පෙම්වතියව තරුණයින් 6ක් සමඟ කෙළෙසා - මෝටර් රථයෙන් යටකර - බල්ලන්ට කන්න දැමූ නරුම පෙම්වතා

ආදරයක අවසානය ප්‍රතිඵලය විවාහය වුනත් - වෙන්වීම වුනත් එය විද දරා ගැනීමට ශක්තිය ධෛර්ය තිබිය යුතුයි. නමුත් වෙන්වීම කෝපයට හේතුවක් කරගෙන පෙම්වතියගෙන් කෲර විදිහට පළිගත් නරුම පෙම්වතෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වනවා.

පහුගිය 9 වැනිදා උදේ 7ට පමණ රැකියාව කිරීමේ අරමුණින් ඇය නිවසින් පිටත්ව ගියා.ඒත් එය ඇගේ දිවියේ අවසන් දිනය කියලා ඇය හිතුවේ නැතිව ඇති. වයස අවුරුදු 23ක් වූ මේ තරුණිය තම පුද්ගලික කරුණක් මත තමන්ගේ පෙම්වතාගෙන් වෙන්වෙලා තියෙනවා. ඊට ටික කාලෙකට පස්සේ ඇයත් එක්ක වෛරයක් ඇතිකරගත්තු හිටපු පෙම්වතා තමන්ගේ මිතුරන් 6දෙනෙකු සමඟ එම තරුණිය රැකියාවට යන වෙලාවේ පැහැරගෙන ගිහින් අමානුෂික ලෙස වදහිංසා දෙමින් දූෂණය කරලා තියෙනවා.

කරපු වැරැද්ද වහගන්න මේ නරුමයන් කරලා තියෙන්නේ මේ තරුණිය මෝටර් රථයකින් යටකර ඇගේ ශරීරය විනාශ කිරීමටයි. ඒත් පොලීසියට තියෙන බිය නිසා ඇගේ ශරීරයේ කොටස් දරුණු වර්ගයේ සුනඛයෙක්ට ආහාර සදහා ලබාදීලා තියෙනවා. අහස පොළව නුහුළව තරම් පව් වැඩකරපු මේ පුද්ගලයින් 7දෙනාගේ මේ අමානුෂික ක්‍රියාව පොලීසිය තම බුද්ධිමත් මොළයෙන් සොයාගත්තා. අපරාධය කළ නරුම තරුණයින් සොයාගත්තත් ඇගේ මවුපියන්ට හිටපු එකම දරුවා යළි ලබා දිය නොහැකියි.

ආදරය අහිමි වූ පමණින් ඇය හෝ ඔහුගේ ජීවිතය විනාශ කරන්න එපා කියන එකයි මනුස්සයන් වශයෙන් අපිට ඔබගෙන් ඉල්ලන් තියෙන්නේ.


 

0 comments