හිරු අතහැර යන්නෑ රංගන කියයි

හිරු TV වෙතින් රංගන ද සිල්වා මහතා ඉවත්ව සියත සමඟ සම්බන්ධ වන බවට පසුගිය කාලයේ වෙබ් අඩවි වාර්තා කොට තිබුණි.

එහෙත් සිය Facebook ගිණුම ඔස්සේ ඒ පිළිබඳව ප්‍රේක්ෂිකාවක විමසූ පැනයකට පිළිතුරු දෙමින් රංගන ද සිල්වා මහතා මෙසේ සඳහන් කර තිබේ.

"නංගි මං ඉන්නේ ලංකාවේ දැවැන්තම media Network එකේ.
ඉතින් හිරු ගෙන් යන්නෙවත් ,යන්න කිසිම උවමනාවක්වත් නෑ..
ඒක බොරු කතාවක්.
විහිලුවක්."

මේ අතර සියත හා සම්බන්ධ වීමට තමන්ට ආරාධනා කිරීම පිළිබඳව රංගන ද සිල්වා මහතා තුළ බලාපොරොත්තුවක් පැවති බව හරි ගොසිප් වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි.

එසේ ආරාධනා නොකිරීම හේතුවෙන් රංගන මහතා ඒ පිළිබඳව විමසා ඇති බවද එය සියත විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි ද එම වෙබ් අඩවි වාර්තාවේ වැඩි දුරටත් සඳහන් කොට තිබේ. 


0 comments