Local News-දුම්රිය ගේට්ටුකරුවන් වෙනුවට සිවිල් ආරක්ෂක භටයින්

දුම්රිය ගේට්ටුකරුවන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අනාරක්ෂිතව පවතින ස්ථාන වෙනුවෙන් සිවිල් ආරක්ෂක භටයින් යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොළඹ අද පැවති රැස්වීමකට එක්වෙමින් කියා සිටියේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු 676 ක් පවතින බවයි.

ඒවායේ සේවයේ යෙදී සිටින ගේට්ටුකරුවන්ගෙන් සියයට 25 ක් පමණක් මෙම වර්ජනයට එක්ව සිටින බව ඔහු සදහන් කළා.

එසේම අනාරක්ෂිත ගේට්ටු 200 ක් වෙනුවෙන් ස්වයංක්‍රීය විදුලි සංඥා පද්ධති වසර දෙකක් තුළ ඇතුළත් කිරීමට පියවර ගන්නා බවයි එහිදී අමාත්‍යවරයා කියා සිටියේ.

0 comments