නිය පිරිත්තාව

ඇවිද්ද පය දහස් වටී" එය අතීත සමාජයේ සිට පැවැත ආ එක්තරා කියමනකි. ඇවිදීමට නම් දෙපයක් තිබිය යුතුමය.රෝගී වූ දෙපය ඔබේ දිවියට කැන්දනුයේ අමිහිරි අත්දැකීමකි. එය ඔබේ හිතට එක්තරා ආකාරයට මානසික පීඩනයක් එක් කරනු ඇත. මුහුණෙහි ලස්සන මුළු ශරීරයේම එකසේ තිබිය යුතුය. කාර්යබහුලත්වය නිසා බොහෝ අවස්ථාවන්හිදී අපිට දෙපා ආරක්ෂා කරගැනීමට අමතක වේ.

කුඹුරු හා ජලය ආශි්‍රතව වැඩි වශයෙන් රැඳී සිටින අයට දියමිටියෝ කෑම නමින් දෙපා ආශි්‍රතව රෝගී තත්ත්වයක් දැකිය හැකිය. කෙදිනකවත් කුඹුරකට හෝ මඩ සහිත ස්ථානයකට රැඳී නොසිටි අයට පවා මේ රෝගී තත්ත්වය වැලඳිය හැකිය. උපතත් සමඟ මේ අයගේ කකුල් සිනිඳු වීම නිසා බොහෝ විට ජලාශ්‍ර ආශි්‍රතව හෝ කුඹුරු ආශි්‍රතව නොගැවසුණත් "දියමිටියෝ කෑම" නම් රෝගයට ගොදුරු වේ.

බොහෝ දෙනකු උපදින නැකත අනුව ශරීර ස්වභාවය තීරණය වේ. සඳු මහ දශාවෙන් උපන් අයෙකුට ශරීරයෙහි ප්‍රධාන වන්නේ පිතයි. ශරීරයේ පිත වැඩි වූ නිසාම ඔවුන්ගේ හමේ ස්වභාවය සිනිඳු වේ. ශරීරයේ පිත අධිකව ඇති අයට උෂ්ණාධික ආහාර එතරම් ගුණදායක නොවේ. අධික ආම්ලිකතාවෙන් යුතු ආහාර අන්නාසි, විනාකිරි, වැනි දේ පිත කෝප කරවයි. පිත කෝප වූ විට ඒවගේ බලපෑම දෙපතුල්වලට දැනේ.

නිය පිරිත්තාව

බොහෝ දෙනකුගේ දෙපයේ තම උපතින්ම සිනිඳු ස්වභාවයක් ගන්නා නිසා නියපොත්ත වක්‍ර වන ස්ථානයේ නිය දිරායෑමකට ලක්වේ. ඒ තුළ කුණු දූවිලි විෂබීජ හා විවිධ අපවිත්‍ර ද්‍රව්‍ය එක්රැස් වේ. මේ නිසාම නියපොත්ත පැසවයි. මෙය නිය පිරිත්තාව නම් රෝගයේ රෝගය ලක්ෂණයයි. මෙසේ පැසවන නියපොත්තෙහි සැරව ගලා යයි. දීර්ඝ කාලීන වශයෙන් වේදනා ගෙන දෙයි.

කුඹුරු ආශි්‍රතව බොහෝ වේලාවක් රැඳී සිටින අයගේ දෙපා දීර්ඝ වේලාවක් මඩට නිරාවරණය වී තිබීම නිසා මේ රෝගී තත්ත්වය ඇතිවේ. මඩ සිනිඳු ස්වභාවයක් ගන්නා නිසා විෂබීජ අධික ලෙස තැන්පත් වී තිබේ. මේ නිසා නියපොතු ආශි්‍රතව විෂබීජ තැන්පත් වී නිය පිරිත්තාව නම් රෝගයට ගොදුරුවේ.

පිත අධික අයට

ශරීරයේ පිත අධික වීමෙන් සම දිරාපත් විය හැකියි. එය බොහෝ අවස්ථාවන්වලදී දෙපතුල්වලට නියපොතුවලට බලපෑම් කරයි. ශරීරයේ පිත අධික වීම හිසෙහි මතුපිට සම පුපුරා යෑමට ඉවහල් වේ. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත වනුයේ හිස්හොරි ලෙසටය. හිස්හොරි වැඩි වූ විට එම සම පුපුරා ශරීරයේ අනෙකුත් ස්ථානවලට පවා පතිත වේ. එවිට එම ආගන්තුක ද්‍රව්‍ය සම මතුපිට ආසාදනයක් ඇති කරයි. බොහෝ දෙනා සිතනුයේ මෙය චර්ම රෝගයක් ලෙසටය. නමුත් එය මිථ්‍යාවකි. ශරීරයේ පිත පාලනය කළේ නම් මෙම ආගන්තුකව දක්නට ලැබූ සම මතුපිට ආසාදන තත්ත්වය ඉබේම සුවපත් වී යයි.

