හිමාලයේ අතරමං වු පෙම් යුවලක් දින 47 කට පසු සොයා ගැනේ

දින 47 ක කාලයක් හිමාලයේ අතරමංව සිටි තායිවාන ජාතික පෙම්යුවලක් බේරාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, 21 හැවිරිදි තරුණයෙකු සහ 19 හැවිරිදි තරුණියක එලෙස බේරාගෙන ඇති බවයි.
ඔවුන් සොයාගෙන ඇත්තේ, නේපාලයේ දඩින් නැමැති ප්‍රදේශයෙන් වන අතර එය පොළොව මට්ටමේ සිට මීටර් 2600 කට වැඩියෙන් පිහිටා ඇති බව සඳහන්.
බේරාගනු ලැබු තරුණයා මේ වන විට කත්මණ්ඩු රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ බර කිලෝග්‍රෑම් 30 කින් අඩු වී ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.


0 comments