international – දකුණු කැලිෆෝනියාවේ රහසේම මැවුණු තදබදේ [Video]

දකුණු කැලිෆෝනියාවේ මහාමාර්ගයක පැවති වාහන තදබදයක් පෙන්නුම් කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල තුළ විශාල ජනප්‍රියතාවක් ලබා තිබේ.
හෙලිකොප්ටර් යානයක සිට මෙසේ රූගත කෙරුණේ දකුණු කැලිෆෝනියාවේ 405 අධිවේගී මාර්ගයේ හටගෙන තිබූ වාහන තදබදයයි.

17 වන සියවසේ සිට ඇමරිකාවේ පැවත එන 'ස්තුති පළ කිරීමේ දිනය' සැමරීමේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා මාර්ගයට පිවිසි දහස් ගණනක් වූ පිරිස හේතුවෙන් මෙම මාර්ග තදබදය හටගෙන තුබුණු බවයි විදෙස් පුවත් අනාවරණ කලේ.

ඉදිරිපසට ධාවනය කෙරෙන වාහනවල සුදු පැහැති ලාම්පු එලිය සහ ප්‍රතිවිරුද්ධ දිශාවට දිවෙන රථවල පසුපස ලාම්පු මගින් මනස්කාන්ත දර්ශනයක් මැවී තිබුණු ආකාරයයි මේ.


0 comments