2018 දී සෞරග්‍රහ මණ්ඩලයේ පථය හරහා යන ආගන්තුක ආකාශ වස්තුව
නාසා ආයතනයේ ආසන්න ග්‍රහවස්තු අධ්‍යයන ඒකකයේ කළමනාකරු පෝල් චෝඩාර්ස් මහතා පවසන්නේ මෙවැනි ආගන්තුක වස්තුවක් නිරීක්ෂණය කිරීමට දශක ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයින් අපේක්ෂාවෙන් සිටි බවයි. විද්‍යාඥයන් පවසන්නේ එය සෞරග්‍රහ මණ්ඩලයට ඉහළින් ලම්භක ගමන් මාර්ගයකින් පැමිණෙමින් තිබෙන බවයි. එහි ගමන් මාර්ගය බහුවලයික කක්ෂයක් ලෙස තාරකා විද්‍යාඥයන් හදුන්වනවා. මෙම ග්‍රහ වස්තුව හේතුවෙන් සෞරග්‍රහ මණ්ඩලයේ කිසිදු ග්‍රහලෝකයකට බලපෑමක් සිදු නොවන බවද ඔවුන් පවසයි.
මෙය 2018 සැප්තැම්බර් 02දා බුද ග්‍රහයාගේ කක්ෂයට ඇතුලතින් සෞරග්‍රහ මණ්ඩලයේ පථය හරහා ගමන් කරනු ඇත.සැප්තැම්බර් 09 දා එය සූර්යයාට වඩාත් සමීප වන අතර සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් හැරී පෙගසස් නමැති තාරකා මණ්ඩලය වෙත ඉලක්කගත වී ගමන් කරනු ඇතැයි විද්‍යාඥයෝ දැනට විශ්වාස කරන්නේ.
කෙසේ වෙතත් මෙම ආගන්තුක වස්තුව සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගමන් කර අතුරුදන්වීමට පෙර මේ සම්බන්ධ හැකිතාක් පර්යේෂණ කර දත්ත රැස්කරගැනීමට ද විද්‍යාඥයෝ බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් වේ.
0 comments