ක්‍රීඩකයිගෙන් බිරිද හෝ පෙම්වතිය ඉල්ලන ක්‍රිකට් ලොක්කන්.

මේ සිදුවීම වෙන්නේ ක්‍රීකයින් කණ්ඩායමට තොරාගැනීමේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉන්නාවු ඉහල නිළධාරියෙකු ක්‍රීඩකයින්ගෙන් අල්ලස් ඉල්ලා සිටිනවා. 

එකක් මුදල් අල්ලසක්. ඒ කියන්නේ ක්‍රීඩකයින්ට හම්බවෙන මුදලින් හරි අඩක්. 

දෙවෙනි එක ලිංගික අල්ලස්. ඔහු ඉල්ලා සිටින්නේ අදාල ක්‍රිඩකයින්ගේ බිරිද හෝ පෙම්වතිය බවයි පැවසෙන්නේ.  මේ බව කණ්ඩායමෙන් කැපී සිටින ක්‍රීඩකයින් අනාවරනය කර තිබෙනවා.

මේ සම්බන්දයෙන් ක්‍රීඩකයින් විසින් ක්‍රීඩා ඇමතිතුමාට පැමිනිලි කිරීමට සුදානමක් තිබෙන බවද සදහන් වෙනවා.

එම තේරීම් කමිටු සාමාජිකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් බවත් කාන්තාවන් සහ මුදල්වලට දැඩි ලොල්කමක් දක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙවැනි ක්‍රියාවලින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නම් එල්ල වෙන්නේ ඉතාම නරක බලපෑමක්.

කෙසේ වෙතත් මෙවැනි පුවත් පිලිබඳ තිබෙන සත්‍ය අසත්‍යතාවය ඉමනින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම ක්‍රිකට් වගේම ක්‍රීඩකයිගේ ආත්ම ගරුත්වයටත් වැදගත් වෙනවා.

0 comments