අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගෙවෙන ජීවිතය
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station – ISS) කියන්නේ මිනිසා විසින් අභ්‍යවකාශයට යවපු සංකීර්ණ, විද්‍යා සහ ඉංජිනේරු ශිල්පයන්ගේ විභූතිය කියාපාන සුවිසල් නිර්මාණයක්. පෘථිවියේ සිට කි.මී. 400ක් පමණ ඉහළින් කක්ෂගත කර ඇති මෙම අභ්‍යාවකාශ නිවහනක් බඳු කෘත්‍රීම චන්ද්‍රිකාව අභ්‍යවකාශ පමණක් නොව පරිසර සහ භූ විද්‍යාත්මක පර්යේෂණයන් සඳහා ද ඉහළ අහසේ සිට පෘථිවි තලයට දායක වෙනවා. ඒ වගේම අභ්‍යාවකාශයේ රැඳී සිටිමින් පිටත අවකාශය සහ පෘථිවිය අතර සම්බන්ධතාවය ඇති කරමින් ඉන් එපිටට තවදුරටත් ගවේෂණයන් සඳහා සහාය වන නවාතැන් පළක් වශයෙන් මින් ඉටුවන කාර්යයභාර්යය මෙතෙකැයි කියන්නට බැහැ.
IS මධ්‍යස්ථානය තත්පරයට කිලෝමීටර් 7.67 තරම් වේගයෙන් පෘථිවිය වටා භ්‍රමණය වෙමින් එය විනාඩි 92.65ක්, එනම් පැය එකහමාරකදී පමණ පෘථිවිය වටා කක්ෂීය ගමන සම්පූර්ණ කරනවා. කාමර පහක නිවසක් තරම් විශාලත්වයක් දරන මෙය පෘථිවියේදී බරින් ටොන් 412ක් පමණ වනවා. 6 දෙනෙක්ට එකවර විසිය හැකි එහි නානකාමර දෙකක්, ව්‍යායාම් ශාලාවක් සහ විශාල ජනේලයක් තිබෙන අතර ඇමරිකාව, රුසියාව, ජපානයේ සහ යුරෝපීය විද්‍යාගාරයන් ද එහි අඩංගු කර තිබෙනවා.
සැකසූ හැටි
අද තිබෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකවරම අහසට නැගූවක් නොවෙයි. ඒ සඳහා 40වරකටත් වැඩි වාර ගණනක් රොකට් අභ්‍යවකාශගත කරන්නට සිදුවුණා. මෙය සකසන්න ප්‍රථමයෙන්ම කටයුතු ආරම්භ කළේ 1998 වර්ෂයේදී යි. රුසියාවට අයත් ස’රීයා (Zarya) නමැති මොඩියුලය සකසා රුසියාවේම ‘ප්‍රෝටෝන්’ නමැති රොකට්ටුවකින් යවනු ලැබ කක්ෂ ගත කෙරුණා. ඊට සති දෙකකට පසු ඇමරිකාවේ එන්ඩෙවර් ෂටලය ඒ වෙත ගොස් යුනිටි (Unity) යන නෝඩය සකස් කෙරුණා. රාස්වෙට් මොඩියුලය හැර ඉන් අනතුරුව මෙසේ යවන ලද කොටස් යාන්ත්‍රිකව එකිනෙක සබඳනු ලැබුවේ මුල් කොටස කක්ෂගතව තිබියදී ම යි. මෙම ඇමරිකාවේ අභ්‍යවකාශ ෂටල භාවිතයෙන් ඉතිරි මොඩියුල යවනු ලැබුවා. ඒවා සබඳන්නට මානව සහාය අවශ්‍යවූ නිසා කාර්මික ශිල්පීන් ද එම ෂටල වලම අභ්‍යවකාශගත කෙරුණා. මේ ආකාරයට වසර දෙකක් ගත වෙද්දී විවිධ කොටස් එක් කරමින් ISSහි මිනිසුන්ට ජීවත් විය හැකි ආකාරයට පත් කළ අතර 2000 වර්ෂයේ නොවැම්බර් 2වැනිදා ප්‍රථම මිනිසුන් කණ්ඩායම ඒ වෙත යැවුණා. 2011 ජුනි මාසය වන විට මොඩියුල 159ක් පමණ අභ්‍යවකාශයේදීම පැය දහසක් පමණ කාලයක් ගත කරමින් එකලස් කොට අවසන් කෙරුණා.කාර්ය මණ්ඩල ප්‍රමාණය

