ලංකාවේ සංවර්ධනයට ජපානයේ විශේෂ සූදානමක්
ටෝකියෝ නුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දූත පිරිස හමු වූ අවස්ථාවේදී ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය හිරොෂිගෙ සෙකො මේ බව කියා සිටියා.
එහිදි වැඩිදුරටත් අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය හේතුවෙන් දෙරට අතර සබඳතාවන් තවදුරටත් පුළුල් වනු ඇති බවයි.
එමෙන්ම උතුරු කොළඹ වරාය සංවර්ධනය, ත්‍රිකුණාමල නගර නිර්මාණය, මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර, බණ්ඩාරනායක ගුවන්තොටුපලේ දෙවන ධාවන පථය ආදි ව්‍යාපෘතීන් සඳහා ජපාන රජයෙන් ලබාගත හැකි සහය පළිබඳව එහිදි සාකච්ඡා කර ඇති බව සඳහන්.
මේ අතර, ජයිකා ආයතනයේ සභාපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අතර හමුවක් ඊයේ ටෝකියෝ නුවරදි පැවැත් වුණා.









0 comments