අදත් දිවයින පුරා වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර කියා සිටියේ බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණ යන පළාත්වලට මිලිමීටර 75 ට වැඩි තද වැසි බලාපොරොත්තුවිය හැකි බවයි.


0 comments