යාපනයේ මියගිය සිසුන් දෙදෙනාට වන්දි
ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනය විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් ඊයේ (01) කොළඹදී ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් හමුවී පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.
මේ සාකච්ඡාව සදහා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය වන වසන්ති අරසරත්නම් මහත්මිය ඇතුලුව 16දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගි වී ඇත.
මියගිය සිසුන් දෙදෙනා වෙනුවෙන් එක් පවුලකට රුපියල් මිලියන 10 බැගින් වන්දි මුදලක් ලබාදෙන ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිස මෙම සාකච්ඡාවේදී ඉල්ලීමක් කොට තිබේ.
මේ සතිය ඇතුළත පත් කෙරෙන විශේෂ කොමිසම සතියක් ඇතුළතදී එහි වාර්තාව ලබාදීමෙන් පසුව කොමිසම මගින් ලබාදෙන නිර්දේශයන්ට හා නියමයන්ට අනුව සුදුසු වන්දි මුදලක් ලබාදීමට ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් මෙහිදී එකඟතාවය පළකොට ඇත.
මියගිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා වෙනුවෙන් දැනට සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට රජය කටයුතු කරන බවට ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පොරොන්දු වී තිබේ.
මෙම සාකච්ඡාවට විපක්ෂනායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සහභාගි වීමට නියමිතව තිබුණු නමුත් ඔහු සහභාගී වී නොමැත.
නමුත් ඩී.එම්.ස්වාමිනාදන් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට එක් වී සිටි බව යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.









0 comments