මෙන්න අලුත්ම සොයාගැනීම…ගෑස් සිලින්ඩරයකින් පිසිය හැක්කේ ආප්ප 22යි..!
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකුම් සංවිධානයේ ලේකම් වෛද්‍ය සුගත් විජේවර්ධන මහතා ප්‍රකාශ කරනුයේ ඉහත සඳහන් මිල වැඩිකිරීමේ යෝජනාවලිය විධිමත් ගණන් බැලීම්වලට අනුව සලකන විට විහිළු සහගත එකක් බවය.රුපියල් 110කින් ඉහළගිය ගෑස් මිල මුල් කොට ආප්පයක මිල රු5කින් වැඩිකරන්නේ නම් ගෑස් සිලින්ඩරයකින් පිසිය හැක්කේ ආප්ප 22ක් පමණක් විය යුතු යැයි පෙන්වාදෙන ඒ මහතා ගෑස් මිල ඉහළ යෑමේ මුවාවෙන් මෙවන් ප්‍රෝඩාකාරී යෝජනා සමාජගත කිරීම බුද්ධිමත් ජනතාවගේ කළකිරිමට හේතුවන බව පැවසීය.
ඒ අනුව මෙරට පාරිභෝගිකයන් ආපනශාලා වලින් ආහාර ගැනීම කෙරෙහි පසුබෑමක් පවා ඇති විය හැකි බව පෙන්වා දෙන ඔහු මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටු කරනු පිණිස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීය වහා මැදිහත් විය යුතු යැයි පෙන්වා දෙයි.
0 comments