ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට වැඩවර්ජනය කිරීම අසාධාරණයි
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'සයිටම් නොහොත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ
වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර 24 වැනිදා සාකච්ඡාවක්
පැවැත්වුනා. එහිදී ජනාධිපතිවරයා සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය විසින්
ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිපත්ති සහ යෝජනා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට
දැනුම් දී තිඛෙනවා. ඒ බව සෞඛ්‍ය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ විසින්
පුවත්පත් දැන්වීම් පළ කරමින් ජනතාව දැනුවත් කළා.'
'නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, වෛද්‍ය පීඨය කළමණාකරණය
කිරීම සදහා කළමණාකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම, රෝහලේ අයිතිය කොටස් වෙළඳපොලට
නිකුත් කිරීම, සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවීම, අවසන් විභාගය සමත්
වූ සිසුන්ට මාස 06 ක පුහුණුවක් ලබාදී සනාථන සභාව සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
විසින් පවත්වන විභාගයෙන් පසු වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරිම රජය විසින්
ප්‍රකාශයට පත් කර ඇති තීන්දු වෙනවා. මෙම ප්‍රතිපත්ති මාලාව ලබන අගහරුවාදා
කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලයෙන් සම්මත වූ පසු එය ගැසට්
කර ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. ඉන් පසු රෝහල රජයට පවරා ගැනීමෙන් සෞඛ්‍ය
සේවා කටයුතු සිදු කරනවා. එම ප්‍රතිපත්ති තමයි ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය
නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ. එය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ලෙස නිකුත්
කිරීමට ද එකඟත්වයට පැමිණ තිඛෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් නිකුත් කරන්න
කියලා කලින් කිවුවා නම් මෙවැනි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර අහිංසක රෝගීන්
අසීරුතාවයට පත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
වර්ජනයක් දියත් කර ඇත්තේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. එය අනවශ්‍ය
දෙයක්.'








0 comments