පෙම බිඳවැටීමෙන් සිත් තැවුලට පත් ගුරුවරිය කොතමලේ ජලාශයට පනින්න හදලා
මෙසේ ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කරන ලද තරුණියගේ කොන්ද ප්‍රදේශයට හානිවී ඇතැයි පොලීසිය පවසයි.
හැටන්, පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි 21 හැවිරිදි තරුණ ගුරු සිසුවියක් මෙසේ සියදිවි හානිකර ගැනීමට තැක්කොට ඇති අතර ඇය වටගොඩ උතුරු මැද කුඹර ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
වසර දෙකක පමණ කාලයක් පැවැති ප්‍රේම සබඳතාවයක් බිඳවැටීමෙන් සිත් තැවුලකට පත්ව මෙම තරුණිය මෙසේ සියදිවි නසා ගැනීමට තැත්කොට ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තුවාල ලැබූ තරුණිය ප්‍රතිකාර සඳහා ලිඳුල දිසා රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධිය පිළිබඳ තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.









0 comments