Local - ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවා දෙමව්පියන් භාරයේ සිටියදීම අධීක්ෂණයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලූ වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි පාසල් සිසුවා වසර 03ක කාලයක් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ, අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝගයකට අනුවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ අදාළ සිසුවා දෙමව්පියන් භාරයේ සිටියදීම පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්කිරීමටයි.

පරිවාස නිලධාරීන් විසින් මේ සම්බන්ධ යෝජනාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඊට සිසුවාගේ දෙමව්පියන් කිසිදු විරෝධතාවක් නොදැක්වූ නිසා මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබාදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මේ පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවයි.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වීමට මෙම සිසුවාට මාලදිවයින් ජාතිකයෙකුගේ සහාය ලැබී ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියාසිටියේය.

 

0 comments