ට කියන්නෙ එක දෙයයි " "Come Home"