දෙවන අනියම් ඇසුරක් පැවැත්වූ පොලිස් නිලධාරියාට ප්‍රථම අනියම් අසුරෙන් ලැබුණු දඬුවම
අදාළ පොලිස් නිලධාරියා මින්නේරිය පොලිසියට අනුයුක්ත්වයි රාජකාරී කර ඇත්තේ.
මෙම පොලිස් නිලධාරියා අනුරාධපුරයේ කහටගස්දිගිලිය පදිංචි 30 හැවිරිදි දෙදරු පියෙක්.
ඔහු කලක පටන් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති අතර වෙනත් කාන්තාවක් සමඟද ඇසුරක් පවත්වා ඇති බව වාර්තා වනවා.
මේ බව දැනගැනීමත් සමඟ ඔහු, ප්‍රථමයෙන් අනියම් ඇසුර පැවැත්වූ කාන්තාව විසින් මෙලෙස පොලිස් නිලධාරියාගේ ජනනේන්ද්‍රය කපා දමා තිබෙනවා.
ඇය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
ජනනේන්ද්‍රය කපා දැමීම හේතුවෙන් එම නිලධාරියා ප්‍රථමයෙන් හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත්කර ඇති අතර බරපතල තත්ත්වයෙන් පසු වූ ඔහු පොළොන්නරුව රෝහලට ඇතුලත්කර ඇති බවයි වාර්තා වන්නේ.









0 comments