Local - ඇවන්ගාඩ් නැව ගැන තීන්දුව කල්යයි

නඩු භාණ්ඩයක් වශයෙන් ගාලූ වරායේ නැංගුරම් ලා තිබෙන ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර අනිද්දා දක්වා කල්තබනු ලැබුවා.

මෙහි තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත්, ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් නැව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි විනිසුරුවරිය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ.

මෙම නෞකාව බැඳුම්කරයක් මත මුදාහරිනවාද, නැතිනම් අබලි ද්‍රව්‍ය ලෙස ප්‍රසිද්ධියේ වෙන්දේසි කරනවාද යන්න පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කර ඇත්තේ බැඳුම්කරයක් මත එය ලබාගැනීම අවාසිදායක වන බවයි.

නැවේ නඩත්තු සහ අලූත්වැඩියා කටයුතු වෙනුවෙන් අධික මුදලක් වැයවන බව සඳහන් කර ඇති ඔවුන් මින් ඉදිරියට එහි නඩත්තු කටයුතුවලින් ඉවත්වන බවද ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාළ කරුණු ලිඛිතව අධිකරණයට වාර්තා කරන ලෙස දැන්වූ විනිසුරුවරිය නෞකාව පිළිබඳ තීන්දුව ලබාදීම අනිද්දා දක්වා කල්දැමුවා.

0 comments