වසර 42කට පසු පිටසක්වලින් ආ පණිවිඩය
වැඩි කතා නැතුව එහෙනම් අද මාතෘකාව ගැන කතා කරමු. විශ්වයේ ජීවය සොයා පෘථිවියෙන් පිටත්ව ගිය වොයිජර් 1,2 යානා සෞරග්‍රහ මණ්ඩලය පසු කර මේ වන විට ගමන් කරන්නේ Interstellar Space කියලා ඔයාලා දන්නවා ඇති. වොයිජර් 2 යානය ටික කාලයක් පෘථිවිය හා තියෙන සියලු සබඳතා නැවැත්තුවා. විද්‍යාඥයන් හිතුවෙ වොයිජර් 2 යානය මිය ගියා කියලා නමුත් ඔන්න නැවතත් වොයිජර් 2 යානය පෘථිවියට දත්ත එවන්න පටන් අරන් තියෙනවා. මේ වොයිජර් 2 යානය පෘථිවියට එවන සියලුම දත්ත එවන්නේ සූර්යාගේ ආකර්ෂන බලයට ලක්වන අවසන් කලාපයෙන්ද බැහැරව වීම විශේෂත්වයක්. ඉතින් මේ වොයිජර් 2 යානය පෘථිවියට ලබාදීලා තියෙන දත්ත වලට අනුව සූර්යාගෙන් බැහැර ප්‍රදේශය එහෙමත් නැත්නම් Interstellar Space එක අභ්‍යාවකාශ විකිරණ වලින් සහ ගෑස් වලින් පිරීව පවතිනවා කියලා තමයි කියන්නේ. 1977 විශ්වයේ වෙනත් ජීවයක් සොයා පෘථිවියෙන් යවන ලද වොයිජර් 2 යානය තුළ පෘථිවියේ සාධක විශාල වශයෙන් දක්වා ඇත්තේ බුද්ධිමත් ජීවී කොට්ඨාසයක් මේ විශ්වයේ වෙතොත් ඔවුන්ට පෘථිවිය හඳුනා ගැනීමට හැකි වන පරිදිය. වොයිජර් 2 යානය තුළ නිරුවත් මිනිසෙකුගේ සහ ගැහැණියකගේ සිතුවම් සහ කුරුල්ලන් සහ තල් මසුන් ඇතුළු සතුන්ගේ හඬ පට පවා ඇතුළත් කරලා තමයි තියෙන්නේ ඒ වගේම ඇමරිකාවේ සුප්‍රසිද්ධ ගායකයෙක් වෙන "Chuck Berry" ගේ "Johnny B Goode" ගීතය වොයිජර් 2 යානාවට ඇතුළත් කර තිබුණේ පිටසක්වල ජීවීන්ට පෘථිවිය හඳුනා ගැනීමේ පහසුව සඳහායි. සැතපුම් බිලියන 12 ක දුරක් ගමන් කර සෞරග්‍රහ මණ්ඩලයෙන් නික්මුණු වොයිජර් 2 යානයට පිටසක්වල ජීවයක් හමු නොවීමද විශේෂත්වයක්. සූර්යාගෙන් බැහැරව තරු අතරට ගමන් කරන මේ වොයිජර් 2 යානය ගැන පහුගිය ටිකේ ෆේස්බුක් එකේ සහ යූ ටියුබ් එකේ අසත්‍ය තොරතුරු ගොඩාක් තිබ්බා මම දැක්කා. ඒ අතරින් එක් මතයක් වුනේ බුද්ධිමත් පිටසක්වල ජීවී කොට්ඨාසයක් විසින් යානය තම ග්‍රහණයට අරන් කියලා. ඒත් වොයිජර් 1,2 යානා වලට අඛන්ඩව දත්ත යොමු කරන්න නාසා එකට පුළුවන් වෙලා තියෙනවා සහ එය තාමත් කරනවා. වොයිජර් 2 යානාව ගමන් කරන Interstellar Space එක ගත්තොත් විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම කලාපය අභ්‍යාවකාශ විකිරණ වලින් සහ ගෑස් වලින් ගහන කලාපයක්. ඒ කලාපය අපේ සූර්යග්රහ මණ්ඩලය සහ වෙනත් ග්‍රහ මණ්ඩලයක සීමා ගැටෙන කලාපයක් වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයන් පවසනවා. මේ අතර අයෝවා සරසවියේ විද්‍යාඥ බිල් කර්ට් පවසන්නේ වොයිජර් 2 යානය ගමන් කරන කලාපය බිහිසුණු මට්ටමෙ උණුසුමක් සහිත කලාපයක් බවයි. එම කලාපයට ඇතුළු වීමත් සමඟ වොයිජර් 2 යානය අක්‍රීය වීම අාරම්භ වන බවද පවසනවා. එයට හේතුව දක්වමින් බිල් කර්ට් පවසා තිබෙන්නේ යානයේ ප්ලූටෝනියම් බල පද්ධතිය විකිරණ වලින් සහ ගෑස් වලින් විනාශ වී යන නිසා විදුලිය සැපයීම අක්‍රීය වීම මත යානයේ සියලු සන්නිවේදන කටයුතු ඇනහිටින බවයි. ඒ අනුව වසර 42ක් පුරා මුළුල්ලේ පණිවිඩ ලබාදුන් වොයිජර් 2 යානය ඉදිරි අවුරුදු 5 ඇතුළත මිය යන බවද විද්‍යාඥයන් විසින් පවසා තිබෙනවා. එහෙත් අක්‍රීය වූ යානය අවුරුදු බිලියන ගනනක් විශ්වයේ ගමන් කරමින් පවතින බවද විශ්වයේ දියුණු ජිවයකට යානය හමු වුවහොත් පෘථිවිය පිළිබඳ අවබෝධයක් ලබාගනු ඇති බව පර්යේෂකයන් සඳහන් කරනවා. මෙම යානා මඟින් දැනට දීලා තියන දත්ත අනුව සෞරග්‍රහ මණ්ඩලය තුළ මිනිසා ඇර වෙනත් දියුණු ජීවී කොට්ඨාසයක් වාසය නොකරන බවට අපිට තහවුරු වෙනවා වගේම සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත කලාපය මිනිසෙකු නොව සතෙකුටද ගමන් කරන්න බැරි දැඩි විකිරණ සහ ගෑස් වලින් ගහන කලාපයක් බවද මේ අනුව ඔප්පු වෙනවා ඒ වගේම පිටසක්වල ජීවීන් හමු නොවුනද මිනිසා සෞරග්‍රහ මණ්ඩලයට පමණක් කොටු වූ ජීවීන් පිරිසක් බවද මේ අනුව හෙලිදරව් වෙනවා.
0 comments