මඩකළපු මුහුදෙන් සර්පයෝ මතුවෙති 2004 සුනාමියට පෙරත් මේ දේම වුණාලු


මඩකළපුව - නාවලඩියේ ධීවර රැකියාවේ යෙදුණු සියලුම ධීවරයන්ගේ දැල්වල සර්පයන් පැටලී ඇති නිසා ජනතාව අතර බියක් මතු වී ඇත.මෑතක සිට මුහුද රළු වීම නිසා ජනතාව දැඩි අපහසුතා මැද ජීවන රටාව ගෙන ගිය අතර කාලගුණ විපර්යාසයක් සිදු වී ඇතැයි ජනතාව අතර බියක් මතුව තිබේ.
පසුගිය සුනාමි කාලයේද මඩකළපුව මුහුදෙන් මෙසේ විශාල වශයෙන් සර්පයන් මතු වීම ගැන අදත් ජනතාව අතර බියක් පවතී.
විශාල වශයෙන් මෙසේ සර්පයන් මතු වන්නේ මන්දැයි සොයා බලා පියවරක් ගතයුතු බව ප්‍රදේශයේ ජනතාව සඳහන් කරති.

By mawbima
2017-12-04
මඩකළපුව - ජවුෆර් ඛාන්

0 comments