Local - තරුණ වියේදීම ජීවිතයේ සත්‍ය පසක් කරගත් තරුණිය සසුන් ගතවෙලා

පවුලේ බාලයා ලෙස දෙමවුපියන්ගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ මෙන්ම සැමගේ නොමද ආදරය උණුසුම රැකවරණය ලැබ, කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලුම් සම්බන්ධ උපාධියක් ලබාගෙන, "මාස් හෝල්ඩින්ග්ස්" ආයතනයේ ඉහල පෙලේ රැකියාවක්ද කර අවසානයේ ඉතා තරුණ වියේදීම චතු ජීවිතයේ සත්‍ය පසක් කර ගත්තාය.

රූපශ්‍රීයෙන්, උගත්කමින්, සමාජශීලී බවින් අඩුවක් නොමැති ඇය, සින්දුවට, නැටුමට, බෙරයටද ගිටාරයටද උපන් හපන්කම් දැක්වූ අතර ගුණ ධර්මයන්ගෙන් ද පොහොසත් දියණියක් විය.

"චතු" ලෙස බොහෝ දෙන හැඳින සිටි ඇය අතුරුගිරියේ "ධම්ම සුඛිතා" අනගාරිකා මෑණියන් ලෙස ශාසනයට ඇතුළත් විය.

0 comments