බුද්ධික ඇතුළු එජාප පිරිසකටත් ඇමැති ධූර - ශ්‍රීලනිපයේ අයට ප්‍රබල ඇමැති ධූර



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන නිල සංචාරය නිමවා පැමිණි වහාම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කරන බව රජයේ විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි මුදල්, මහාමාර්ග, පලාත් සභා හා පාලත් පාලන සහ ධීවර වෙනුවෙන් නව අමාත්‍යවරු පත්වනු ඇති බවත් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර අමාත්‍යවරුන්ට වැඩි වගකීම සහිත අමාත්‍ය ධූරයන් පිරිනැමීමට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් යෝජනා කර ඇති බවත් එම ආරංචි මාර්ග පැවසී ය.
මේ හේතුවෙන් එජාපයට ඇති වී තිබෙන කලකිරීම සඳහා අගමැතිවරයාගේ පාර්ශවය විසින් විශේෂයෙන්ම හරීන් ප්‍රනාන්දු, සුජීව සේරසිංහ, රංගේ බණ්ඩාර, හර්ෂ ද සිල්වා සඳහා වගකිය යුතු අමාත්‍ය ධූරයන් මෙන්ම මාතර දිස්ත්‍රික්ය නියෝජනය කරන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාටද නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට යෝජානා වී තිබේ.
එජාප ඇමති දෙපලක් ජනපති නිල නිවසේ
මේ අතර ජනපතිවරයා හමුවීම සදහා පසුගිය අගහරුවාදා උදෑසනම පැජට් පාරේ පිහිටි ඔහුගේ නිල නිවෙසට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු දෙදෙනෙක් පැමිණ ඇත.
ජනපතිවරයාට දීමට ඔවුන් අත පණිවිඩයක් ද තිබී ඇති අතර සිකුරාදා රාත්‍රී චීනය බලා පිටත්වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පැමිණෙන තෙක් කැබිනට් මණ්ඩල තනතුරු වෙනස සිදුකිරීම කල්දමන ලෙස ඔවුහු එහිදී ඉල්ලා තිබේ.

0 comments