වෙසක් සතිය - ලබන 7 සිට 13 දක්වා
ලබන මස 12, 13, 14 යන දිනයන්හි පැවැත්වෙන වෙසක් දින සැමරුම් උළෙල සහ සමුළුවෙහි සමාරම්භක උත්සවය ලබන 12 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු බෞද්ධ රටවල විශේෂ නියෝජිතයන් රැසක් සහභාගී වීමට නියමිතයි.
එහි සමාප්ති උත්සවය මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ලබන මස 7 වනදා සිට 13 වනදා දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එම සතිය තුළ ද දීප ව්‍යාප්ත වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති බව සඳහන්.
එමෙන්ම දියවන්නා වෙසක් කළාපය ද දින 5 ක කාලයක් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය අසලදී පැවැත්වෙනවා.
අදාල වැඩසටහන්වල සංවිධාන කටයුතු පිළිබඳව ඊයේ පස්වරුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ලොව පුරා බෞද්ධ ජනතාවගේ සිත් සතන් පහන් වන අයුරින් සහ සම්බුදු දහමේ පණිවිඩය ලොවටම රැගෙන යමින් මෙම වැඩසටහන සංවිධාන කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
0 comments