දකුණේ තිස් දෙදහසකට වැසිකිළි නැහැ

මාතර  දිස්ත්‍රික්කයේ පිහිටි ජල මුලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ආයතන හා සම්බන්ධ වී මෙම ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගත යුතු බවත් දකුණු පළාත් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා පැවැති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදියි.
මාතර දිස්ත්‍රික්කයේ ජනතාව නිල්වලා ගඟේ ජලයෙන් පානීය අවශ්‍යතාව සපුරා ගන්නා නමුත් එම පානීය ජලයේ ගුණාත්මක භාවයට ගැන කිසිවෙක් සොයා නොබලන බවද අමාත්‍යවරයා කියා සිටියා. දෙනියායේ සිට මාතර නගරය දක්වාම නිල්වලා ගඟට එක්න අපද්‍රව්‍ය ප්‍රමාණය කොතෙක්ද කියා ගණන කරන්න බැරි තරම් බවත් අද වන විට දිස්ත්‍රික්කයේ ජල මූලාශ්‍ර සියල්ලම අපිරිසිදු වී ඇති බවද අමාත්‍යවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කියා සිටියේය.

0 comments