මහ රැජිනගේ සැමියා රාජකාරී නිල වශයෙන් අවසන් කරයි
බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තවත් මාස දෙකක කාලයක් පොදු කටයුතු වල නිරත වන ලෙසයි.
ඒ අනුව 95 හැවිරිදි පිලිප් කුමරු අගෝස්තු මාසයෙන් පසුව මහජන කටයුතු සඳහා සහභාගී නොවනු ඇති.
91 හැවිරිදි දෙවන එලිසබෙත් රැජින 1952 වසරේ සිට මේ දක්වා එරට රාජ්‍යත්වය හොබවනවා.
මේ අතර, මහ රැජිනගේ සියළු කාර්ය මණ්ඩල නිලධාරීන් හදිසි රැස්වීමක් සඳහා බකිංහැම් මාලිගයට ගෙන්වා ඇති බවට අද වාර්තා වූවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ එරට පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් විසිරුවා හරිනු ලැබුවේ මහ රැජිනගෙන් ලද අවසරයක් මතයි.
ඒ අනුව ලබන මස 8වන දා මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
0 comments