නව ගමනට දෙසතියයි..

දිවයිනපුරා ආවරණය සමඟ මාධ්‍ය ඉතිහාසයේ දැවැන්ත වෙනසට VOA සූදානම්..

මෙරට මාධ්‍ය ඉතිහාසයේ දැවැන්තම විප්ලවීය වෙනසට Voice of Asia මාධ්‍ය ජාලය සූදානම් බව එහි ප්‍රධාන විධායක නිළධාරී අජාස් සෆීක් මහතා පවසයි.

ඒ අනුව Voice of Asia මාධ්‍ය ජාලයට අයත් සියත FM,සියත TV,වර්ණම් FM,වර්ණම් TV,Real Radio සහ Kiss FM යන සියලු නාලිකා ඉදිරි දෙසතිය තුළ දිවයිනම ආවරණය කරයි.

ඒ හා සමඟාමීව සියලු නාලීකා වැඩසටහන් අන්තර්ගතය නව දැවැන්ත වෙනසකට ලක්වනු ඇත.

ඒ මහතා මේ අදහස් පළකළේ නව අවුරුද්ද වෙනුවෙන් Voice of Asia නාලීකා වැඩකටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් නාලීකා පරිශ්‍රයේ පැවති උත්සවකට සම්බන්ධ වෙමිනි.
 මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සියත TV නාලීකා ප්‍රධානී කැළුම් පාලිත මහීරත්න මහතා සඳහන් කළේ වොයිෂ් ඔෆ් ඒසීයා මාධ්‍ය ජාලය පිළිබඳව මේ වන විට රට තුළ විශාල කැලඹීමක් ඇතිවී ඇති බවයි
එම කැළඹීම ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

0 comments