Local - මියගිය ලහිරුගේ මරණයට හේතුව ලිංගික උත්තේජන අධි මාත්‍රාවක්ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණයේ රසායනික ප්‍රතිඵල අනුව  ඔහු මිය යන අවස්ථාවේදී 'ව්‍යාඝ්‍රා' නමැති ඖෂධය අධි මාත්‍රාවක් ගෙන තිබූ බවට තොරතුරු හෙළි වී ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග මේ වනවිට අනාවරණය කර තිබෙනවා. එම ප්‍රතිඵල සමග තරුණයා සම්බන්ධයෙන්  දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නට නියමිත අතර ඒ අනුව නව දිශාවකින් මේ ගැන පරීක්ෂණ ඇරඹෙනු ඇතැයි වාර්තාවනවා.

වයස අවුරුදු 24 ක් වූ අවිවාහක ළහිරු ජනිත්ට වැඩිහිටියන්ගේ අඹුසැමි හැසිරීම් සඳහා උත්තේජකයක් ලෙස භාවිත කරන ව්‍යාඝ්‍රා ඖෂධය අවශ්‍ය වූයේ ඇයිද යන්න මෙහිදී සොයා බැලෙනු ඇති.

ව්‍යාඝ්‍රා ඖෂධය අධිමාත්‍රාවන්ගෙන් ලබාගැනීම හෘදයාබාධ ඇතුළු රුධිර පීඩනය ආශ්‍රිත රෝග ඇති කරන්නට හේතුවිය හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශකර තිබෙනවා.

ශරීරයේ ලේ ගමනාගමන වේගය අඩාල කිරීම හෝ වෙනස් කිරීම මෙම ඖෂධය මගින් සිදුවන අතර අධි මාත්‍රාවන් ලබාගැනීමේ හේතුමත ඇතිවන අතුරු ආබාධ නිසා සිදුවූ මරණ රාශියක් ගැන ලෝකයේ බොහෝ තැන්වල වාර්තා වී තිබෙනවා.

නව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව සිද්ධියට අදාළ සියලු අයගෙන් ප්‍රකාශ ලබාගැනීමක් සිදුවනු ඇති.

0 comments