SAITM තීන්දුව නිෂ්ප්‍රභ කරන්න-වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත්ව තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අද(13)  එම අභියාචනය ඉදිරිපත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මාලඹේ පෞද්ගලික  වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුවියක් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග  කළ අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 වනදා නියෝග කර තිබුණේ අදාළ වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට නීතිමය බාධාවක් නොමැති බවයි.

එමෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව සයිටම් ආයතනයට උපාධි පිරිනැමීම සඳහා නීතිමය බලයක් පවතින බව ද අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා සිටින්නේ අභියාචනාධිකරණය නිකුත් කළ නියෝග ක්‍රියාත්මක කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එමෙන්ම අදාළ නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.
 

0 comments