Local - 2500 දඩය ගැන සාකච්ඡාවක් අද

මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව මෙවර අයවැය හරහා කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත සංගම් කිහිපයක් අද මුදල් අමාත්‍ය රවී කරුණානායක හමුවනවා.

මුදල් අමාත්‍යාංශයේ පස්වරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා බස් රථ, පාසල් ප්‍රවාහන සහ ත්‍රිරෝද රථ  සංගම් එක්වන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

කෙසේ වෙතත් දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට කර ඇති යෝජනාවට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය පවසනවා.

0 comments