‘පාස්වර්ඩ්’ නොදී අධිකරණයට අපහාස කරලා

අර්ජුන් ඇලෝසියස් කොමිසමේ විමර්ශන සඳහා අවශ්‍යව ඇති විද්‍යුත් සන්නිවේදන උපකරණ හා / හෝ ඒවාට අයත් මුරපද (Password) යනාදී බුද්ධිමය දත්ත හෝ උපාංග කොමිසමට ලබා නොදීමෙන් අධිකරණයට අපහාස කිරීමේ සාපරාධී වරදක් (Contempt of Courts) සිදුකර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි කොමිසමේ විමර්ශන මෙහෙයවන ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (1දා) මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටියේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉහත අයැදුම කොමිසමට ඉදිරිපත් කරන ලද්දේ එකී කරුණු සම්බන්ධයෙන් දිගින් දිගටම කොමිසම හමුවේ සිදු කෙරුණු කරුණු දැක්වීම්වලින් අනතුරුව කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා එලෙස අයැදුමක් කරන ලෙස ඔහුට දැනුම් දීම අනුවය.
මෙම අයැදුම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමසා බලා සැලසී ඇති නීති ප්‍රතිපාදන අනුව එම නියෝගය නිකුත් කරන බව කොමිසමේ සභාපති ජේයෂ්ඨ ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතා අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ මහතාට දැනුම් දුන්නේය.
කමල් මහේන්ද්‍ර
වීරරත්න- mawbima
0 comments