ආමි කොල්ලෙක් නිසා මෙන්ඩව එලවන්න හොර ප්ලෑන් ගහපු ක්‍රිකට් කාපර්ලගේ හොර වැඩ එලියට


කලාකරුවන් කිහිප දෙනෙක් පසුගිය යුධ සමයේ හමුදාවට බැඳී කටයුතු කිරීම පිළිබඳව මේවනවිට කතාබහට ලක්ව තිබෙනවා. මේ පිළිබඳව වන ආරක්ෂක අමාත්‍යංශයේ ලිපියක්ද සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබුණා.
කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යංශයෙන් මෙලෙස පැරණි රහස් ගලා යද්දි මුලු රටම ආන්දෝලනයට පත් කරන ආරක්ෂක අමාත්‍යංශයට අයත් තවත් ලිපියක් පිටව තිබෙනවා.
එනම් එවකට යුධ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් සිවු දෙනෙක් විසින් එක්ව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියකි.
මෙහිදි මෙම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සිවු දෙනා පවසා තිබුනේ එවකට යොවුන් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කරන ලෙසයි, එයට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුනේ අජන්ත මෙන්ඩිස් යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය ක‍රන, යුද හමුදාවේ නිල ලත් සෙබලෙක්ද වන නිසා, යුද සෙබලෙක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.
මේ අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට ප්‍රථම පුහුණු සැසි සදහා සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු අත්සන් කළ සමයයි.
අජන්ත මෙන්ඩිස් හමුදා සොල්දාදුවෙක්ද වන නිසා LTTE ත්‍රස්තයන්ගෙන් හො දෙමළ ඩයස්පෝරාවෙන් කණ්ඩායමට එල්ල විය හැකි ප්‍රහාරයක් නිසා මෙලෙස අජන්ත මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කරන ලෙසට මෙම ක්‍රීඩකයන් සිවුදෙනා ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් තිලකරත්න දිල්ශාන් මෙම ඉල්ලීමට දැඩිව විරුද්ධවී තිබීම විශේෂත්වයකි, සිය සගයන්ට එරෙහිව නියම ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිල්ශාන් සිය යොවුන් ක්‍රීඩකයා ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව තිබීම ගරු කළ යුතු කරුණකි.
කෙසේ වෙතත් මොවුන්ගේ ඉල්ලීම දැඩිව විවේචනය කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා අජන්ත මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් නොකරන බවට පවසා තිබෙනවා.
ඉන් පසුව අජන්ත මෙන්ඩිස්ට පුහුණු වීමට ඉඩක් නොතබන මෙම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්, සිය අවශ්‍යතා සදහා අතරමැදියෙක් ලෙස අජන්ත මෙන්ඩිස් යොදාගෙන ඇත. හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු ගේ දිවා ආහාරය රැගෙන ඒම පවා අජන්ත මෙන්ඩිස් ලවා සිදු කර තිබෙන්නේ දිල්ශාන්ගේ විරෝධය මතය.
මේ පිළිබදව සිය බුද්ධි ඒකකය මගින් දැන ගන්නා එවකට ආරක්ෂක ලේකම්වරයා, තමා විසින්ම මැදිහත්ව එම ක්‍රියාද නවතා තිබෙන බව සදහන්, ඉන්පසුව ජාත්‍යන්තර වරම් දිනා ගන්නා අජන්ත මෙන්ඩිස් එවකට ජාත්‍යන්තර හොදම පන්දු යවන්නා වන්නේ බොහෝ වාර්තාද බිද දමමින්, එදා එම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ බසට අවනතව ආ‍රක්ෂක ලේකම් වරයා අවනත වූවා නම්  2008 ආසියා කුසලානය ඇතුලු බොහෝ ජයග්‍රහන ශ්‍රී ලංකාවට නොලැබි යාමට තිබුණි.
කෙසේ වෙතත් එදා අජන්ත මෙන්ඩිස් කඩුලු ගෙන තරග දිනවද්දි සංගාලාට, මහේලලාට, මුරලි ලාට, සනත්ලාට පොළව පලා ගෙන යාමට සිතුනා දැයි අප නොදන්නෙමු, නමුත් අජන්ත ආරක්ෂා කළ දිල්ශාන්ට නම් සියුම් ආඩම්බරයක් දැනෙන්නට ඇත.
තිලකරත්න දිල්ශාන් නායකත්වය ලැබු පසු ඉන් ජ්‍යේෂ්ඨයන් ලෙස සිටි දෙදෙනෙක් ඔහුට සහය නොදුන් අතර එම වෛරයටද මූල බීජය වී ඇත්තේ ඔවුන්ගේ මෙම ක්‍රියා සමග දිල්ශාන් එකග නොවීමයි, කෙසේ වෙතත් සිදුවීම නම් ගම් රහිතව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාධ්‍ය පවා වාර්තා කර තිබෙන අතර මෙම දෙදෙනාගෙන් තවමත් පිළිතුරක් ලැබී නොමැති වීම විශේෂත්වයකි.
මේ අතර සිදුවීම පිළිබදව ඊයේ (09) හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් කොළඹ පැවති උත්ස්වයකදී මාධ්‍යය විමසුවිට සිනහා සෙමින් ඔහු පිළිතුරු දුන්නේ ” මොකටද පරණ කුණු අවුස්සන්නේ ලෙසය.

0 comments