Local - සුපිරි සඳ ලෝකයම දුටු හැටි [Photos]
වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවූ මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වූ අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි විය.
මේ දුර්ලභ අවස්ථාව දැකගැනීම සඳහා ලෝකය පුරා ජනතාව සැදී පැහැදී සිටි අතර, ඔවුන් වෙරළ තීරවළ, උස් ගොඩනැගිලිවල සිට එය නැරඹූ බව විදෙස් වාර්තා පවසයි.
පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වුවත්, ඊයේ (14) ග්‍රිනීච් වේලාවෙන් 11.21 පමණ වනවිට චන්ද්‍රයා හා පෘථිවිය අතර දුර කි.මී 356,509ක් තරම් ආසන්න විය.
මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 දින බව ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය පවසයි.
0 comments