ලෝක ක්‍රිකට් කණ්ඩායමේ වැඩ පෙන්වූ තිසරට ලැබුනු තැන
එමෙන්ම ලෝක කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා පිතිකරු දර්ශකයේ ස්ථාන 16ක් ඉදිරියට පැමිණ 53 වන ස්ථානය හිමි කර ගත්තා.
ඊට අමතරව ඔහු පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 13ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
මේ අතර තිසර පෙරේරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන විස්සයි විස්ස ක්‍රීඩකයන් අතර 19 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.
ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 7 කින් ජයගැනීමත් සමඟයි තිසර පෙරේරා වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ.
එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 174 ක් රැස්කළා.
ලෝක කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේ නිරත වූ තිසර පෙරේරා සහ S Badree කඩුලු 2 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ ලකුණු 175 ක් රැස්කරමින් තරඟයේ ජයග්‍රහණය හිමිකරගත්තා.
එහිදී අවසාන පන්දුවාර 5ක් තුළ ලකුණු 63 ක් ලෝක කණ්ඩායමට ලබාගත යුතුව තිබුනා.
සිව්වන කඩුල්ලට පිටියට එක්වන තිසර පෙරේරාගේ වේගවත් ප්‍රහාරය සියල්ලන්ගේ දෑස් මවිත කළා.
ඔහු පන්දු 19 කදී ලකුණු 47 ක් රැස්කරන්නේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව පකිස්ථානයෙන් උදුරාගනිමින්.
එහිදී ඔහුගේ පිත්තෙන් පිටිය සිසාරා දැවැන්ත හයේ පහර 5 ක් එල්ලකලා.
ඒ වනවිටත් පිටියේ ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩාකරමින් සිටි අම්ලා ලෝක කණ්ඩායමේ ජයග්‍රහණයේ අනෙක් නියමුවායි.
ඔහු පන්දු පන්දු 55 කදී ලකුණු 72 ක් රැස්කරගත්තා.
ඒ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින්.
0 comments