64 මායම් චිත්‍රපටයේ මංගල දැක්මදා

සොයිසා දූවරු දෙදෙනෙක් හා භාර්යාව සමග ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙකි. ඔහුට මිතුරෙකු සිටී. ඔහු සිල්වාය.

ඔවුන් දෙදෙනා ජීවත් වන්නේ කපටිකමින්ය. ඉඩම් විකිණීම, වාහන විකිනීම, මගුල් කපුකම් කිරීම ආදී දේ කරමින් ජීවත් වන මෙවුන් දෙදෙනා දිනක් සාදයකදී ගන්නා ආහාර විෂ වීමෙන් රෝහල් ගත කරයි. රෝහලේදී අත් අඩංගුවේ පසු වන රෝගියෙක් රාත්‍රී නින්දෙන් සොරකම් කළ මැණිකක් ගැන හීනෙන් දොඩවයි.

ඒ ඇසෙන සොයිසා, සිල්වා සහ තවත් තරුණයෙකු රෝහලෙන් පැනගොස් මැණික සොයා යයි.

එකිනෙකාට හොරෙන් මැණික සොයන තිදෙනා දිනෙක එකට හමුවේ. තරුණයා මැණික තිඛෙන නිවසේ තරුණිය සමග ප්‍රේම සම්බන්දතාවයක් ඇති කර ගනී.සොයිසාගේ දියණිය සමග එම තරුණියගේ සොහොයුරා ප්‍රේම සමිබන්දතාවයක් ඇති කර ගනී.

මෙම තිදෙනාගේ අරමුණ වන්නේ කෙසේ හෝ මැණික සොයා ගැනීමයි. මේ හා සම්බන්ද සිද්ධීන් සමගින් තිදෙනා අතර ගැටුම් හා රසවත් සිදුවීම් සිදුවේ.
අවසානයේ මැණික හිමිවන්නේ කාටද?

 කතාව, තිර රචනය, අධ්‍යක්ෂනය         -    සුදේශ් වසන්ත පිරිස්
නිෂ්පාදනය                        -    සුනිල් ටී ප්‍රනාන්දු
කැමරා                             -    ගාමිණි මොරගොල්ලාගම
සංගීතය                            -    කේෂාන් පෙරේරා
කලා අධ්‍යක්ෂණය                -    සරත් සමරවික්‍රම
සංස්කරණය                       -    අනුර බණ්ඩාර
කොණ්ඩා සැකසුම හා ඇදුම් නිර්මාණය     -     කිරාන් ජී සොයිසා
වේශ නිරූපනය                 -     රොඩ්නි වැන්ටුවෙස්ට්
ගායනා                          -     පූර්ණ සචින්ත, ලන්ත්‍රා පොර්රා, චමත්කා පිරීස්, මහින්ද පතිරගේ,     රිචඩ් මානමුදලි
පද රචනය                      -     සුනිල් ධර්මසිරි, චතුරංග හෙට්ටිගේ
නැටුම් අධ්‍යක්ෂණය            -     තුෂානි වීරක්කොඩි
රේඛීය නිෂ්පාදනය             -     සුනිල් ධර්මසිරි
නළු නිළියන්                     -     විජය නන්දසිරි, මහින්ද පතිරගේ, සුසිලා කෝට්ටගේ, රිවඩ් මානමුදලි, විශ්ව ලංකා, නිරෝෂා තලගල, විශ්ව කොඩිකාර, හර්ෂ පද්මරත්න, මේනකා මධුවන්ති, සරත් වන්ද්‍රසිරි, නිල්මිණි කෝට්ටේගොඩ, ඩී.බී. ගංගොඩතැන්න, පවිත්‍රා වික්‍රමසිංහ, කපිල සිගේරා, ජීවන් හදුන්නෙත්ති

0 comments