"රජත" අහන්න, දකින්න ළඟදීම
IMN හෙවත් Intergrated Media Network හි #රජත_TV හා #රජත_FM නාලිකාවන්හි විකාශය නුදුරේදීම දිවයින පුරා ආවරණය සහිතව ඇරඹීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු මේ වන විට ඇරඹී ඇති බව ඉතා විශ්වසනීය ආරංචි මාර්ග පවසයි.
දැනට පවතින යාත්‍රා FM සතු 95.3 MHz ඔස්සේ රජත FM පැමිණීමට නියමිත අතර විකාශය අත්හිටවනු ලැබූ CSN නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ රජත TV පැමිණීමටද නියමිතය.
රජත TV පැමිණෙන සංඛ්‍යාත මෙසේය
¤ කොළඹ - UHF 22
¤ හුන්නස්ගිරිය - UHF 41
¤ ගොන්ගල - UHF 28
¤ කරගහතැන්න - UHF 32
¤ නායබැද්ද - UHF 30
¤ බදුල්ල - UHF 51
¤ සූරියකන්ද - UHF 56
¤ පිදුරුතලාගල - UHF 47
¤ කොකාවිල් - UHF 29
¤ යාපනය - UHF 30
ඒ අතරම රූපවාහිනී නාලිකාවට ප්‍රථම රජත FM ඉතා නූදුරේදීම එළිදැක්වීමට සූදානම් බවද වැඩිදුරටත් වාර්තා වේ.
#රජත සම්ප්‍රාප්තියේ සියළු තොරතූරු කාටත් කලින් දැනගන්න රැදෙන්න අප සමඟම...
(මෙහි පළකර ඇති ලෝගෝව රජත නිළ ලෝගෝව නොවන බව කාරුණිකව සලකන්න)
0 comments