Entertainment - මමයි අතුලගේ කසාද ගෑනි- ඒත් ඩිවෝස් වුන කෙනා එක්ක තමයි එයා වැඩිපුරම ගියේ

අතුල අමායා එකතු වෙලා කියලා කතාවක් පහුගිය දවස් වල ඇහුනා.

ඒ අමායගෙ උපන්දින උත්සවයකට අතුලත් එක් වෙලා තිබුණ ඡායාරූප අන්තර්ජාලයේ පළ වීමත් එක්ක.

මේ කතා වගේම ගොඩක් දෙනෙක් නොදන්න අමායගෙ ආදරේ ජීවිතේ කතාව Amaya Adhikari පුවත්පතකට කිව්වෙ මෙහෙම.

මම ආදරේ ඉගෙන ගත්තෙ අතුල අයියගෙන්. ආදරය කියන්නෙ මොකක්ද කියලා එයා මට කියා දුන්නෙ එයා. ඇත්තමයි එයා හරිම සංවේදී කෙනෙක්. ඒ වගේම හරි අහිංසකයි.
අතුල අයියා කොහොමත් ලස්සනයිනේ. ඒත් සමිතා අක්කගේ ප්‍රශ්න නිසා මානසිකව වැටිලා හිටියේ. ඉතින් ඒ කාලෙ තමයි මං එයාට ලං වුනේ. ඇත්තටම කියනවා නම් මගේ ආදරේ පටන් ගත්තෙත් එයාගෙන් ඉවර වුණෙත් එයාගෙන්.

අතුල අයියට ටිකක් වයසයි. ඒත් වයස පේන්නෙ නෑ. දැනටත් එයා අද ඉන්න කොල්ලෙක්ට වඩා හොඳට ඉන්නවා. අද ඉන්න අය මහතයි ඇවිද ගන්නවත් බෑ. ඇත්තටම වයස කියන එක මගෙත් අතුල අයියගෙත් ආදරේට බලපෑමක් වුණේ නෑ. මට මතකයි අපි ආදරේ කරන්න පටන් ගන්නකොට එයාට වයස අවුරුදු 39 යි. ඒත් අපේ ආදරේට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ.

හැබැයි අපේ ගෙදරින් නම් වැඩේට ගොඩක් විරුද්ධ වුනා. මාව මරණවා කිව්වා. ඒත් මම අතුලවම තමයි ඕනේ කිව්වා. ඔව් . ඒ වෙලාවේ මමත් මුරණ්ඩු වුණා.
ඉතින් එයා සමිතගෙන් ඩිවෝස් වුණාට පස්සෙ ඒ බලපෑම් පොඩ්ඩක් විතර අඩු වුණා. කොහොම හරි අතුලගේ ඩිවෝස් එකෙන් පස්සෙ මම අතුල අයියව මැරි කරන්න තීරණය කළා. අපේ ගෙදර අයටත් මගේ හිතුවක්කාර ඉල්ලීම අහක දාන්න බැරි වුණා. අන්තිමට ඒගොල්ලො මට අතුලව කසාද බඳින්න ඉඩදීලා නිහඬ වුණා. අපි ආදරය කරන්න පටන් ගත්තේ පෙබරවාරි 25 වන දා. 2010 ජූලි 05 වනදා මැරි කළා.

මට හිතෙනවා මට සමහර තැන්වලදී වැරදුනා කියලා. අතුල සමිතගෙන් ඩිවෝස් වෙලා ආවට පස්සෙත් මම ඒගොල්ලන්ට කතාබහ කරන්න අවස්ථාව හදලා දුන්නා. ඒ වෙන මොනවත් හින්දා නෙමෙයි. අර දරුවන්ට තාත්තා කෙනෙකුගේ ආදරය ඕන නිසා. මට එහෙම දේකට අතුලට ඉඩ දෙන්න අමාරුයි තමයි. ඒත් මම හිත හදාගත්තා, මොකද මට වුවමනාවක් තිබුණේ නෑ  හිතක් පපුවක් තියෙන කෙනෙක් විදිහට ඒ දරුවන්ගේ ආදරේ බිල්ලට ගන්න.
ඒ නිසා තමයි මං හැමදේම ඉවසාගෙන හිටියේ. මටත් සාමාන්‍ය කාන්තාවක් විදිහට දරාගන්න බැරි තැන් ඒ අතර තිබුණා, ඒත් අතුලගෙ සතුට ගැන හිතලා මං ඒ හැමදෙයක්ම ඉවසුවා.

ඒක දැන් වුනත් ඒක ඕන කෙනෙක්ට පේනවා. අතුල වැඩිපුරම ෆොටෝ ගහලා තියෙන්නේ සමිතා එක්ක. බොරුනම් හොයලා බලන්න. මමයි අතුලගේ කසාද ගෑනි. ඒත් ඩිවෝස් වුන කෙනා එක්ක තමයි එයා වැඩිපුරම ගියේ. මං හිතන්නෙ සමිතා පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා නම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ. මං දුරස්වෙලා ඉන්නවා වගේ පේන හැම වෙලාවකදිම සමිතා අතුලට ලං වෙන්න ට්‍රයි කලා. මම ඒකට කෙලින්ම දොස් කියන්නේ සමිතට. පුළුවන්නම් මේවට උත්තර දෙන්න.
අපි ළං වුණෙත් සමිතා නිසා. ඒ දවස්වල සමිතගේ ප්‍රශ්ණයක් තිබුනේ නෑ. සමහර විට ඒක එයාගෙ කපටිකමක් වෙන්නත් ඇති. මට අතුලව එපා වුණේ සමිතා නිසා අපි දෙන්නා වෙන්වෙලා. ආයෙත් එකතු වෙන්න  ලොකු ආශාවක් තිබුණා. ඒත් ඒ හැම්දේම අවුල් වුණේ සමිතා නිසා, මගේ වැරදිත් සමහරවිට තියෙන්න ඇති. ඒත් මං හිතන්නෙ අපිට හදාගන්න බැරි දේවල් තිබුණේ නෑ. මේ හැමදේටම ලොකුවට බළපෑවේ සමිතගෙ හැසිරීම.