ශරීරයේ පිත අධික වීමෙන් කකුල්, අත පවා පැළී යා හැකිය. යටිපතුල, විළුඹ, අතුල් මෙසේ පැළී මහත් පීඩාකාරී බවක් ගෙනදේ. අතේ ඇඟිලි පවා පුපුරා යෑමෙන් සබන්, අළු, තෙල් සහ ඉන්ධන වර්ග අතේ ස්පර්ශ වුවහොත් මතුපිට සම ගැලවී යයි.

මේ සියලු රෝග තත්ත්වයන්ට මුල් වනුයේ අප ශරීරයේ පවතින්නා වූ වාතය හා පිතයි. රුධිරයේ පැවැතිය යුතු පෝෂක කොටස් ප්‍රමාණවත්ව නොතිබී ජලය අධික ප්‍රමාණයක් රුධිරයේ තැන්පත් වීම නිසා කකුල් ඉදිමේ. කකුල් ඉදිමීම නිසා කකුල් මතුපිට සම සිනිඳු වී සමහර විටෙක ඉරිතළා යයි. පුංචි ඝට්ටනයකින් වුවද සම මතු පිට තුවාල විය හැකිය.

රුධිරයෙහි අධිකව ජලය පැවැතීම නිසා තවකෙකුගේ සම මතුපිට සිනිඳු නොවී ගනකම් විය හැකිය. එවිට ශරීරයෙන් පිටවිය යුතු උෂ්ණත්වය ශරීර අභ්‍යන්තරයෙහි රැඳේ. කලක් ගත වන විට ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ ගොස් කකුල් කානු ලෙස පැළීයයි. එවිට කකුල් නිවැරැදි ලෙස පොළොවෙහි ස්පර්ශ කරමින් ඇවිදීමට නොහැකි වේ.

විළුඹ, යටිපතුල්, කෙණ්ඩා, මහත් වේදනා ගෙනදේ. මෙය බොහෝ විට මැදිවයසේ කාන්තාවන් අතර බහුලව දැකිය හැකි තත්ත්වයක් වුවත් පිරිමි පාර්ශ්වය අතර නැතිවාම නොවේ. මේ තත්ත්වය ඉතා සුළු මොහොතකින් පැවැතී නැතිව යා හැකිය. නමුත් මාස 6ක් වැනි දීර්ඝ කාලයක් පැවැතුණහොත් එය දණහිස් ආබාධ දක්වා වර්ධනය විය හැකිය.

ප්‍රතිකාර

මේ තත්ත්වයන්ගෙන් මිදීමට නම් පහත දෑ සිදු කිරීමෙන් නිරෝගී දෙපයක් ඔබට හිමි කරගත හැකිය.

* හැම විටම ද්වේෂයෙන් තොරව කාරුණිකව, හැසිරෙන්න.

* මානසික වශයෙන් නිදහස් පරිසරයක් ගොඩනඟා ගන්න.

* ලෙඩේ ගැන වෛරයකින් නොව තමන්ට වැලඳී ඇති රෝගයක් ආගන්තුකයෙක් යැයි සිතා ලෙඩේට ආදරයෙන්, කරුණාවෙන් සලකන්න.
හැකි සෑම විටම වාතය පිත සමනය කරන්න.

* අතුල් පතුල් පිරිසිදුව තබාගන්න.

* සම මතුපිට සැර සබන් වර්ග, ක්‍රීම් වර්ග ආලේප කිරීම හැකිතාක් සීමා කරන්න.

* ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් වන්න.

රාත්‍රියට මඳ රස්නය ඇති උණු වතුර ස්වල්පයක් ගෙන එයට කහ දමා කොහොම දළු, කොහොම පොතු හෝ කොහොඹ තෙල් යනාදියෙන් එක් වර්ගයක් දමා දෑත් දෙපා සෝදන්න. ඉන්පසු පිරිසිදු රෙදි කඩකින් තෙතමාත්තු කරන්න.

* ළිපේ යටින්ම තිබෙන අළුවලින් සාදාගත් උණු අළු පොට්ටනියකින් හෝ උණුබත් පොට්ටනියකින් මීතෙල් හෝ වෙනත් සාමාන්‍ය තෙලක් කකුලෙහි තවරා පොට්ටනියෙන් තවන්න.

උඩ සිට පහළ අතට ඇඟිලි තුඩුවලින් මිරිකන්න. දණහිසේ සිට දෙපයේ ඇඟිලි තුඩු දක්වාම නොනවත්වාම මෙසේ කරන්න. අතරමඟදී නතර කිරීම පසුව ඔබටම වේදනා ගෙන දිය හැකියි.

අන්තර් ජාලය ඇසුරිනි
නිර්මාතෘ. sumithra perera

0 comments