මහින්දගේ රැලියට ප්‍රියංකර ගියොත් දුව හිරේ.

ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කර ඇති පරිදි
මෙසේ බලපෑම් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රීක්කයේ සක්‍රිය දේශපාලනයේ
නියුතු ඔහුගේ බාල දියණිය වන සචිනී ජයරත්න මෙනවිය ඉලක්ක කර ගනිමිනි.
සිය පියා සිවිල් ගුවන් සේවා ඇමතිව සිටියදී
සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජාත්‍යන්තර සම්බන්ධිකරණ නිලධාරීනිය ලෙස
වැටුප් ලබා ගෙන ඇති ඇය, කිසිඳු දිනෙක රාජකාරියට වාර්තා නොකොට මුල්‍ය
අවභාවිතාවක් සිදු කිරීමේ චෝදනාව මත පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාය
(FCID ) විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම තත්වය තුල නුගේගොඩ රැළියට සහභාගී නොවන
ලෙස ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයට උපදෙස් දී ඇති මහින්ද රාජපක්ෂ මහතා,
සුදුසු වෙලාව පැමිණි පසු තමන් සමඟ ප්‍රසිද්ධියේ කටයුතු කරන ලෙස ඔහුට දන්වා
ඇති බවද වාර්තා වෙයි.
උපුටා ගැනීම - ශ්‍රී ලංකා මිරර්








0 comments