pindex.com
අභ්‍යවකාශ වාර්තාවක්

එන්ඩෙවර් ෂටලය (වම් පසින්) ISS වෙත සබඳා ඇති ආකාරය (woondu.com)
හය දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමත් සමග අභ්‍යවකාශ මධ්‍යස්ථානය විවිධ ගවේෂණ සඳහා විශාල පහසුකමක් සලසන අතර ත්‍රිමාණ මුද්‍රණය, ස්වයංක්‍රීය පෘථිවි සිතියම්ගතකරණය, ලේසර් සන්නිවේදනය, කුඩා ප්‍රමාණයේ කෘත්‍රීම චන්ද්‍රිකා යැවිය හැකි ස්ථාන එයට පසුකාලීනව එක් කරනු ලැබුවා. මේවායින් සමහරක් එහි සිටින කණ්ඩායම විසින් ම පාලනය කරන අතර අනෙක්වා පොළොවේ සිට ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අතරතුරේම මෙහි මාස ගණන් කාර්යයේ නියුතු අයගේ සෞඛ්‍ය තත්ත්ව පරීක්ෂණයන් ද අඛණ්ඩව සිදු කෙරෙනවා.
තමා හිසට තම අතමය අහසේදී පවා

boeing.com
පිළිසකර කිරීම් සඳහා පිටතට යාමත් ලේසි පහසු දෙයක් නොවෙයි. මෙසේ ගිය එක් අජටාකාශගාමියෙකුට 2013 වර්ෂයේදී මරණීය අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ, ඔහුගේ විශේෂිත ඇඳුමේ සිදුවූ ජල කාන්දුවක් නිසා හෙල්මට් එක ජලයෙන් වැසී යන්නට පටන් ගැනීමත් සමඟයි. වාසනාවට ඔහු එම අවස්ථාවේදී අනූ නවයෙන් බේරුණත් එයින් පසු නාසා ආයතනය එවන් දෑ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙමින් අජටාකාශ ඇඳුම් සකසනු ලබනවා. එසේම රොබෝගාමීන් හෙවත් ඇණ තදකිරීම්, භාණ්ඩ ගෙනයෑම් වැනි දෑ කළ හැකි පිළිසකර කිරීමේ රොබෝවරු එම කාර්යයන් සඳහා යොදා ගැනීමට ඔවුන් අවධානය යොමු කළා.

SpaceX සමාගමේ Dragon යානා (spacex.com)
ISSහි ක්‍රියාවෙහි නියුතු අයට ඇමරිකාවේ හූස්ටන් සහ රුසියාවේ මොස්කව් නගරවලින් මෙන් ම ජපානය, කැනඩාව යන රටවල් වලින් සහ යුරෝපීය කලාපයෙන් ලැබෙනවා. ඊට අමතරව තනිවම ISS පාලනය කිරීමේ හැකියාව හූස්ටන් සහ මොස්කව්හි ඇති මෙහෙයුම් පාලන මැදිරිවලට තිබෙනවා.
අරමුදල් අවසන්වූ වහා පැසිෆික් මුහුදට
නාසාහි හිටපු ප්‍රධාන විද්‍යාඥවරියක් වන එලන් ස්ටොෆාන් පවසන්නේ “ISSහි ඉදිරි පැවැත්ම නාසා ආයතනයට මහත් ගැටලුවක් වෙනවා. මෙයට ලැබෙන අරමුදල් 2024 පමණ වනතෙක් ප්‍රමාණවත් වුණාට ඊට පස්සේ අනිවාර්යයෙන්ම අඟහරු වෙත මිනිසුන් යැවීමේ කටයුතු ඇරඹිය යුතු වෙනවා.”“අපි එය 2024 වනතෙක් පූර්ණව මුදල් යොදවලා පවත්වා ගත්තත් එයින් අඟහරු මෙහෙයුම්වලට වෙන් කළ යුතු මුදල් ද භාවිතා කරනු ඇති අතර 2028දී ISSහි බහින කලාව පටන් ගන්නවා. ඒ නිසා ෆුට්බෝල් පිටියක් විතර මෙය පැසිෆික් සාගරයට අතහැරීමටයි අදහස් කරන්නේ.” ඇය වැඩිදුරටත් පවසනවා. ඒ අනුව, මෙහි ඇති ඉන්ධන ටැංකි සහ අනිකුත් දෑ ඉහළ අහසේ පුපුරද්දී ඒ අවට අයට අහසෙහි මල් වෙඩි සංදර්ශනයක් වැනි යමක් දිස්විය හැකියි. ඔබට මොහොතේ එය තිබෙන ස්ථානය අනුව පෘථිවියේ සජීවී දසුන් ඉහළ වීඩියෝවෙන් සහ තවත් ඒවායෙන් නැරඹිය හැකියි.
ඉන් අනතුරුව ඔවුන්ගේ සැලැස්ම වන්නේ සඳ වටා කක්ෂගත කරන ලද අතරමැදි මෙහෙයුම් මධ්‍යස්ථානයක් සකසා එය භාවිත කරමින් අඟහරු වෙත පා නැගීමට එහි සිට කටයුතු ආරම්භ කිරීමයි. ඉතින් ඒ දවස අපිට දකින්නට ලැබේවිද?









0 comments