තනි දළයාගේ පහරින් යාල ඇත්රජු මියයයි
මෙම ඇතුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුමකදී උදර ප්‍රදේශය තුවාල වීම හේතුවෙන්
තිලක් හස්තියා මියගොස් ඇති බවයි පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා
පවසන්නේ.
යාල වනෝද්‍යානයේ වාසය කළ වයස්ගතම හස්තියෙකු වන තිලක් අවුරුදු 50
ඉක්මවා සිටි අතර දුර්වල තත්වයේ පසුවිය. මේ නිසා තනි දළයාගේ පහරකෑමට ලක්ව
තිබේ. හස්තියාගේ මරණ පරීක්ෂණ කටයුතු ආනන්ද ධර්මකීර්ති මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බොහොමයක් වන අලින් මෙන්ම ඇතුන් අතර ගැටුම් ඇතිවීමට බලපාන හේතුන්
කීපයක් තිබේ. ඒ අතර ගැහැණු සතුන් ආකර්ශනය කරගැනීම සඳහා වැඩි වශයෙන් අලි
ඇතුන් අතර ගැටුම් ඇතිවන බවයි පශුවෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විජිත පෙරේරා
මහතා පෙන්වා දෙන්නේ. ඒ අනුව ශක්තිමත් සත්වයා දුර්වල සත්වයා පරාජය කර ගැහැණු
සතුන්ගේ ආකර්ශනය දිනාගැනීමට සමත් වේ.
රුහුණේ කඩොල් පරපුර
රුහුණේ ඇතුන් රුහුණු ගැටව් නමැති විශේෂයට අයත් වන අතර ඔවුන් වෙනත්
ප්‍රදේශවල ජීවත් වන ඇතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ. දුටුගැමුණු රජතුමා ලඟ
සිටි කඩොල් ඇතාද එවැනි කුරු ඇතෙකු බවයි ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වන්නේ.
නමුත් එම පරපුරේ ඇතුන් මේ වන විට රුහුණේ දක්නට ලැබෙන්නේ දස දෙනෙකුටත් වඩා
අඩු ප්රමාණයකි. ඒ අතර යාල ගැමුණු හා තිලක් මෙන්ම කපිල ඇතුන් ජනප්‍රිය වේ.
මේ ආකාරයෙන් විවිධ හේතුන් මත ඇතුන් මියයාම නිසා කඩොල් පරපුරේ ඇතුන්ගේ
අවසානය එළඹෙමින් පවතී.
2011 ශ්‍රීලංකා වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද සංගණනයට අනුව
ලංකාවේ සමස්ත ඇතුන්ගේ ගහණය 120 ක් පමණ වන අතර ඉනුදු ඇතුන් කීපදෙනෙකුම මේ
වනවිට මියගොස් තිබේ. රුහුණු ප්‍රදේශය ගතහොත් වර්තමානය වනවිට ඇතුන්
දසදෙනෙකුට පමණ සීමා වී ඇත.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
0 comments