යහපාලන ආණ්ඩුවේ පළමු මැතිවරණය ගැන රාජිතගෙන් ඉගියක්

යහපාලන ආණ්ඩුව මුහුණ දෙන පළමු මැතිවරණය ජනමත විචාරණයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එම ජනමත විචාරණය පැවැත්වෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

0 comments