මට මැරෙන්න දෙන්න -ඓශ්වර්යා කියයි
ඉතින් ඓශ්වර්යා රායි සියදිවි හානි කරගත් බවට සමාජ ජාල වෙබ් අඩවි තුළ පුවතක් වාර්තාවෙලා තිබුණා.
මේ හේතුවෙන් ඓශ්වර්යාගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙක් කම්පාවට පත්වුණු බවත් විදෙස් වාර්තා සඳහන් කළා.
විදෙස් වාර්තා වලට අනුව එම අනතර්ජාල මාධ්‍යවල එම පුවත සඳහන් කරලා තියෙන්නේ ලොවම දිනූ රෑ රැජන, ඓශ්වර්යා රායි සියදිවි හානි කර ගත් බවයි.
ඓශ්වර්යා රායි "ඒ දිල් හේ මුෂ්කිල්" චිත්‍රපටයේ රන්බීර් කපූර් සමඟ නිරූපණය කළ සරාගී දර්ශන අභිෂේක් භච්චන්ගේ අමනාපවීමකට ලක්වීම එයට හේතුවූ බවත් එම පුවත්වල සඳහන් කරලා තිබුණා කියලා තමයි ආරංචි වුණේ.
ඒ වගේම අභිෂේක් භච්චන්ගේ බැණුම් නිසා සිත් තැවුලටපත් ඇය ඖෂධ පෙති රැසක් පානය කිරීමෙන් පසු අභිෂේක් භච්චන් නිවසට වෛද්‍යවරයෙකු කැඳවා ප්‍රතිකාර කරලා තිබුණු බවයි එහි තව දුරටත් සටහන්වෙලා තිබුණා.
තවද "මට මැරෙන්න දෙන්න. මෙහෙම දුක් විඳිනවට වඩා මැරෙන ඒක සැපයි" යනුවෙන් ඒ මොහොතේ ඓශ්වර්යා පවසලා තිබුණා කියල එම වෙබ් අඩවි වල සටහන්වෙලා තිබුණා.
නමුත් ඇය සියදිවි හානි කරගත් බවට පළවන එම පුවත් අසත්‍ය බව දැන් වාර්තාවෙනවා. එය වඩාත් තහවුරු වන්නේ මෝස්තර ශිල්පී මනිෂ් මල්හොත්‍රාගේ උපන් දිනයට සහභාගිවෙලා තිබීමෙන්.
ඒ වගේම ඓශ්වරයා සහ අභිෂේක් විවේකය ගත කිරීමට ඩුබායි ගිහින් කියලත් අපට ආරංචිවුනා.









0 comments