මට යාළුවෝ ගොඩක් ඉන්නවා. වැඩිපුරම ඉන්නෙ කොල්ලො. මම එයාලා එක්ක ෆොටෝ දාන ඒවා දිහා බලලා වැරදි විදිහට කතා කරනවා. ඒත් මට ඒ මගේ යාළුවෝ. ඒක මගේ වැරැද්දක් වෙන්න ඇති. සමිතා තමයි මේ දේවල්වලට අතුලව පොළඹවන්න ඇත්තේ. අතුල හරිම අහිංසකයි. එයාට කාගෙවත් හිත රිද්දන්න බෑ. ඒ නිසා තමයි එයාලා කියන දේ අතුල පිළිගත්තා වගේ හැසිරෙනවා ඇත්තේ.

කොහොම වුණත් ඒ දවස්වලට වඩා අද මං හොඳින් ඉන්නවා. ඒ දවස්වල මං ක්ෂේත්‍රයට ආවා නම් මට හරියට වැඩක් කරගන්න බැරිවෙයි. ඒත් දැන් මගේ හිතේ තියෙන හයිය එක්ක හැමදේම හොඳින් සිද්ධ වෙනවා. මොනවා වුණත් මම මානසිකව වැටිලා නෑ. ආර්ථිකව වෑටිලත් නෑ. අතුල මගෙත් එක්ක හිටිය කාලෙට වඩා මං දැන් ගොඩක් හොඳින් ඉන්නවා. මට අතුලගේ දරුවෙක් ඉන්නවා. ඒක මට ගොඩක් වටිනවා. මොකද ඒ හැමදේටම වඩා මට දරුවව වටින නිසා. මට ක්ෂේත්‍රයේ රැඳෙන්න ඕන කියලා හැඟීමක් තිබුනෙත් නෑ. අදටත් මට හොඳ ස්ථාවර ආර්ථිකයක් තියෙනවා. මට ජනප්‍රිය වෙන්න වුවමනාවක් නෑ.

හැමදාම මම තනියෙම දුවත් එක්ක ඉඳියිද නැත්නම් මම ආයෙත් ආදරය කරයිද. මේ ප්‍රශ්ණ හැමෝම මගෙන් අහනවා. මං හිතන්නේ මම ආයෙත් ආදරය කරයි. මොකද මගේ හිතේ ඒකට ඉඩ තියෙනවා. අතුල මත්තෙම නැහීගෙන , මැරීගෙන ඉන්න බෑ. එයා හිත හදාගන්නවා නම් මමත් එහෙම වෙන්න ඕනෙනේ. ඉතින් ඩිවෝස් එකෙන් පස්සෙ එහෙම තීරණයකට ඒවි. බලමු ඉස්සරහට කවදාහරි දවසක දරුව්වයි, මාවයි ආද රෙන් බලාගන්න පුළුවන් හොඳ පිරිමියෙක් ලැබුනොත් එදාට මම ආයෙත් තීරණයක් ගනීවි.

මම ජීවිතේ ගොඩක් දුර හිතන්නෙ නෑ. මට මගේ දුව කවදා හරි මැරි කරන කල් ජීවත් වුණොත් ඇති.
මට ලොකු බලාපොරොත්තු නෑ. තනියෙන් හිටියත් මම ජීවිතය විඳවන එකක් නෑ. මම විඳවන්න කැමති නෑ. මොකද දාලා ගිය අය ගැන හිත හිතා පැත්තකට වෙලා අඬන ජාතියේ කෙනක් නෙමයි මම. මට දැන් ඕනෙ ගෙවුණු කාලෙට වඩා හොඳ අනාගතයක්. එහෙම සුන්දර කාලය ඉදිරියට උදා වේවි කියලා මම හිතනවා.

මට කිසිම පසුතැවිල්ලක් නෑ මම ඒ දවස් වල අතුලට කියනවා ” මම ඔයාව ආත්ම හතක්ම ප්‍රාර්ථනා කරනවා කියලා”. ඒක වෙනස් වෙලා කියලා මම කියන්නෙ නෑ, ඒත් ඔය කරදර ඊලඟ ආත්මෙදී ඔය විදිහටම ආවත් මං දුක්වෙන එකක් නෑ. මගේ හිත දැන් හැදිලා තියෙන්නේ. මං උහුළපු වේදනාව තමයි මට ඒ පාඩම කියා දුන්නේ. එදා හිත රිදුනු තරමට අද මගේ හිත ශක්තිමත්.

මං ඕන කෙනෙකුට අභියෝග කරනවා මම පාර්ටි එකකදී වැටිලා හිටියනම් හරි. රෑට රෑට ක්ලබ් යනවා නම් හරි. මම කිසිම පිරිමියෙක් එක්ක අයථා සම්බන්ධකමක් තියෙනවා නම් හරි ඔප්පු කරන්න කියලා. මම බය නැතුව කියනවා මම වැරදි කරන කෙනෙක් නෙමෙයි. හිතේ හයියට නොමැරී ජීවත් වෙන කෙනෙක්.

0 comments